උපුල් ජෝශප් ප්‍රනාන්දු
ඒ කාලේ, මේ කියන්නේ ජේ.ආර්. ජනාධිපති වුණ කාලයේ ශ්‍රී ල.නි.ප. නිල පුවත්පත "දිනකර" හෝ කොමියුනිස්ට් පක්‍ෂයේ 'ඇත්ත' පත්තරය පෙරළලා බැලුවොත් ජේ.ආර්.ගේ ආණ්ඩුවට එරෙහිව හඬ නඟන හිමි නමකගේ කතාවක් තිබුණා නම් ඒ සෝභිත හිමිගේ කතාවය. ජේ.ආර්.ගේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව සෝභිත හිමි රටේ අස්සක් මුල්ලක් නෑර ගොස් පවත්වපු කතාවලින් දිනකර, ඇත්ත වැනි විකල්ප පුවත්පත් පිටු පිරී තිබිණි.
විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව හඬ නඟන ඒ කාලයේ සෝභිත හිමි තරුණය. විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව සෝභිත හිමි හඬ නඟද්දී එකල ප්‍රබලම ඇමැතිවරු වූ ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක විධායක ජනාධිපති ක්‍රමය සහිත 1978 ව්‍යවස්ථාව හදන්න ජේ.ආර්.ට නීති උපදෙස් දී ජේ.ආර්.ගෙන් පසු විධායක ජනාධිපති පුටුවේ වාඩි වන්න හීන මවමින් සිටියහ. විධායක ජනාධිපති ක්‍රමයේ ආරක්‍ෂකයන් වූ ඔවුන් සෝභිත හිමිව දුටුවේ හතුරෙක් ලෙසය.1991 දී ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කොට විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව පාරට බහින විට ලලිත්ට සහ ගාමිණීට පිරිත් නූලක් බඳින්න හිමිනමක් හිටියා නම් ඒ සෝභිත හිමිය.
1993 අප්‍රේල් මස ලලිත් ඇතුලත්මුදලි ඝාතනය වූ විට අවමඟුල් උත්සවයේ ගුණකථනය කරන්න ආරාධනා කරන්න ගාමිණී සහ ශ්‍රී ල.නි.ප.යේ නායකයන් ගියේ සෝභිත හිමි ළඟටය. දස දෙසින් කඳුළු ගෑස් ගහපු එම අවමඟුලේදී සෝභිත හිමි කතා කළේත් විධායක ජනාධිපති ක්‍රමයේ ආදීනව ගැනය. උන්වහන්සේගේ ගුණකථනයට ගාමිණී දිසානායකලා, බණ්ඩාරනායක මැතිනිය, අනුර, චන්ද්‍රිකා වගේම වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂත් ඇහුම්කන් දුන්නේ කඳුළු ගෑස් වායුවට නාසය ලේන්සුවෙන් තද කරගෙනය. ගුණකථනය අවසන් වීමෙන් පසු උන්වහන්සේ ළඟට ආ මේ හැමෝම උන්වහන්සේට පින් දුන්හ.
ජේ.ආර්.ගේ කාලයේ වගේම ප්‍රේමදාසගේ කාලයේත්, විජේතුංග ජනාධිපති වී රනිල් අගමැති වූ කාලයේත් සෝභිත හිමියන් දිහා යූ.ඇන්.පී. ආණ්ඩුව බැලුවේ වෛරයෙන්ය. ඒත් ඒ කාලයේ බණ්ඩාරනායක මැතිනියගේ, අනුරලාගේ, චන්ද්‍රිකාලාගේ, මහින්ද රාජපක්‍ෂලාගේ වීර සඟ පුත් රුවන වූයේ සෝභිත හිමිය.
