ජල සම්පත රකින්න අප සූදානම්ද ? 


ලෝක ජල දිනය අද (22) ට යෙදී තිබේ. වසරින් වසර විවිධ දැක්ම මූලික කරගනිමින් අප මේ දිනය සංකේතාත්මකව සැමරුව ද ලොව ජීවත්වන ජනගහනයෙන් මිලියන 663ක් පානය කරන ජලය පිරිසුදු මෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ද නොවේ. මේ හේතුව හට ගන්නා රෝග වලින් වාර්ෂිකව මිය යන සංඛ්‍යාව 842,000ක් පමණ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 

2015 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරන ලද තිරසර සංවර්ධන ඉලක්ක (SDG) අනුව වර්ෂ 2030 වන විට සැමට සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ලබාදීමේ ඉලක්කය කරා ළඟාවීමට අවශ්‍ය උපායමාර්ග ගැන අප කතාකළ ද තවමත් අපේ හිස හා හදවත ඒ වෙනුවෙන් නිර්මාණය වී තිබෙනවාද ? 

‘‘කිසිවෙකු අත්නොහැර‘‘ යන්න මෙවර ලෝක ජල දිනයේ තේමාව වී තිබේ. ‘‘ඔබ කවුරුන් වුවද, ඔබ කොතැනක සිටියද ජලය ඔබේ අයිතියයි‘‘ යන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර ලෝක ජල දිනය වෙනුවෙන් අවධාරණය කරන ලද ප්‍රධානතම කරුණ වී වේ. 

මෙරට තුළදී ජලය හා සම්බන්ධ ප්‍රධාන ගැටළු ද්විත්වයක් දක්නට ලැබේ. එනම්, ජල දූෂණය සහ ජල හිඟයයි. මෙම ගැටලු දෙකට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ රටවැසි ජනතාවමය. ජල දූෂණය ගැන සඳහන් කරන විට ජලය දූෂණය කරන ප්‍රධාන ආකාරය වන්නේ විවිධ අපද්‍රව්‍ය ජල මාර්ගවලට මුදාහැරීම බව මනාව නිරීක්ෂණය කළ හැක. මේ සටහනේ පළවී තිබෙන්නේ කොළොන්නාව, මීතොටමුල්ල ආසන්නයේදී ලබාගත් ඡායාරූප කීපයකි, අප විසින්ම ජලය දූෂණය කර පෙරළා නැවතත් උපද්‍රව ඇතිකරගැනීමට අප බලා සිටින ආකාරය මේ ඡායාරූප වලට යටින් දිවෙන පණිවිඩයයි.  

ජල දූෂණය ඉදිරියේදී ඇතිවිය හැකි දැවැන්ත පාරිසරික අර්බුදයක පෙර නිමිත්තක් පමණි. 



ජලය අපේ සම්පතයි ? 







ඡායාරූප - රුවන් මීගම්මන