හඳගම යන්නේ මොන පාරේ....

තමන් එතෙක් චිත‍්‍රපට මගින් කළ දේශපාලනය වැරැදි යැයි පාපෝච්චාරණය කරමින් හඳගම ‘විදු’ චිත‍්‍රපටය නිපදවු විට එය නැරැඹු ජැක්සන් ඇන්තනි කියා සිටියේ ‘දැන් තමයි හඳගම නියම පාරට වැටිලා තියෙන්නේ’ කියාය. ඒ අනුව හඳගමට දැන් නියම පාර පෙන්වන්නට සැදී පැහැදී සිටින ‘කලාකරුවො’ එදා ‘ඉනිඅවන්’ නරඹා හඳගම සම`ග කාබී සතුටු වුයේ ඔහු ‘හරි පාරට’ ගන්නට හැකි වී මේ සතුට භූක්ති විදිමිනි. හඳගමට ‘හරිමග’ පෙන්වන්ට ජැක්සන්ලා මදිවට දැන් සේරසිංහලාත්, කබ්රාල්ලාත් සිටිති.
ගුණසිරි සිල්වා

 අශෝක හඳගමගේ නිර්මාණය කළ නවතම සිනමා රූපකය වූ ඉනිඅවන් පසුගියදා මහජන ප්‍රදර්ශනය සඳහා විවර විය. හඳයාගේ එම නිර්මාණාත්මක මහන්සිය ගැන ප්‍රවීන සිනමා විචරක ගුණසිරි සිල්වා තැබු විචාරාත්මක සටහනක් මෙසේ ඉදිරිපත් කරමු.
මේ පසුගිය මැයි මාසයේදී ලියන ලද්දක වුව ඒ තවදුරටත් ඉනිඅවන් කෙරේ බලපවත්වන බැවින් කාලය පිළිබඳ ගැටලුවක් ඇතැයි අපි කල්පනා නොකරමු.
"අශෝක හඳගමගේ අලූත්ම චිත‍්‍රපටය ‘ඉනිඅවන්’ මැයෙන් දෙමළ බසින් නිපදවනු ලදුව එහි විශේෂ දර්ශනයක් පසුගිය දිනෙක ජාතික චිත‍්‍රපට සංස්ථා සිනමා හලේදී පැවැත්විණි.
හඳගමගේ දේශපාලන සිනමාවට එරෙහිව අධිපති මතවාදයෙන් ගල්මුල් එල්ල කරන්නට පටන් ගත් අවධියේදී ඔහුගේ සිනමාවේ සාධනීය ලක්‍ෂණ මතුකරමින් එම විකල්ප මතවාදය වෙනුවෙන් පෙනී සිටි අපි ‘විදු’ චිත‍්‍රපටය නිපදවීම සම්බන්ධයෙන් නිදහස කරුණු වශයෙන් ඔහු විසින් ඇදබානු ලැබු ප‍්‍රකාශ හෙළා දකිමින් අපේ පළමු ගල්පහර ඔහුගේ හිස මතටම එල්ල කෙළෙමු.
අපේ ගල්පහරින් තුවාල ලත් හඳගම විවිධ ප‍්‍රකාශන හරහා තම වෑයම සාධාරණීකරණය කරන්නට උත්සාහ දැරූ නමුත් එය උපන්තැනම ලොප් වු අයුරු දිස්වුයේ ඔහු ‘විදු’ හරහා අලූතින් හදා ගන්නට ගිය පේ‍්‍රක්‍ෂකාගාරයත් ඔහුගේ සුපුරුදු පේ‍්‍රක්‍ෂකාගාරයත් දෙකම අහිමිවී යෑමෙනි.