1993 දී චන්ද්‍රිකා බස්නාහිර මහඇමැති වී ශ්‍රී ල.නි.ප. නායකත්වයට සූදානම් වන කාලයේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් බුදු දහම පාවාදීම නමින් පොතක් ප්‍රකාශයට පත් කරනු ලැබීය. එහි කවරයේ තිබුණේ සෝභිත හිමියන් ආවේගශීලීව කතා කරන පින්තූරයකි. මෙම පොත ප්‍රකාශයට පත් කළ රාජ්‍ය නොවන සංවිධානයේ චන්ද්‍රිකා කලක් සේවය කළ බවත්, එම නිසා ලංකාවේ භික්‍ෂුන්ට අපහාස කරන පොත ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවත් එයට චන්ද්‍රිකාත් හවුල් යැයි යූ.ඇන්.පී. ආණ්ඩුව මාධ්‍ය හරහා මඩ ප්‍රචාරයක් දියත් කළේය. මහානායක හිමිවරු පවා චන්ද්‍රිකා එවැනි සංවිධානයක සේවය කිරීම හෙළාදුටුහ. එහෙත් මෙහිදී ප්‍රධාන ගැටලුව වූයේ පොතේ කවරයෙන් අපහසුතාවට පත්කර ඇති සෝභිත හිමි ගන්නා ස්ථාවරයයි.
එ.ජා.ප. ආණ්ඩුව බොහෝ හිමිවරුන් හරහා පොතට එරෙහි වී චන්ද්‍රිකාගේ ප්‍රතිරූපය විනාශ කරන කැම්පේන් එකට සහාය දෙන්න යැයි සෝභිත හිමිට බලපෑම් කළහ. ඒත් සෝභිත හිමි තම ඡායාරූපය හරහා එ.ජා.ප. ආණ්ඩුවට අනිසි වාසියක් ගත නොහැකි ලෙසට එ.ජා.ප. ආණ්ඩුවට පහර ගසමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන චන්ද්‍රිකාගේ සටනට සහාය දක්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියහ.
1994 චන්ද්‍රිකා අගමැති වූ විගස ගියේ සෝභිත හිමිගේ පන්සලටය. ඒ 1994 මහ මැතිවරණයේදී රටේ මහා සංඝරත්නයෙන් බහුතරය සිංහල බෞද්ධ උඩරට විජේතුංගට සහාය දක්වන්න පෙළගැසී සිටියදී සෝභිත හිමි වැනි කිහිපනමක් පමණක් චන්ද්‍රිකා ඇතුළු ශ්‍රී ල.නි.ප. සටනට සහාය පළ කළ නිසාය.
"කරතොත් කරපන් හරියට
නැතහොත් පලයන් අහකට..."
එදා සෝභිත හිමි චන්ද්‍රිකාට දුන්න අනුශාසනාව ඒකය.
චන්ද්‍රිකා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව කඩ කරද්දී එයට එරෙහිව මුලින්ම හඬ නැඟුවේත් සෝභිත හිමිය. ඒ වෙලාවේ රනිල් ඇතුළු එ.ජා.ප.ය සෝභිත හිමිව කර උඩ තියාගෙන චන්ද්‍රිකාව වට්ටවන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය සියතට ගත්හ. මේ කාලයේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ වැරැදි දැකපු මහින්ද රාජපක්‍ෂටත් පිරිත් නූලක් ගැටගහගන්න හිටියේ සෝභිත හිමිය. කැබිනට් රහස් මාධ්‍යයට දෙන නිසා චන්ද්‍රිකා කොයි මොහොතේ හෝ තමාව ඇමැතිකමෙන් සහ පක්‍ෂයෙන් නෙරපයි කියල බය වුණ මහින්ද ආරක්‍ෂාව පැතුවේ සෝභිත හිමි වැනි හිමිවරුන්ගෙන්ය.
ඒත් 2005 මහින්ද ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන සෝභිත හිමිගේ අනුශාසනා අහන්න කැමැති වූයේ නැත.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරවා ගන්න 1978 සිට 1994 දක්වා ශ්‍රී ල.නි.ප.ය පසුපසත්, 1994 සිට 2010 දක්වා එ.ජා.ප.ය පසුපසත් ගිය සෝභිත හිමි දැන් එම සටන සියතට ගෙන තිබේ. සෝභිත හිමි පසුගියදා මහානායක හිමිවරුන් බැහැදැක උන්වහන්සේගේ ආශීර්වාදයද මෙම සටනට එකතු කර ගත්හ.
