පොලිස් වදහිංසාව වැඩි කිරීම මගින් අපරාධ අඩුකල නොහැක

නීතිඥ බැසිල් ප්‍රනාන්දු

පොලිස් අත්අඩංගුවේ ර`දවාගැනිමට දැනට පවතින පැය 24 සීමාව පැය 48 දක්වා දික්කිරිම දක්වා නීති කෙටුම්පතක් ගෙන එන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් නොබෝදා ප්‍රකාශයට පත්කරණු ලැබිය. මෙසේ යෝජිත රැ`දවීම් කාලය දෙගුණ කිරීම් තුළින් බලාපොරොත්තු වන ප්‍රතිපලය අපරාධ මර්ධනය වඩාත් සාර්ථක කරගැනීම බවද ප්‍රකාශ කොට ඇත.

එසේ වූවත් පොලිසිය තුළ රැ`දවුම් කාලය දෙගුණ කිරීම තුළින් සිදුවන ඉතාමත්ම පැහැදිලි ප්‍රථීපලය නම් දැනටමත් විශාල වශයෙන් පවතින පොලිස් වදහිංසාව දෙගුණ වීම හෝ ඊටත් වැඩිවීම මිස අපරාධ අඩුවීමක් නොවේ. ලංකාවේ නීතියට අනුව පොලිස් වදහිංසාව අවුරුදු 7 ක සිරද`ඩුවමකට යටත් විය යුතු අපරාධයක් වන නිසා මෙම යෝජිත නීතිය මගින් අපරාධ වැඩිවිමක් මිස අපරාධ අඩුවීමක් සිදුවිය නොහැකිය.

පොලිස් වදහිංසාව වැඩිකිරීම මගින් අපරාධ අඩුකල හැකිය යන්න පදනම් විරහිත අදහසකි. ලංකාවේ මෙන්ම ලෝකය පුරාම ඇති අත්දැකීම් අනුව අපරාධ නැති කිරීම කෙරෙහි වදහිංසාව මගින් දිරිගැන්වීමක් නොකෙරෙන බවත් එය කල හැකිය යන්න යල් පැන ගිය අදහසක් බවත් පෙනියයි. ලෝකය පුරාම බොහෝ රටවල් වදහිංසාව මු`එමනින්ම අතහැර දමා නුතන අපරාධ පරීක‍ෂණ ක්‍රම කරා යොමුවී ඇත්තේ මේ නිසාය.

ලංකාවේ විනාඩි 90 කට වරක් ස්ත්‍රී දූෂණයක් සිදුවන බව නොබෝදා වාර්තා විය. බරපතල මංකොල්ලාකෑම් හා හොරකම් සෑම විනාඩියකම මෙන් සිදුවේ. ආභරණයක් පැළ`ද පාරේ යෑමටවත් ලිංගික අතවරයකින් තොරව ප්‍රසිද්ධ වාහනයක කාන්තාවකට යෑමට බැරි තරමට අපරාධ උග්‍රවී ඇත. සෑම අස්සක මුල්ලකම කුඩු ජාවාරම පැතිර ගොස් ඇත. මහා පරිමාණ දූෂණ රාජ්‍ය සේවයේ මෙන්ම පුද්ගලික අංශයේද ඉහ වහා ගොස් ඇත. ක`එ සල්ලි ජාවාරම කොතරම් දුරදිග ගොස් ඇත්ද යත් කොටස් වෙළ`දපොල පවා පවත්වගෙන යෑමට බැරි තත්ත්වයක් උදාවී ඇත. මිනිමරුමකට හෝ දූෂණයකට සම්බන්ධනැති දේශපාලඥයෙක් සොයාගැනීම මරණයක් සිදුවී නැති තැනකින් අබ ඇටයක් සොයාගැනීම බැරියයි එක් විකට වැඩසටහනකදී කියවින.

මේ කිසිද අපරාධයක් වදහිංසාව වැඩි කිරිම තුළින් අඩුකල නොහැකිය. ලොකු අපරාධකාරයෝ වදහිංසාවට යටත් නොවෙති. ඔවුහු රජයේ හෝ රජයේ නිලධාරින්ගේ ගරු සම්මාන මෙන්ම ආරක‍ෂාවද ලබාගනිති. වදහිංසාවට ලක්වන්නේ දුගී ස්ත්‍රී පුරුෂයන් බව වදහිංසාවට ලක්වූවන් පිළිබ`දව වාර්තා කියවීමේදී ඉතා පැහැදිලිවම පෙනීයයි. එවැන්නන්ට තව තවත් වදදීම මගින් කෙරෙන යහපතක් නැතිවූවත් වදදීමට මුවා වී පගාව ගැනීමට ඇති හැකියාව පොලිසියේ පහළ සිට ඉහළ සිය`එ නිලධාරීන්ට ලැඛෙන බවනම් නොරහසකි.