පේ‍්‍රක්‍ෂකාගාරයේ හිඳ ගන්නට පෙර අප සිනමාශාලාව කරා එනවිට ආරාධිතයන් පිළිගන්නට මෙන් හඳගම ඒ ඉදිරිපිට සිටියේය. එකෙනෙහිම වේගයෙන් හඹා ආ සුඛෝපභෝගී රථයක් සිනමා ශාලාව ඉදිරිපිට නතර වුයේය. වහා ඒ දෙසට ගිය හඳගම මෝටර් රථයෙන් බැසගත් අමුත්තා පිළිගෙන ශාලාව තුළට කැදවාගෙන ගියේය.
අමුත්තා අන් කිසිවකු නොව මහ බැංකුවේ අධිපති අජිත් කබ්රාල්ය. හඳගම දැන් මහ බැංකුවේ ඉහළ තනතුරක් දරන්නකු බැවින් තම ආයතන ප‍්‍රධානියාට චිත‍්‍රපටය නැරඹීම ස`දහා ඇරැුයුම් කිරීම වරදක්දැයි කෙනකුට සිතිය හැකිය. ඊළගට එතැනට පැමිණියේ චිත‍්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහය. අශෝක සේරසිංහ යනු හඳගමගේ සිනමා ජිවිතය බරපතල අගාධයකට ඇද දමමින් ‘අක්ෂරය’ චිත‍්‍රපටය සඳහා ප‍්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සහතිකයටද අභියෝග කරමින් එය මහජන ප‍්‍රදර්ශනය සඳහා තහනම් නියෝග පනවන්නට පෙරමුණ ගත් අයෙකි. එයිනුත් නොනැවතී හඳගමගේ චිත‍්‍රපටය තුළ ළමා අපයෝජනයක් සිදුවී ඇති බවට චෝදනා කරමින් ඔහු දගගෙයි ලෑමට පාරම්බෑ අය අතරද පෙරමුණේ සිටි කෙනෙකි. එහෙත් ඔහු දැන් චිත‍්‍රපට සංස්ථා සභාපති බැවින් ඔහුට ඇරැයුම් කිරීමේ ඇති වැරැද්ද කුමක්දැයි කිසිවකු ප‍්‍රශ්න කරනු ඇත. නමුත් මේ අමුත්තන් ගැන මෙහිලා වෙසෙසින් සඳහන් කරන්නේ හඳගමගේ ‘ඉනිඅවන්’ චිත‍්‍රපටයේ එන දේශපාලනයත් සමග මේ සියලූ සිදුවීම් බද්ධ වන බැවිනි.
සැබැවින්ම ඒ මෙහොතේ අපි ‘ඉනඅවන්’ නරඹන්නට අසුන් ගත්තේ අර විශේෂ අමුත්තන් ගැන තැකීමක් නොකරය. ඒ මෙහොතේ අපේ පැතුම වුයේ මේ වතාවෙදිවත් හඳගමගේ සිනමාවේ ඉදිරි දැක්මක් ගැන ලියන්නට ඉඩ ලැබේවාය යන්නයි.
අපේ පැතුම යථාර්ථයක් බවට පත්කරමින් ‘ඉනිඅවන්’ චිත‍්‍රපටයේ ආරම්භක රූප පෙළ තිරය මත දිස්වන්නට පටන් ගත්තේය. පුනරුත්ථාපනයට ලක්වු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු යළි අලූත් ජීවිතයක් අරඹන්නට සිය ගම්බිම් බලා එන එම දීර්ඝ රූප පෙළ පශ්චාත් යුද සමයක අරුමය පිළිබද ව්‍යංගාර්ථ දනවන අපූර්ව රූප සංයෝගයක් විය. එහෙත් ‘ඉනිඅවන්’ හරහා හඳගම කියන්නට සැරැසෙන්නේ වෙනස් කතාවක් බව පසක් වන්නේ චිත‍්‍රපටයෙන් අඩක් තිරය මත පතිත වීමෙන් අනතුරුවය.