අද මහානායක හිමිවරුන්ද ඉන්නේ කලකිරීමෙන්ය. විටින් විට උන්වහන්සේ මහින්දගෙන් කළ ඉල්ලීම් එකක්වත් ඉටු නොවීය. දුන් අනුශාසනාවලට මහින්ද ඇහුම්කන් දුන්නේ නැත. ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය ඉවත් කර ගන්න යැයි මෑතකදී මහානායක හිමිවරු අස්සන් කොට ආයාචනයක් කරනු ලැබූහ. එයත්, අනෙකුත් ආයාචනා, ඉල්ලීම්, අනුශාසනා මෙන් ගියේ කුණුබක්කියටය.
හෙළ රජ සමයේ රජවරුන් මුරණ්ඩු වූ කල රජුන්ට දඬුවම් දෙන ක්‍රමයක් ගැන සෝභිත හිමි ප්‍රේමදාසගේ ආණ්ඩු කාලයේ අපූරු කතාවක් කීහ. මේ 1992 ජනවාරි 10 වැනි දින උන්වහන්සේ කළ කතාවය.
"අද මේ රටේ පවතින්නේ ඉතාම අවාසනාවන්ත ශෝචනීය තත්ත්වයක්. එවැනි තත්ත්වයක් හමුවේ වගකිවයුතු නායක හාමුදුරුවරු නිහඬයි.

පැරැණි මහා රජවරුන්ගේ දරදඬු හිතුවක්කාර ක්‍රියාවලට එරෙහිව කටයුතු කරන්නටත් දඬුවම් දෙන්නටත් භික්‍ෂුවට බලයක් එදා තිබුණා. එම දඬුවම් ක්‍රම අතර ප්‍රධාන තැනක් ගත්තේ "පත්ත නික්කුජ්ජන කම්මය" නම් වූ දඬුවමයි. එයින් අදහස් කෙරෙන්නේ දානයට මහා සංඝ වැඩම කොට අසුන් ගෙන දන් බෙදන විට පාත්‍රය අනෙක් පැත්තට හරවා දානය ප්‍රතික්‍ෂේප කිරීමයි.
තම පියා මරා රජ වූ කාශ්‍යප රජුට විරුද්ධව ප්‍රබල ජන මතයක් මේ රටේ ගොඩනැඟී තිබුණා. එම තත්ත්වය වෙනස් කොට ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනීමට මහා සංඝයාගේ සහාය ලබා ගැනීම අවශ්‍ය බව සිතූ රජතුමා මහා සංඝයාට දානයකට ආරාධනා කළා රජ මාලිගාවට. රජ වූ පසු දෙන පළමු වැනි දානයට නායක හාමුදුරුවරු ඇතුළු හාමුදුරුවරු වැඩම කළා. වැඩම කොට අසුන්ගත්තා. රජු දන් බෙදන්න ලෑස්ති වෙලා පළමුවැනි හාමුදුරුවෝ ළඟට ආවා. ඒ හාමුදුරුවෝ පාත්‍රය අනිත් පැත්තට හැරවූවා. දෙවැනි හාමුදුරුවෝ ළඟට ගියා. ඒ හාමුදුරුවොත් පාත්‍රය හැරවූවා. තුන්වැනි හාමුදුරුවොත් එසේම කළා. සියලුම හාමුදුරුවරු කළේ එකම දෙයයි.
එහෙත් අද හාමුදුරුවරුන් කිහිප නමක් පාත්‍ර අනික් පැත්තට හැරවුවොත් තව සියයක් ඉන්නවා උඩු අතට හරවාගෙන ඉන්න අපටත් දෙන්න කියලා. ඒ විතරක් නෙවි පාත්‍රය හරවපු හාමුදුරුවරුන්ට මැරුම් කන්නත් සිදුවේවි. අද ඒ ජාතික මෙහෙවර බඩගෝස්තරවාදී මෙහෙවරය බවට පෙරළිලා."
සෝභිත හිමියන් මහා නායක හිමිවරුන්ද එක් කරගෙන ගෙන යන මේ සටනට මහින්ද ඇහුම්කන් නොදෙයි නම් කාශ්‍යප රජු සමයේ හාමුදුරුවරුන් රජුට දුන් දඬුවම නොහොත් "පත්ත නික්කුජ්ජන කම්මය"ට මුහුණ දීමට මහින්දට සිදුවෙයි දැයි තවම කිව නොහැකිය.