ඉදිරි මාස කීපයේදී රටේ සංවර්ධන කටයුතු වේගයෙන් සිදුකරන බවත් පසුගිය කාල වකවානුවේ දී බෝම්බ පිපිරීම්, බලය පැහැර ගැනීම්, ආණ්ඩුවට එරෙහිව ජනමත ගොඩනැගීම් වැනි අභියෝග රැසකට මුහුණදීමට සිදුවූ බවත්, ඒ අභියෝග හමුවේ අසාර්ථක නොවී ඉදිරියට පැමිණීමට ආණ්ඩුවට හැකි වූ බවත් පසුගියදා (2) අරලියගහ මන්දිරයේ පැවැති සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රාහකයින් සඳහා චෙක්පත් ප්රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.
ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සමෘද්ධි නිවාස ලොතරැයිය මාසිකව දිනුම් අදිනු ලබන අතර පසුගිය මාස 6 හි ජයග්‍රාහකයින් සඳහා මෙලෙස චෙක්පත් ලබාදීම සිදුවිය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ,
මේ ලොතරැයියෙන් වසරකට නිවාස 1700 ක් එදා ඉදිකළා
''දයා ගමගේ ඇමැතිතුමා සමෘද්ධි ලොතරැයියට නව පණක් ලබා දී තිබෙනවා. අපි මෙම වැඩසටහන ආරම්භ කළේ 2002 වසරේ දී මා අග්‍රාමාත්‍යවරයාව සිටියදීයි. එදා මෙම ලොතරැයිය මගින් ජයග්‍රාහකයින් වෙත නිවාස ලබාදීම ආරම්භ කළා. ඒ අනුව මෙම ලොතරැයිය යටතේ සාමාන්‍යයෙන් වසරකට නිවාස 1700 ක් පමණ ඉදිකළා.
නමුත් වර්තමානයේ දයා ගමගේ අමාත්‍යවරයාගේ නව වැඩසටහන යටතේ වර්ෂයකට ඉදි කරන නිවාස සංඛ්‍යාව සිව් ගුණයකින් වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මෙම ලොතරැයියෙන් බිහි වන ජයග්‍රාහකයින් සංඛ්‍යාව සිව් ගුණයක් දක්වා වැඩි වෙනවා. එසේ නම් ඉදිරියට මෙම ලොතරැයියෙන් එක් වර්ෂයකට නිවාස 8000 ක් පමණ ඉදිකිරීමට නියමිතයි.
අද වෙද්දි සමෘද්ධියෙන් ජනතාවට විශාල ප්රතිලාභ ලැබෙනවා
සමෘද්ධිය තුළින් කිසිවෙකුට ඵල ප්‍රයෝජනයක් නොලැබෙන බව එක් වකවානුවක රටේ මතයක් ඇතිව තිබුණා. එයින් ප්‍රයෝජන ලබාගත්තේ ඇතැම් නිලධාරීන් පමණක් බව එකල ජනතාවගේ මතය වුණා. එය විශාල චෝදනාවක් වුවත් එය සත්‍යතාවක් තිබුණා. නමුත් දයා ගමගේ අමාත්‍යතුමාගේ නව සංකල්පය අනුව මෙම තත්ත්වය වෙනස් වී තිබෙනවා. අද වන විට සමෘද්ධි වැඩසටහන තුළින් රටේ විශාල ප්‍රමාණයක ජනතාව ප්රතිලාභ ලබනවා.
මෙම වැඩසටහනේ මූලික සංකල්පය ඇති කළේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමායි. ඒ ජනසවිය වැඩසටහන යටතේයි. සමෘද්ධි ව්‍යාපාරය ද, ජනසවිය වැඩසටහනේ මූලධර්ම අනුව ක්‍රියාත්මක වනු ඇතැයි අප බලාපොරොත්තු වුණා. නමුත් නම් සමෘද්ධි ව්‍යාපාරය එම මූලධර්ම අනුව ක්‍රියාත්මක නොවීම නිසා එම ව්‍යාපාරය තුළ විවිධ ගැටලූ ඇති වුණා. ඒ හරහා රටේ ජනගහනයෙන් කොටසකට විශාල අසාධාරණයක් සිදු වුණා. කෙසේ වෙතත් අද වන විට එම ගැටලූවලට සාර්ථක විසඳුමක් ලබාදීමට දයා ගමගේ අමාත්‍යවරයාට හැකිවී තිබෙනවා.
දයා ගමගේ අමාත්‍යවරයාගේ ව්‍යාපාරික ඥාණය සමෘද්ධි ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් යෙදවීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම එතුමාගේ දැනුම උපයෝගී කර ගනිමින් ප්‍රාථමික කර්මාන්ත ක්ෂේත්රය නංවාලීමටත් අපි කටයුතු කරමින් සිටිනවා.