චිත‍්‍රපටය පුරා උත්කර්ෂයට නැංවෙන්නේ දෙමළ තරුණයා යළි ජීවිතය ගොඩනගා ගන්නට දරන ප‍්‍රයත්නය හා ඊට එරෙහිව නැගී එන සමාජ සාධකයන්ය. පුනරුත්ථාපනය වු තරුණයාට කරන්නට හරි හමන් රැකියාවක් නැත. රියදුරු බලපත‍්‍රයක් ලබා ගන්නට ගිය විට ඒ සඳහා රුපියල් විසිදහසක් ඕනෑ බව තරුණයාට දැනුම් දෙයි.
ඒ ස`දහා මුදලාලියකුගෙන් මුදල් ඉල්ලූවිට ලැබෙන පිළිතුර වන්නේ ‘කප්පමක්ද..? ඒවා ඉස්සර..’ යනුවෙනි.
උතුරේ ජනතාව පිළිබඳ දකුණේ මතවාදය
මුදලාලි දෙන පිළිතුරට අමරතව මුළු චිත‍්‍රපටය පුරාම උත්කර්ෂයට නැංවෙන්නේ උතුරේ තත්ත්වය පිළිබදව අධිපති මතවාදය විසින් දකුණේ ජනතාව මත පටවන ලද මතවාදයයි.
පුනරුත්ථාපනය වු තරුණයාගේ පෙම්වතිය අන් අයකු සමග දීගගොස් දරුවකුද සමග අනාථ වී සිටියි. පෙම්වතියගේ පියා යළි තරුණයා සම`ග තම දියණිය එක්වීමටද විරුද්ධය. ඒ උග‍්‍ර කුලවාදය නිසාය.
කෙසේවතුදු දරුවා සමග තම පෙම්වතිය රැගෙන එන තරුණයාට අසල්වැසියකුගෙන් විසුමක් නැත. ඊළාම් යුද්ධය සදහා යැවුණු තම දරුවා වළ පල්ලට යද්දී තරුණයා පමණක් දිවිගලවා ගෙන සිටීම ගැන උරණ වී සිටින අසල්වැසියා දිවා ? ඔහුට දෙස්දෙවොල් දෙයි.
උතුරේ අවිගත් තරුණයන් විසින් සිදුකරන ලද ජීවිත විනාශයත්, දේපළ විනාශයත් උතුරේ මෙන්ම දකුණේ ජනතාව තිස් වසරක් පුරා අත්වින්ඳහ. එමෙන්ම එබදු විනාශකාරී තත්ත්වයන් සඳහා වු සමාජ සාධක උතුරේ නිර්මාණය කෙරුණේ දකුණේ දේශපාලන බලධාරීන් විසින්ම බව නොරහසකි.
‘ඉනිඅවන්’ පශ්චාත් යුද සමයක උතුරේ ජීවිත ගැන කියන චිත‍්‍රපටයක් යැයි කීවද සැබැවින්ම එය උතුරේ ජනතාවගේ සිතුම් - පැතුම් සහ චර්යාවන් සහ ඔවුන් මුහුණ දෙන ගැටලූ මේ යැයි යනුවෙන් වන දකුණේ ජනතාවගේ උපකල්පනයන් මත නිපදවුවකි.
ඇත්ත වශයෙන්ම තිස් වසරක යුද්ධයෙන් තම ගම්බිම්, ගෙවල් දොරවල් අඹුදරුවන් අහිමි වී යාන්තම් පණ නල පමණක් ඉතිරිකරගෙන ඇවිදින මළ මිනී බදු මනෝභාවයක් පමණක් ඉතිරි වු උතුරේ ජනතාව අද මුහුණ දෙන සැබෑ තත්ත්වයන් ‘ඉනිඅවන්’ තුළ දකින්නට ලැබේද? වාර්තා වන පරිදි උතුරේ තවමත් අණසක පවතින්නේ හමුදාව යටතේය. උතුරේ වැසියන්ට දෛනික උත්සවයක් පමණක් නොව පාසල් නාට්‍යයක්වත් රග දැක්විය හැක්කේ හමුදාවේ අවසරය හා සෝදිසිය මැදය.
