2010 දී රටවල් 22 ක් ළමුන් යුද කටයුතු වලට බදවා ගෙන.

එක්සත් ජාතින් යුද කටයුතු සදහා ළමුන් බදවා ගැනීම පිළිබද බයානක වාර්තාවක් එලි දක්වා ඇත. යුද ගැටුම් වලට ළමුන් බදවාගැනීම හෝ අතවරයට ලක්වීම පිළබද වගකිවයුත්තන්ගේ වාර්ෂික නාමාවලියට එක්සත් ජාතින් යේමනයේ කණ්ඩායම් දෙකක් සහ ඉරාකයේ කණ්ඩායම් දෙකක් එක්කර තිබේ.

වාර්ෂික වාර්තාවට අනුව රටවල් 22 ක ළමුන් යුද කටයුතු සදහා බදවාගෙන ඇත.

2010 වසරේදී යුද ගැටුම් පැවැති ලොව සෑම තැනකම ළමුන්ගේ තත්වය කෙදජනක වූ බව ළමුන් සහ යුද ගැටුම් පිළිබද මහා ලේකම්ගේ විශේෂ නියෝජිත රදිකා කුමාරස්වාමි මහත්මිය ප්‍රකාශ කළාය.

මෙම ලැයුස්තුවේ සදහන් රටවල් 22 න් 15 වකම පාසල් සහ රෝහල් එල්ල කරමින් සිදුවන ප්‍රහාර ගැන ඇය සිය කනස්සල්ල පල කර සිටින්නීය.

සමහරක් පාසල් වලට එකහෙලා ප්‍රහාර එල්ලනොවුනද තර්ජන බියවැද්දීම් සහ හමුදා නැවතීම පිණිස පාසල් සහ රෝහල් යොදා ගැනීමෙහිලා ඒවා බලහත්කාරයෙන් වසා දමා ඇත.

පාසල් ළමා සොල්දාදුවන් බදවාගැනීමේ සුලබ ලෙස බාවිතයට ගැනීම ගැන සදහන් කරමින් එක්සත් ජාතීන්ගේ මහා ලේකම් පාසල් සහ රෝහල් ඉලක්ක කරමින් සිදුවන ප්‍රහාර ගැන දැඩි කනස්සල්ල පළකර සිටින්නේය.

සුඩානයේ පමණක් යුද කටයුතු වලට ළමුන් බදවා ගන්නා සහ ළමා අපචාර සිදු කරන කණ්ඩායම් 15 ක් මෙම ලැයුස්තුවේ නම් කර ඇත.

මෙම වාර්තාවේ ළමුන්ට එරෙහිව උල්ලන්ගනයන් සිදුවන රටවල් ලෙස ඇෆ්ගනිස්ථානය, බුරුමය, බුරුන්ඩි, මද්යම අප්‍රිකානු ජනරජය, චැඩ්, කොන්ගෝ, කොලොම්බියා, හයිටි,ඉන්දියාව,බුරුන්ඩි,නේපාලය, ඉස්රල්, අල්ලාගෙන සිටින පලස්තීන බුමි, පකිස්ථානය, පිලිපීනය, සෝමාලියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය, උගන්ඩාව, සහ යේමනය නම් කර ඇත.

බි බි සි ඇසුරෙන්,
- හර්ෂි -
Tell a Friend