වතුරට ගසා ගෙන ගිය දියණියගේ සිරුර හමුවන විට පියා අතුරුදන්

කේ. එම්. පී. බණ්‌ඩාර

නොකඩවා ඇදහැලෙන ධාරානිපාත වැස්‌ස නිසා හැඩඔය පිටාරා ගැලීමෙන් ජලයට ගසා ගෙන ගිය පියා අතුරුදන්වී ඇති අතර ඔහුගේ දියණිය ගේ මළ සිරුර පෙරේදා සවස (02 දා) හමුවී ඇත. මෙසේ අවාසනාවන්ත ලෙස ජලයට ගසාගෙන ගොස්‌ මිය ගොස්‌ ඇත්තේ හුලන්නුගේ 14 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි අවිවාහක සින්නයියා වසන්ති නමැති දහඅට හැවිරිදි තරුණියකි. අතුරුදන්වී ඇත්තේ මියගිය තරුණියගේ පියාවන 62 හැවිරිදි පොන්නයියා සින්නයියා නමැති අයෙකි. මොවුන් හුලන්නුගේ ගල්ගමුණ ප්‍රදේශයේ හේන්යායේ සිටියදී ජල පහරට හසුවී තිබේ. මේ අතර ජලයට ගසාගෙන යමින් කොටුවී සිටි 15 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට පොලිසිය යුද හමුදාව නාවික හමුදාව සමත් වූහ. වැස්‌සට ගසා ගෙන ගොස්‌ මිය ගිය එළහරක්‌ හා මීහරක්‌ සංඛ්‍යාව මෙතෙක්‌ ගණන් බලා නැත.

මේ අතර ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් දේවාලෙගොඩ පරණගොවිපල පන්සල්ගොඩ, බෝගස්‌ලන්ද, පතුගල්ආර ගම්මාන ජලයට යටවී ඇත.

Tell a Friend