හඳගමගේ ‘ඉනිඅවන්’ චිත‍්‍රපටයේ කිසිදු තැනක හමුදා කඳවුරක් තබා හමුදා සොල්දාදුවෙක්වත් නැත. යුද්ධයෙන් විනාශ වු ගෙවල් දොරවල් ගම්බිම් වෙනුවට දකින්නට ලැබෙන්නේ වෙරළ තීර්ථය ඔස්සේ හිරු බැස යන මනස්කාන්ත දසුන්ය. යාපනේ ව්‍යාපාරිකයන් කිසිදු උපද්‍රවයකින් තොරව විවිධ ව්‍යාපාර කරන නියායෙන් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම අරඹා ඇත. පුනරුත්ථාපනය වු තරුණයා නොදැනුවත්වම මත්කුඩු ජාවාරම්කරුවාගේ අතකොළුවක් බවට පත්ව වාහනයකින් මත්කුඩු රැගෙන නිදහසේ සැරිසරයි. තරුණයා වාහනය පදවාගෙන යන අතරේ තමා තුළ පවතින කුකුස නිසාම පොලිස් මුරපොළක් දැක වාහනය නතර කරයි. එහෙත් මුරපොළේ රාලහාමි ‘ඇයි මොකද?’ යැයි අසා සිටින්නේ ‘කවුද උඹව නතර කළේ’ යි අසන්නාක් මෙනි. (මුළු චිත‍්‍රපටය තුළම දකින්නට ලැබුණු එකම මුරපොළද එය පමණි* කිසිදු ආරක්‍ෂක අංශයක සෝදිසියකට හසුනොවන තරුණයා නිරුපද්‍රිතව අපේක්‍ෂිත ස්ථානයට පැමිණ ගනුදෙනුව සිදුකොට ආපසු යයි.
‘ඉනිඅවන්’ චිත‍්‍රපටය ඔස්සේ ලබාදෙන පනිවිඩය නම් අවි බලය සුන්කළ උතුරේ මීළ`ගට නැෙ`ගන උවදුර මත් ජාවාරම බවයි. එයම යළි උතුරේ ජනතාව වෙනත් ආකාරයක මර්දනයක් වෙත උසී ගැන්වීමකි. 
‘ඉනියවන්’ ඔසවා තබන එක්තරා උද්ඝෝෂකයකු ඒ බව තහවුරු කරන්නේ මෙසේය.

‘‘තිස් වසරක සංවෘත ලෙස තිබු ප‍්‍රදේශයක වැලි කැටයක් පාසා සිය වසරකින් හෝ ජයගත නොහැකි යුද්ධයක් මුල් අල්ලන බව කීම හ`දගමගේ ප‍්‍රයත්නය බව පෙනී යයි. මෙය මිනිස් බෝම්බවලට වඩා රුදුරුය.’’
‘ඉනිඅවන්’ අරබයා දීර්ඝ පුර්ව කථනයක් කරන එම උද්ඝෝෂකයා අසා සිටින්නේ පශ්චාත් යුද සමය ගැන කතා කිරිමේදී හමුදා සෙබළුන් පෙන්විය යුතුමද කියායි.
‘ඉනිඅවන්’ ඔස්සේ හඳගම කතා කරන්නේ යුද්ධයේ නිරර්ථක බවම නොවේදැයි අවධාරණය කරන්නට කිහිප දෙනෙක් මේ දිනවල පුවත්පත් ඔස්සේ ඉදිරිපත්ව සිටිති. ඇත්තය, හඳගම මෙවරත් කතා කරන්නේ යුද්ධයේ අනිටු විපාකය. නමුත් මෙදා ‘ඉනියවන්’ පිටුපස සිටින්නේ එදා ‘මේ මගේ සඳයි,’ ‘මේ පාරෙන් එන්න’ කෘති නිර්මාණය කළ හඳගම නොවේ.
