මහාචාර්ය රොහාන් ගුණරත්න කන්නන් ඉතා උසස් ව්‍යාපාරිකයෙක් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට රැගෙන ගිය හැටි |
ඔහුගේ නම කන්නන්ය. ඔහු කොටි සංවිධානයට සම්බන්ධවන්නේ 80 දශකයේ මුල් භාගයේදීය. ඉන් පසු එංගලන්තයට යන ඔහු කොටි සංවිධානයට මුදල් එකතු කිරීමේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන්නේය. ඊට අමතරව හෙතම මිනිස් ජවරමේද නියැළුණි. 2009 කොටි සංවිධනය පරාජය වීමත් සමඟ ඊට යළි පණ දීම සඳහා කැපවන හෙතම නෙදියවන්ගේ මාධ්‍ය කටයුතු භාරව කටයුතු කරනු ලබයි.
එසේ කටයුතු කරණ හෙතම හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණේ. කිසිඳු හිරි හැරයක් නොමැතිව තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර වැලි හැරීමේ ජාවාරමේ යෙදෙයි.
ඔහුගේ නම කන්නන්ය. සෙල්වා සහ ඌපන් ලෙසද ඔහු හඳුන්වනු ලබයි. මොවූ ලංකාවට ගෙන එනු ලබන්නේ සිංගපූරුවේ සිටින මහාචාර්ය රොහාන් ගුණරත්න විසිනි. ඔහුට ගෞරවනීය පිළිගැනීමක් ලබාදෙන හෙතම වරක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවති රැස්වීමකට ඔහු ප්‍රධාන ආරාධිතයා කරනු ලබයි. කොටියා එහි ගොස් පොල් තෙල් පහන පවා දල්වන්නේය. එසේම මොහු කොළඹ පැවති ආරක්ෂක අමාත්‍යංශය සංවිධානය කරනු ලැබූ ආරක්ෂක සම්මන්ත්‍රණයටද සහභාගී වේ.
ඉන් පසු යාපනයට යන ඔහු ආරක්ෂක ලේකම්වරයාගේ මඟ පෙන්වීම යටතේ වැලි හැරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරයි. මේ වන විට නෙයිතල් වැලි විකිණීමේ මධ්‍යස්ථානය ලෙස නම් කරනු ලැබූ කඩයක් මොහු යාපනයේ පවත්වාගෙන යනු ලබයි.
නෙයිතල් යනු මුහුදු කොටින් මුහුද සම්බන්ධ ව්‍යාපාරික කටයුතු කිරීමේදී යොදා ගත නම වේ.
මේ වන විට රාජපක්ෂගේ ඉතා කිට්ටු හිතවතෙකු වී සිටින මොහු, රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය තුළ මනා මැදිහත් වීමක් කළ අයෙකි. සුසිල් ප්‍රේමජයන්ත මීට සති කිහිපයකට පෙර යාපනයේ ගොස් රැස්වීමක් පවත්වනු ලැබුවේද ඔහුගේ කාර්යාලය යැයි නම් කළ ස්ථානයේදීය .
මැතිවරණය පැවැත්වීමට තවත් පැය කිහිපයකි. රාජපක්ෂ ලොකු කොටින් මෙන්ම පොඩි කොටින්ද තමන්ගේ දේශපාලන වාසී වෙනුවෙන් හුරතල් කරන්නේ මේ ආකාරයෙනි.
පොලිස් නිලධාරීන් මෙන්ම ඇතැම් සැබෑ ආත්මගරුත්වයක් ඇති හමුදා නිලධාරීන් මෙම කන්නන් නමැත්තා අත්අඩංගුවට ගැනීමට ගියද එම සෑම උත්සහයකම පෙරකී මහාචාර්ය වරයා මාර්ගයෙන් වලක්වා ලීමට ඔහු සමත් විය. ඊට රාජපක්ෂ වරුන්ද මනා පිටිවහලක් ලබා දෙමිනි සිටිති.