දර්මදිපයේ කොට උඩ ගිය සත්ව කරුණාව.



හර්ෂි සි. පෙරේරා

රජයේ මනුෂ්‍යයින් විසින් තමන්ගේම මනුෂ්‍යයින් වදහින්සාවට ලක් කරන විට ඊට සැලකියයුතු දඩුවම් ගණනාවක් පනවන නීති රැසක් ශ්‍රී ලංකාවේ ඇත. නමුත් ලංකාවේ මිට වැඩි අවදානයක් සත්ව හිංසාව වැළැක්වීමට දී තිබේ. සමාජය කතා කරන්නේ සත්ව හිංසනය ගැනයි. ඒ වෙනුවෙන් පිහිටුවා ගනු ලැබූ සංගම් පවා ඇත. නමුත් ඔවුන් රජයට සම්බන්ද මනුෂ්‍යයින් විසින් සෙසු මනුෂ්‍යයින් වදහින්සාවට පාත්‍ර කිරීම ගැන කතා කරන්නේ නැත. රජයට සම්බන්ද මනුෂ්‍යයින් සැලකු විට ඒ අතරින් වඩාත්ම පුද්ගලයින් වදහින්සාවට ලක් කරන්නේ පොලිසිය සහ පාසලයි. පොලිසිය කියන්නේ වදහින්සාවට පාත්‍ර කිරීමෙන් තොරව අපරාද මැඩලිය නොහැකි බවයි. පාසැල කියන්නේ ගහන්නේ බනින්නේ නැතිව ළමුන් සැදිය නොහැකි බවයි. පහත පුවත් දෙකට අවදානය යොමු කරන්න.

පුවත 01

හම්බන්තොට මැඩිල්ලේදී වාහනයක හැපුණු මුවකු පණ අදිද්දී වනජීවී නිලධරයනට දෙන බව කියා මස්සිනා සමග මස් කළැයි කියන පොලිස් කොස්තාපල්වරයකුට අධිකරණයේ පෙනී සිටින ලෙස හම්බන්තොට මහේස්ත‍්‍රාත් අයි එස් එස් කුමාරගේ මහතා ලූණුගම්වෙහෙර පොලිසියට නොතීසි නිකුත් කෙළේය. මුවා බේරා ගැනීමට ගැමියන් වතුර පොවද්දී ඔහු මුවා රැගෙන ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.

පුවත 02

වන සතුනට ආදරය කරුණාව දැක්වීමේ සම්මන්ත‍්‍රණ පවා පැවැත්වූ තිස්සමහාරාමයේ යාල සමීපයේ ඔසුවින්න පාසලේ විදුහල්පති නිල නිවසේ අධි ශීතකරණයේ මුව මස් කිලෝ අටක් සමග විදුහල්පතිද මස් රැගෙන ආ අයකුද සැකපිට අත්අඩංගුවට ගත් බව යාල වනජීවී නිලධරයෝ කියති. මුව මස් කිලෝවක් රුපියල් 600ක් පමණ වෙයි.

පොලිසිය සහ පාසැල රටේ නිතිය රැකීමට අනාගත පරපුර යහමගට ගැනීමට සිටින ආයතන දෙකයි. මේ ආයතන දෙකම පන්සිල් ගැනීමට, සීල වියාපාර පැවැත්වීමට ප්‍රමුකතාව දෙයි. විශේෂ දිනවල අපි ගවයට ගවයා අපිට කියමින් මැරීමට නියම වූ හරකුන්ට අබය දානයද දෙයි. මේ පුද්ගලයින්ගේ සදාචාරය දාර්මික බව කොයිබට ද යන්න ඉහත සිද්දීන් දෙකින් පිලිබිබු වේ.