‘ඉනඅවන්’ චිත‍්‍රපටය මුල්ලායි ගමේ රූපගත කිරීම් කරන අවස්ථාවේදී ඩග්ලස් දේවානන්ද ඇමැතිවරයාගේ ලේකම්වරයකු යැයි කී පුද්ගලයකු හඳගමට මෙසේ තර්ජනය කළාලූ.

”....(බොහෝ අසංවර වාග‍්‍රාලාපයකින් පසුව.. ඔහු මට අනතුරු ඇගවීමක් කළා) යාපනය කියන්නේ වෙනම මිනිස්සු කොටසක් ඉන්න තැනක්. මම තමුසේ ගැන දන්නවා. තමුසේ මොන තරම් ලොකු චිත‍්‍රපටකාරයෙක් වුණත් මට කමක් නැහැ. ඒත් යාපනයට නොගැළපෙන දේවල් කරලා තිබුණොත් බලාගෙනයි.”
හදගම ඇත්ත වශයෙන්ම කර ඇත්තේ යාපනයට ගැළපෙන දේවල්දැයි මේ චිත‍්‍රපටය හරහා හරිහැටි අල්ලා ගන්නේ යාපනයේම ජනතාවය. හැබැයි ඔවුන් හ`දගමගේ චිත‍්‍රපටයේ එන ‘ හඳගමයානු’ ජනතාව නොව සැබෑම දෙමළ ජනතාවය.

තමන් එතෙක් චිත‍්‍රපට මගින් කළ දේශපාලනය වැරැදි යැයි පාපෝච්චාරණය කරමින් හඳගම ‘විදු’ චිත‍්‍රපටය නිපදවු විට එය නැරැඹු ජැක්සන් ඇන්තනි කියා සිටියේ ‘දැන් තමයි හඳගම නියම පාරට වැටිලා තියෙන්නේ’ කියාය. ඒ අනුව හඳගමට දැන් නියම පාර පෙන්වන්නට සැදී පැහැදී සිටින ‘කලාකරුවො’ එදා ‘ඉනිඅවන්’ නරඹා හඳගම සම`ග කාබී සතුටු වුයේ ඔහු ‘හරි පාරට’ ගන්නට හැකි වී මේ සතුට භූක්ති විදිමිනි.
හඳගමට ‘හරිමග’ පෙන්වන්ට ජැක්සන්ලා මදිවට දැන් සේරසිංහලාත්, කබ්රාල්ලාත් සිටිති.

සංජය ලීලාරත්න, අපේ හමුදාව අතිශය මානුෂික යැයි ජාත්‍යන්තරයට පෙන්වීම සඳහා ‘සෙල්වම්’ මගින් අතිශය ගොරහැඩි ලෙස කියන්නට ගිය දෙය ‘ හඳගමයානු සිනමාව’ ඔස්සේ ‘ඉනියවන්’ මගින් සුක්ෂම ලෙස ඉටුකොට ඇත. එබැවින් හඳගම, ප‍්‍රසන්න, විමුක්ති, ඉනෝකා ආදීන්ගේ චිත‍්‍රපට මහින්ද චින්තනයට පටහැනි යැයි කියා එදා ජාත්‍යන්තර සිනමා උළෙලවලට යෑමට වැට බැන්ද අශෝක සේරසිංහට දැන් බියක් සැකක් නැතිව ‘ඉනිඅවන්’ ජාත්‍යන්තරයට පෙන්වා සම්මානද ලබාදිය හැකිය.

එදා ‘මේ පාරෙන් එන්න’ හැදු හඳගම දැන් ‘ඉනිඅවන්’ ඔස්සේ යන්න හදන පාර ගැන පසුගියදා ‘සරසවිය’ පත‍්‍රය උදම් ඇනුවේ මෙසේය.

‘ හඳගම මේ පාර මාරයි!’
ඉතිං හඳයා, දැන් ඉතින් යන්න හදන්නේ ඔය පාරෙන්ම දැයි අපි අසමු."