සාමය හා සංහිදියාව ප්‍රවර්ධනය වෙනුවෙන් තාරුණ්‍යය සවිබලගැන්වේ



ශ්‍රී ලාංකික ජනතාව දශක තුනකට අධික කාලයක් පීඩාවට පත් කළ සිවිල් යුද්ධය අවසන් වු පසු ශ්‍රී ලංකා ආණ්ඩුව සහ අනෙකුත් සිවිල් සංවිධාන රාශියක් සාමය ගොඩනැංවීම හා සංහිඳියා ක්‍රියාවලිය ප්‍රවර්ධනය වෙනුවෙන් උරදී සිටිනු පසුගිය වසර කිහිපයේදී දැකගත හැකිවිය. මෙහිදී සමාජ පන්ති, ආගම්, වර්ග භේදයකින් තොරව බිම් මට්ටමෙහි ජනයා වෙත සාමය සහ සංහිදියා යාන්ත්‍රණය පිළිබඳ දැනුම, කුසලතා සහ ආකල්ප සම්ප්‍රේෂණය කිරීම ප්‍රමුඛ අභිලාෂය වු බව පෙණිනි. මානව අයිතිවාසිකම්, නිදහස, සාමානාත්මතාවය, නීතිය, සාධාරණත්වය ආදී සාමය ගොඩනැංවීමේ ජාතික ක්‍රියාවලියට අදාල තේමාවන් සාකච්ඡාවට බදුන් වුවද තවමත් අප රටෙහි ජනතාව නිසිලෙස එම ක්‍රියාවලියට අනුගත වී ඇතිදැයි සැක සහිතය.






භෞතික සංවර්ධනය අතින් ශ්‍රී ලංකාව යම් සංවර්ධනයක් ලඟා කරගෙන ඇති නමුත් සාමය සහ සංහිඳියාව ගොඩනැඟීමේ යාන්ත්‍රණයේ සාර්ථකත්වය ළඟාකර ගත් බවක් පෙනෙන්නට නැත. වර්තමානය වන විට අප මුහුණදී සිටින උද්ධමනය, රුපියලෙහි අවප්‍රමාණය, දේශපාලන අස්ථාවරත්වය ඉතිහාසයේ දරුණුතම ආර්ථීක කඩාවැටීම හා ජාත්‍යන්තර මැදිහත්වීම් ශ්‍රී ලංකාව සංවර්ධන හා මුල්‍ය දර්ශක තුල දැවැන්ත පසුබෑමකට ලක්කොට ඇත. මෙකී බොහෝ ගැටළු වලට ප්‍රධානතම හේතුව මෙරට ජනතාව දේශපාලන සවිඥානික බවින් තොරවීම බව මේවා ගැඹුරින් අධ්‍යනය කරන්නෙකුට වැටහෙයි. ඒ අනුව තරුණ දේශපාලන සහභාගීත්වය සහ සවිඥානික බව එකී ගැටලුවලට සාර්ථක විසඳුමක් වනු ඇත.









මේ වන විටත් සමාජ මාධ්‍ය ජාලාවන්හි තරුණයන්ගේ පිබිදීමක් දැකගත හැකිවුවද කොළඹින් බැහැර තරුණයන්ගේ දායකත්වය ඉතාම අවම මට්ටමක පවතී. කොළඹින් දුර බැහැර සිටික බොහෝ තරුණ තරුණයින් සහ තරුණ සංවිධාන මේ පිළිබඳ උනන්දුවක් දක්වන නමුත් ඔවුනට ඒ සඳහා අනුග්‍රහය සහ අවස්ථාව නොමැතිවීම ශෝචනීය කරුණකි.






මෙම හිඩැස හඳුනාගත් සාමය සඳහා වු ජාත්‍යන්තර තරුණ සන්ධානය (International Youth Alliance for Peace – IPAP) ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අනුග්‍රාහකත්වයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ තරුණ තරුණයින් වෙනුවෙන් සාම තානාපති නායකත්ව පුහුණු වැඩසටහනක් (Peace Ambassador Leadership Programme – PALP) දින පහක වැඩසටහනක් ලෙස සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ‘Active Citizens’ වැඩසටහනෙහි ආකෘතිය අනුව සැකසුණු පුහුණු වැඩසටහනකි. Active Citizens වැඩසටහන බ්‍රිතාන්‍ය කවුන්සිල සාමාජික රටවල සිවිල් ක්‍රියාකාරී සංවිධාන සමඟ හවුල්කාරීත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබන ගෝලීය ප්‍රජා නායකත්ව සංවර්ධන වැඩසටහනකි.









ගාලු දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සියලු වර්ග, කුල, ආගම්, භාෂාවලට අයත් තරුණ තරුණියන් පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගි වු අතර, එකී තරුණයින් අතර දකුණු පළාත් බිහිරි සංගමය නියෝජනය කරමින් ශ්‍රව්‍යාබාධිත තරුණයන් සිව්දෙනෙකු සිය සහභාගීත්වය ලබාදීම ද විශේෂත්වයකි. මෙහිදී සාමය හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාශීලීව තරුණයන් පෙළගැසිය යුතු ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් ක්‍රියාකාරකම් ඇසුරින් සාකච්ඡා කෙරිණි.













වසරක වැඩසටහනක මුලික පියවර ලෙස අවසන් කළ මෙම තරුණ තරුණයින් තවත් වසරක කාලයක් මෙම තේමාව පිළිබඳ නිසි පුහුණුවක් ලබාගනු ඇත. එම පුහුණුව මෙම තරුණයින් සිය අවසාන අරමුණ ඉටුකර ගනු වස් ක්‍රියාශීලි දායකත්වයක් සැපයීම වෙනුවෙන් මෙහෙය වනු ඇත. අවසානයේදී ඔවුන් තුළ ක්‍රියාකාරී පුරවැසියෙකු මතු කරවීම වෙනුවෙන් ඔවුන්ගේ චින්තනය, ක්‍රියාව හා සාමකාමී දේශයක් ගොඩනැඟීමේ ආශාව පෙළඹවනු ඇත.










මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට සම්බන්ධ වන්න






https://www.facebook.com/IYAP.org 






https://www.instagram.com/iyap_org






https://twitter.com/iyap_org






https://twitter.com/iyap_org