හේතු

යෝජිත නිතියට පදනම්වන කරුණු ගණනාවක් තිඛෙන බව පෙනීයයි. එම කරුණු අතර මුල්තැන ගන්නේ අපරාධ පරක‍ෂණ සම්බන්ධයෙන් නුතන විද්‍යාත්මක ක්‍රම යොදාගැනීම පිළිබ`දව රජයේ කිසිද ප්‍රතිපත්තිමය සූදානමක් නැති කම නිසාය. ලෝකයේ පුරාම අපරාධ පරීක‍ෂණ ක්‍රම පිළිබ`දව ඉතාමත්ම ශ+ක‍ෂම උපක්‍රමයන් විද්‍යාව පදනම් කොට ගෙන වැඩි දියුණුකර ගෙන ඇති නමුත් ලංකාවේ රජය අපරාධ පරක‍ෂණ ස`දහා එවැනි නූතන ක්‍රමයන් පාවිච්චි කිරීම පිළිබ`දව කිසිදු යෝජනාවක් වත් කිසිද වැඩ පිළිවෙලක්වත් සකස් කොට නැත.

අවිද්‍යාව මත පදනම්වන අපරාධ පරක‍ෂණ ක්‍රමවල මුල් ගල හැටියට පවතින්නේ වදහිංසාවය. ලංකාවේ අපරාධ පරීක‍ෂණ ක්‍රමය අවිද්‍යාව මත පදනම්වූ විධික්‍රමයන් හා මතවාදයන් මත පිහිටා තිඛෙන තාක් කල් අපරාධ අඩුකර ගැනීම සම්බන්ධයෙන් කිසිද දියුණුවක් දැක ගැනීමට නොහැකි වනු ඇත.

යෝජිත නිතිය මගින් කරණු ලබන්නේ අපරාධ අඩුකරනවාය යන මිත්‍යාමය අදහසක් ඇති කිරීමක් පමණක් වන අතර එයින් සිදුවන්නේ මංමුලාවිමක් පමණය. මෙයින් පෙනියන්නේ අපරාධ අඩු කිරීම ස`දහා හෝ වැළැක්වීම ස`දහා කිසියම්ම යෝජනා ක්‍රමයක්වත් ප්‍රතිපත්ති මාලාවක්වත් විධික්‍රමයක්වත් වැඩ පිළිවෙලක්වත් නොපවතින බවය.

අවිද්‍යාත්මක අපරාධ පරක‍ෂණ ක්‍රමයක සිට විද්‍යාව හා බුද්ධිය පදනම් වූ අපරාධ පරක‍ෂණ ක්‍රමයක් කරා යොමුවීමේදී මුහුණ දිය යුතු අභියෝග ගණනාවක් ඇත. ඉන් ප්‍රධානතම අභියෝගය නම් වැඩි දියුණු වුණු අපරාධ පරීක‍ෂණ ක්‍රමයක් ස`දහා අවශ්‍ය වන වියදම් ලබාදිමය. මෙය අයවැය පිළිබ`ද ප්‍රශ්නයකි. අපරාධ පර්යේෂණ ක්‍රමය වැඩි දියුණු කිරීම ස`දහා වැඩි අය වැයක් ඉදිරිපත් කිරීම පිළිබ`දව කිසිම සාකච්චාවක් ලංකාවේ නොපවති. රජය එවැනි යෝජනාවක් පිළිබ`දව මතක්කරනවාටවත් කැමති නැත. රටේ විරුද්ධ පාක‍ෂික දේශපාලන ප්‍රවනතාවයන් තුළද අපරාධ පරීක‍ෂණය ස`දහා විද්‍යාත්මක දියුණුවක් ඇති කරගැනිම ස`දහා අය වැය වෙන්කරවා ගැනීම සම්බන්ධයෙන් රජය උනන්දුකරවා ගැනිම ස`දහා කිසිදු ප්‍රයත්නයක්ද දරන්නේත් නැත. බල්ලන් උඩ බුරන්නා සේ අපරාධ වැඩිවිම පිළිබ`ද දොඩවන නමුත් ඊට එකම පිළියම වන වැඩි දියුණු අපරාධ පරක‍ෂණ ක්‍රමයක් ඇතිකිරීම ගැන ඔවුන් කිසිද මතවාදයක් ගොඩනැගීමට උත්සාහ ගන්නේද නැත. අභාග්‍යයකට මෙන් සිවිල් සමාජය තුළින්ද රටේ මාධ්‍ය තුළින්ද අපරාධ පරීක‍ෂණ ක්‍රමය නූතන ක්‍රමයක් බවට හරවා ගැනිම ස`දහා ජාතික කතිකාවක් ඇති කරගැනීමට දරන ප්‍රයත්නයක්ද පෙනෙන්නට නැත.

