ලංකාඊනිවුස් තහනම ඉවතට

අධිකරණයේ විභාග වෙමින් පැවති නඩුවක් පිළිබඳ සාවද්‍ය පුවතක් පළ කළේ යැයි චෝදනාවක් සම්බන්ධයෙන් ලංකාඊනිවුස් වෙබ් අඩවියට පණවා තිබූ තහනම ඉවත් කිරීමට පූගොඩ මහේස්ත‍්‍රාත් රවින්ද පෙරේරා මහතා විසින් අද (12) නියෝග කළේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රාමාන්ඞ් භාරයේ පසු වු එම වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු වන ශාන්ත විජේසූරිය මහතා අදාළ වරද පිළිගැනීමෙන් පසුව මහේස්ත‍්‍රතාත්වරයා මෙම නියෝග කළේය. එසේම රිමාන්ඞ් භාරයේ සිටි ශාන්ත විජේසූරිය මහතා මුදා හැරීමට ද මහේස්ත‍්‍රාත්වරයා නියම කළේය.

පසුගිය අපේ‍්‍රල් 28 වැනිදා ලංකාඊ නිවුස් වෙබ් අඩවිය තහනම් කිරීමට පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය නියම කර තිබිණි.

එසේම පූගොඩ මහේස්ත‍්‍රාත් අරවින්ද පෙරේරා මහතාගේ නියෝගයකට අනුව ශාන්ත විජේසූරිය මහතා අපේ‍්‍රල් 25 වැනිදා කිරිඳිවැල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
Tell a Friend