පැත්තක් නැති ජනාධිපති

සිරිසේන ජනාධිපතිවරයා නිරපාක්ෂික්ව සිටීමට ගෙන ඇති තීරණය කෙතරම් වැදගත්කමක් ඇති දෙයක්ද යන්න අපට වැටහෙන්නේ නැත.නායකයෙකු ලෙස, ඔහු රටට ගොඩ ඒම සඳහා තිබු අවස්ථාව අහිමි කළ තම පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයට පමණක් මූලිකත්වය ලබා දෙමින් කටයුතු කළ නායකයෙකු ලෙස ඉතිහාසයේ ලියවෙනු ඇත. අනෙක් අතුරු කතා සියල්ලම ඊට ලඝු වේ.

කතුවැකිය 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙවර ජනාධිපතිවරණයේදී පැත්තක් ගන්නේ නැත. සත්‍ය වශයෙන්ම කිවහොත් ඔහුට සිට ගැනීමට පැත්තක් ඉතුරු වී නැත. නමුත් ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වන  ගෝඨාබය රාජපක්ෂ මහතාට සහෝයෝගය දීමට තීරණය කොට තිබේ. 



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළිත් ගොඩ ගැනීමට නොහැකි මට්ටමින් ඉතාම හාස්‍යයජනක ලෙස දියවෙමින් තිබේ. දැන් ඕනෑ රාජ්‍යය ගෞරව සහිතව අවමංගල්‍යය උත්සවයක් සංවිධානය කිරීම හෝ පැරණි වාමාංශික සහ නූතන දේශප්‍රේමීන්ගේ එදාවේල ටුවර් දේශපාලනය සමග යහන්ගත වීමය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබාදීම සඳහා තාවකාලීක භාරකාරයකු පත්කොට ඇත. පක්ෂයක් එලෙස දිය වීමට වගකිව යුතු මූලික පුද්ගලයා වන්නේ එහි නායකයාය. එනම්, පක්ෂ නායකයා ලෙස, ජනාධිපති සිරිසේන හමුවේ ඇති වගකීම මෙහිදී කිසිවෙකුට බැහැර කළ නොහැකිය. සිරිසේන මහතා පක්ෂයක් ආරක්ෂා කිරීම ගැන උගතයුතු පාඩම් ඔහුගේ වත්මන් පරම දේශපාලන හතුරා වන රනිල් වික්‍රමසිංහගෙන් හෝ ඉගෙනගෙන නැත.

මේ අතර, ගෝඨාබය රාජපක්ෂ මහතා තමන්ට එරෙහිව තිබු නඩු හබ සියල්ලම තම සිතැඟියාවන් වලට අනුව විසඳාගෙන ඇත.  ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය ඇතුළු  අනෙකුත් බරපතළ කාරණා ගැන ජනතාව තුළ මතු වී තිබු කරුණු "සුදු වෑන්" තර්ජනය මඟින් යටපත් කොට ඇත. එම කඳවුරේ සිටින බොහෝ දෙනෙකුට සාදාරණය, නීතිය සහ අධිකරණ ස්වාධීනත්වය යනු තම පෞද්ගලික රුචි අරුචිකම් විනා සැබෑ න්‍යායික කරුණු මත පිහිටා ප්‍රයෝගිකව අත්හදා බලන දෑ නොවේ. ඔහුගේ පුරවැසිභාවයට අදාළ ගැටලුව, අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන විට අධිකරණය හමුවේ පිහිට පැතූ පුරවැසියන් දෙදෙනෙකුට එරෙහිව මරණ තර්ජන දොරේ ගලා ගියේය. එසේම, ඔවුහුට එරෙහිව ශාප කිරීම සඳහා ඇතැමුන් තම සමාජ ජාල අඩවි භාවිතා කරනු ලැබීය.  එසේම එම ශාප කිරීම් දේශපාලන වේදිකාවටද ගමන් කොට ඇත. 

රාජ්‍යයක, ජාතියක් ආධ්‍යාත්මික වශයෙන් දිරා ගොස් ඇති ස්වභාවය මෙවැනි සිදුවීම් වලින් ඔප්පු වේ. සමාජ භීතිය සහ හිස් පුහුමානය පරිපාලනයේ මූලික මෙවලම බවට පත්කරගත් ක්‍රමවේදයක අවසානය සෑමවිටම ඛේදවාචකයක් බව ලෝක ඉතිහාසය ඔප්පුකොට තිබේ. 

කෙසේ හෝ වේවා, සිරිසේන ජනාධිපතිවරයා නිරපාක්ෂික්ව සිටීමට ගෙන ඇති තීරණය කෙතරම් වැදගත්කමක් ඇති දෙයක්ද යන්න අපට වැටහෙන්නේ නැත. අපේ වැටහීමට අනුවනම් එවැනි තීරණයක් ගැනීමට, ඔහු ඉතාම ප්‍රමාද වූවා පමණක් නොව එමඟින් රටේ දේශපාලනයට විශේෂයෙන් ඔහු සහ ඔහුගේ පරම්පරාව පෝෂණය කළ දේශපාලන පක්ෂයට ඔහුගෙන් සිදුවූ මදිපුංචි කමකි. ඔහු ඊට සදාරණත්වය ඉටු කිරීමට යන්නේ කෙසේද යන්න උභාතෝකෝටිකයකි. 

සිරිසේන ජනාධිපතිවරයාට තම ධූර කාලය අවසන් කිරීමට දින 52 කටත් පෙර ඉන් ඉවත්වීමට සිදුවේ. ඒ තවත් සති කිහිපයකින් නව ජනාධිපති වරයෙක් පත්වීමට නියමිත බැවිණි. මැතිවරණය සාමකාමී සහ සාදාරණ ලෙස  පැවැත්වුවහොත් සහ ලැබෙන ප්‍රතිඵලය විනයක් සහිතව භුක්ති විඳීමට රටේ ජනතාවට අවශ්‍යය නිදහස ලැබුණහොත්, ඉන්දිරා ගාන්ධි හැත්තෑව  දශකයේ මැද භාගයේදී ඉන්දියාවට කළ වින්නැහිය මෙරට සිදු නොවනු ඇත. 

ජනාධිපතිවරණයේදී ගෝඨාබය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත්, අගමැතිවරයා මහින්ද රාජපක්ෂ වන අතර ඔහු පොදුජන පෙරමුණේ ප්‍රධාන සාමාජිකත්වයන්ට මුල්තැන ලබා දෙමින් කැබිනට් මණඩලයක් පිහිටුවා ගැනීමට මාන බලනු ඇත.

එසේම, ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළහොත්  අගමැති වික්‍රමසිංහ යටතේ පවතින වත්මන් ආණ්ඩුව මහමැතිවරණයක්  පැවැත්වෙන තෙක් කටයුතු කරනු ඇත. කතාව අවසානයේ ජනාධිපති සිරිසේන, කතාකරුවෙකු පමණක් වී වේදිකාවෙන් බැසයනු ඇත. 

සිරිසේන ජනාධිපතිවරයා ගැන බොහෝ දේ ලිවීමට ඇත. නායකයෙකු ලෙස, ඔහු රටට ගොඩ ඒම සඳහා තිබු අවස්ථාව අහිමි කළ තම පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයට පමණක් මූලිකත්වය ලබා දෙමින් කටයුතු කළ නායකයෙකු ලෙස ඉතිහාසයේ ලියවෙනු ඇත. අනෙක් අතුරු කතා සියල්ලම ඊට ලඝු වේ.