අපරාධ පරක‍ෂණ ක්‍රමයක් නූතන ක්‍රමයක් බවට හරවා ගැනීම ස`දහා අවශ්‍ය බුද්ධිමය උසිගැන්වීම වැඩි වශයෙන්ම සිදුවිය යුතු වන්නේ ලංකාවේ නිති ෙක‍ෂ්ත්‍රයෙහි වෘර්තින්හි යෙදෙන නිතිඥයින් විනිශ්චයකාර වරුන් නිතිය ඉගැන්වීමෙහි යෙදෙන්නන් ආදීන් මගිනි. අපරාධ පරීක‍ෂණය නිති ෙක‍ෂ්ත්‍රය තුළ පවතින ඉතාමත්ම වැදගත් අංශයක් වන හෙයින් ඒ පිළිබ`දව සාකච්චාව මෙම නිති වෘර්තිකයන් මගින් ඇති වීම සිදුවිය යුතුව තිබුණි. එහෙත් ලංකාවේ නිතිමය ෙක‍ෂ්ත්‍රය වනාහී බුද්ධියෙන් වියලීගිය භූමියක් බවට පත්වි ඇත. නීති වෘර්තියෙන් යැපෙන්නන් ඇති නමුත් නිති වෘක‍ෂය පෝෂණය කොට රටේ අවශ්‍යතාවයනට අවශ්‍ය වන පලදායකත්වය ඇති කිරීමට ඔවුන්ගෙන් වන සේවයක් නැත. බුද්ධියේ මරණය රටකට සිදුවිය හැකි අවාසනාවන්තම සිදුවීමකි.

බුද්ධියෙන් කල යුතු කාර්යය අතින් පයින් පොල්ලෙන් සපත්තුවෙන් කරන්නට ගන්නා උත්සාහය වදහිංසාව නමින් ස`දහන් වේ. අද ලංකාවේ අපරාධ පරක‍ෂණය කෙරෙන්නේ එවැනි බුද්ධියෙන් තොර හුදෙක්ම මුර්ග ක්‍රියාවලියක් ලෙසිනි.

දේශපාලන හේතු

රටේ අපරාධ පරක‍ෂණ ක්‍රමයෙහි විද්‍යාත්මක දියුණුවක් ඇති නොවිමට තවත් හේතුවක් නම් රට තුළ දැනට පවතින දේශපාලන ක්‍රමයය. රටේ සිය`එම ප්‍රසිද්ධ සංස්ථාවන් 1978 න් පසු ඇතිවුණු දේශපාලන ක්‍රමය තුළ විධායකයේ ග්‍රහණයට අසුව පවතින අතර සිය`එම සංස්ථාද දේශපාලන කරණය වී ඇත යන්න රටේ කොතනැත් කියවෙන කතාවක් බවට පත්ව ඇත. එයට විස`දුමක් පේන තෙක්මානයක නැත.

මේ අනුව පොලිසියද සමස්ථ අපරාධ පරීක‍ෂණ ෙක‍ෂ්ත්‍රයද දේශපාලණකරනය වී ඇත. මෙයින් කියවෙන්නේ අපරාධ නිතියේ විධික්‍රමයනට අනුව නොව හිතුවක්කාර දේශපාලන මෙහෙය වීම් යටතේ, දේශපාලන අරමුණු ඉටු කරගැනීම කරා අපරාධ පරීක‍ෂණ ෙක‍ෂ්ත්‍රයද යොමුවී ඇත.

