දැන් බැරි නම් කවදාවත්ම බෑ

එස් සිවනායගම් කතුවැකි

(October 23, Colombo, Sri Lanka Guardian)1982 අප්‍රේල් 10: වසර දෙක හමාරකට ඉහත දී දේශපාලකයෙකු නොවන අයෙක් ප්‍රසිද්ධියේ මෙසේ ප්‍රකාශ කළේය. —සිංහල සහ දෙමළ ජාතිකවාද මුල් බැසගෙන ඇති බව පිළිගන්නට අපට සිදු වී තිබේ. මේ ජාතීන් දෙක මතු යම් දවසක එක් වීම අසීරුය....˜ තවදුරටත් හේ මෙසේ පැවැසීය.

—වර්තමානයේ ජනාධිපතිවරයා වෙර දරන ආකාරයේ විසඳුම් ඉදිරියෙදීත් ඇති වන්නට පුළුවන. එහෙත් ඒවා සාර්ථක වනු ඇත්තේ කොන්දේසි තුනක් සපුරන්නේ නම් පමණි.


පළමුව, ස්වෛරී ඊළම් රාජ්‍යයක් පිළිබඳ ඔවුන්ගේ ඉල්ලීම වෙනුවට හුවමාරු කර ගත හැකි ප්‍රත්‍යක‍ෂ හා හරවත් යමක් දමිළ දේශපාලන නායකත්වය විසින් ලබා ගත යුතුය.

දෙවනුව, ඒ විසඳුම දමිළ දේශපාලන නායකත්වය වෙත ඊළම් වරම ප්‍රදානය කළ දමිළ ජනතාවට පිළිගත හැකි බව ඔප්පු විය යුතුය. එය සත.=ටුදායක නොවෙතොත් වර්තමාන පාර්ලිමේන්තු නායකත්වය චණ්ඩ මාරුතයකින් පිස ලා කාරිය ඉටු කිරීමට සැදිපැහැදුනු දැඩි නාකයත්වයක් ඒ තැනට පත් කැරෙනු ඇත. මෙයින් සිදුවීමට ඉඩ ඇත්තේ සිංහල පලාත් හතේ දමිළයන් අත්හැර දමනු ලැබීමයි.

තන්වනුව, දමිළ බහුතරය විසින් මේ පිළිගනු ලැබුවහොත් සිංහල දේශපාලන නායකත්වය අර්ථවත් ආකාරයකින් එම වැඩපිළිවෙල ක්‍රියාවේ යෙදවීමේ අභිලාශය හා අධිෂ්ඨානය පළ කළ යුතුයි.˜

මේ විග්‍රහය මගින් ඉහළ මට්ටමක සංවේදී බවක් හා ප්‍රත්‍යක‍ෂ ඥාණයක් මතු නොව, සිංහල - දෙමළ සංසිද්ධිය පිළිබඳ අචල ආකල්පයක හැටිසොබාව ද පිළිබිඹු කැරෙයි. ජනාධිපති ජයවර්ධන හා දමිළ එක්සත් විමුක්ති පෙරමුණු නායකත්වය අතර සඳුදා ඇති වූ සාකච්ඡා වටයත් සමඟම, මේ විග්‍රහය පරීක‍ෂාවට භාජනය කිරීමට කල් එළැඹ ඇති සෙයක් දිස් වෙයි.

පළමුව, සඳුදා කථාබහ තුළින් එළිබට දෑ —ප්‍රත්‍යක‍ෂ හා හරවත්˜ සේ හැඳින්විය හැකිද?

දෙවනුව, ඒ විසඳුම දෙමළ ජනතාව විසින් පිළිගනු ලැබේද?

තුන්වනුව, අර්ථවත් ආකාරයකින් ඒ වැඩපිළිවෙල ක්‍රියාවේ යෙදවීමේ අභිලාශය හා අධිෂ්ඨානය සිංහල දේශපාලන නායකත්වය සතුවේද?

මේ ප්‍රශ්න තුනට පිළිතුරු දිය යුත්තේ ආණ්ඩුව නොවේ. දමිළ එක්සත් පෙරමුුණු නායකත්වයයි. ඒ, එම පක‍ෂයේ විශ්වසනීයභාවය හා චිරස්ථීතිය ඒ කෙරේ රඳා පවත්නා හෙයින් නොවේ. අප විසින් උපුටා දක්වනු ලැබූ දේශපාලනය විචාරකයාගේ අනතුරු ඇඟවීම සැබෑ වෙතොත් - පලාත් හතක දමිළ ජනතාවගේ ජීවිත හා දේපොලවලට හානි පැමිණිය හැකි නිසාමත් නොවේ. වැඩෙන දෙමළ පරම්පරාවේ අනාගතය අනතුරේ නිසාද නොවේ.

ඡන්දදායකයන්ගේ විශ්වාස දැන් තමන් කෙරේ දිනා ගැනීමේ සදාචාරාත්මක වගකීමක් නායකයන් හට ඇති හෙයිනි. පක‍ෂ ධූරාවලියේ ඉහළ සිටින්නන් හා ඔවුන්ට වරමක් ලබා දුන්නන් අතර සන්නිවේදන පරතරය එන්න එන්නම වැඩි වෙමින් පවති. මේ දෙකොණ යා කළ යුතුය. දැන් එය නොකළොත් කවදාවත් කරනු නොහැකිය.

අප විසින් උපුටා දක්වන ලද දේශපාලන විචාරකයා පොතින් උපන් විද්වතෙකු නොවේ. ඔහු ජනාධිපති ජයවර්ධනගේ මෙන්ම දෙමළ එක්සත් පෙරමුණු නායකත්වයේත් විශ්වාසය දිනා ගත් දේශපාලන —අතරමැදියෙකු˜ වන ආචාර්ය ඒ. ජෙයරත්නම් විල්සන්ගේය. යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඔහු මේ අදහස් පළ කළ 1979 ඔක්තෝබරයේදී වුවත් අද එය වඩාත් තියුණු වූ වැදගත් කමක් උසුළන බව අපේ හැඟීමයි.
-Sri Lanka Guardian