මේ අනුව සමහර අපරාධකරුවෝ දේශපාලන වරමින් ආවාරණය ලබති. මේ පිළිබ`දව ඉතාමත් පැහැදිලි සංකේතය දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාය. ඔහුට දේශපාලන ආවරණය තිබේ. අපරාධ පරීක‍ෂණ ක්‍රමයත් නිසි ආකාරයෙන් පවතින රටක භාරත ලක‍ෂමන් හා අනිත් අයගේ ඝාතන පිළිබ`දව පැවති විධියේ අවිධිමත් හා නොනිසි ක්‍රියාදාමයක් ඇති වීමට ඉඩක් ඇත්තේ නැත. නිසි අපරාධ පරීක‍ෂණය වනාහි ලොකු කුඩා ක`එ සුදු ගැහැණු පිරිමි ආදී කිසිදු වෙනස්කමක් නොතකා හුදෙක්ම නීතිය හා නීතියේ විධික්‍රමයන් මත කෙරෙන විශය බද්ධ ක්‍රියාදාමයකි.

දේශපාලන කරණයේ එළෙස වාසිලබන්නන් බොහෝ ඇති අතර එහි අවාසි දායක තත්ත්වයට පත්වන්නන් සරත් ෆොන්සේකා, ෙජ් එස් තිස්සනායගම් හා තවත් බොහෝ දෙනෙකි. මෙවැනි හිතුවක්කාර අපරාධ පරක‍ෂණ ක්‍රමයක් පවත්වාගෙන යනතාක් දුරට අපරාධ පරීක‍ෂණ ක්‍රමය නූතනීකරණය හෝ විද්‍යාත්මක වීම කෙරෙන්නේ නැත. මේ අනුව දේශපාලනකරණය වීම හා නූතනීකරණය අතර විශාල ගැටුමක් ඇත. දැනට දේශපාලනකරණය වීම මගින් නූතන කරණය යටපත් කොට ඇත.

මෙසේ බරපතල විකෘර්තිකරණයකට භාජනය කොට ඇති අපරාධ පරීක‍ෂණ ක්‍රමය පොලිසිය තුළ ර`දවාගැනිමේ කාලය පැය 48 ට වැඩි කිරීම මගින් යහපත් අතකට හැරෙන්නේ නැත. දේශපාලන කරනය වීම පවත්වාගෙන යන රජයක් මගින්ම පැය 24 කින් ර`දවාගැනිම වැඩිකිරීම මගින් කරන්නේ විශාල මුලා කිරීමකි. දේශපාලන කරනය කිරීම යන ලෙඩයට විස`දුමක් සෙවිම වෙනුවට තවත් අහිංසකයන් ගණනාවකට බරපතල වදහිංසානයට ලක්වීමේ ක්‍රමයක් යෝජිත පනත තුළින් ඉදිරිපත් කොට ඇත.

වදහිංසාවට භාජනය වූවන් පිළිබ`දව දහසකුත් ලිඛිත වාර්තා අද පවති. ඒවා අතර අධිකරණය මගින්ම ප්‍රකාශයට පත්වූ නඩු තීන්දු ද විශාල වශයෙන් පවති. මේ හැර වින්දිතයන්ගේ කථා සිංහල ඉංග්‍රීසි දෙමළ භාෂා වලින් ලිඛිතව මෙන්ම විද්‍යුත් මාධ්‍ය මගින්ද ප්‍රකාශයට පත්වි ඇත. ලංකාවේ පොලිසි තුළ වදහිංසාවට මිනිසුන් යොමු කිරීම ඉහවහා ගොස් ඇති දෙයක් බව නොපෙනෙන්නේ අන්ධයෙකුට හෝ අන්ධයෙකු සේ ර`ගපාන්නෙකුට පමණය.

යෝජිත පොලිසිය තුළ පැය 48 ක් ර`දවාගැනීමට ඉදිරිපත් කර ඇති නීතිය සදාචාරාත්මක නොවන්නාවුත් අමානුෂික ප්‍රතිපල ඇතිකරන්නාවුත් කිසියම්ම යහපතක් ඇති කරගත නොහැකි වන්නාවුත් නීතියක් වන්නේ මේ නිසාය.

මෙම නීතිය සම්මත වූවොත් එයින්ද කියවෙන්නේ ලංකාව බුද්ධියෙන් වියලී ගිය කාන්තාරයක් බවට පත්ව ඇති බව පිළිබ`දව තවත් ප්‍රකාශයනයක් පමණි.