කුරුඳු ඇතුළු අනෙකුත් කුළුබඩු වලින් ඉහළ ආදායමක් උපයාගත යුතුයි
අද ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝගය කුරුඳු නොවුණත් ලෝකයේ හොඳම කුරුඳු තිබෙන්නේ ශ්‍රී ලංකාවේයි. එම නිසා රටේ කුරුඳු ඇතුලූ අනෙකුත් කුළුබඩු හරහා විශාල ආදායමක් උපයා ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා කෘෂිකර්මාන්තයේ නවීකරණයක් ඇති කළ යුතුයි. දයා ගමගේ අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබෙන්නේ එම වැඩසටහනයි. ඒ වගේම මේ වැඩකටයුතු වෙනුවෙන් කැපවෙන නියෝජ්‍ය අමාත්‍යතුමියටත් මම ස්තුතිවන්ත වෙනවා.
මේ වසරේ ජනවාරි මාසයේ සිට රජයේ කිසිදු වැඩසටහනක් අතරමග නතර නොකර ඉදිරියටම කරගෙන යාමට අපේ ආණ්ඩුව කටයුතු කළා. ආණ්ඩුව විවිධ ගැටළුවලට මුහුණ දුන්නා. පසුගිය වසර අවසන් කිරීමට අපට සිදුවුණේ අග්‍රාමාත්‍ය ධූරය පවා අහිමිවීමෙන් පසුවයි. ඇමතිධූර පවා අහිමි වී ගියා. නැවතත් අප බලයට පත්වී රට ඉදිරියට ගෙන යාවි යැයි කිසිවෙකුත් සිතුවේ නැහැ.
චෝදනා නොකර රට සංවර්ධනයට එක්වෙන්න
නමුත් නැවතත් ආණ්ඩු බලය ලබාගත් පසු පෙරටත් වඩා සීග්‍රයෙන් සංවර්ධන වැඩකටයුතු ඉදිරියට කරගෙන යා යුතු යැයි මම අපේ අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දුන්නා. දේශපාලන කුමන්ත්රණයෙන් පසුව නැවතත් රට භාර ගත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් නියෝජනය කරන ආණ්ඩුවක්. එම නිසා අපේ වැඩකටයුතු වලට ඇතැමුන් බාධා කරනවා හෝ කකුලෙන් අදිනවා යැයි දොස් පැවරීමට අපට හැකියාවක් නැහැ. එම නිසා චෝදනා කිරීම්වලින් තොරව රට සංවර්ධනය කිරීමට කටයුතු කළ යුතු යැයි අප තීරණය කළා.
අපේ රජය යටතේ සංවර්ධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වුණා. උදාගම් ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය නිවාස ඉදිකිරීමට කටයුතු කළා. දිගම්බරම් අමාත්‍යතුමාගේ අමාත්‍යාංශය යටතේ වතුකරයේ ජනතාවට නිවාස ලබාදීම ආරම්භ කළා. පාඨලී චම්පික අමාත්‍යතුමාගේ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ නාගරික අඩුආදායම්ලාභී ජනතාවට තට්ටු නිවාස ලබාදීම ආරම්භ කළා. ඒ වගේම උතුරු - නැගෙනහිර අවතැන් වූ ජනතාව යලි පදිංචි කිරීම යටතේ නිවාස 17,000 ක් ඉදිකිරීමේ කටයුතු මගේ අමාත්‍යාංශය යටතේ ආරම්භ කළා.
"ළඟම පාසල - හොඳම පාසල”, "සුරක්ෂා” සිසු රක්ෂණ වැඩසටහන, ගුරුවරු පුහුණු කිරීම සහ රජයේ පාසල් සඳහා පුහුණු ගුරුවරුන් බඳවා ගැනීම ආදී අධ්‍යාපන ක්ෂේත්රය සංවර්ධනය කරන වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළා. සෞඛ්‍ය සේවාව දියුණු කිරීමේ එක් පියවරක් ලෙස "සුවසැරිය” ගිලන් රථ සේවාව ආරම්භ කළා. මේ වන විට රටේ විශාලතම ගිලන් රථ සේවාව වන්නේ ද එම ගිලන් රථ සේවාවයි. එමෙන්ම මාර්ග සංවර්ධනය සහ ඉදිකිරීම් කටයුතු ද අපේ රජය යටතේ ආරම්භ කිරීමට අපට හැකි වුණා.
සංවර්ධන වැඩසටහන් සීඝ්රයෙන් දියත් කරනවා
මේ සියලූ සංවර්ධන වැඩසටහන් අප ආරම්භ කළේ රටේ ආර්ථික සංවර්ධනය අරමුණු කර ගෙනයි. අප රට භාර ගන්නා විට පසුගිය රජය ගනු ලැබූ ණය ගෙවීමටවත් නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබූ අතර එම ණය ගෙවීමට අප කටයුතු කළා.
රට වෙනුවෙන් මෙතරම් වැඩ කොටසක් ඉටු කරමින් සිටිය දී ඔක්තෝබර් දේශපාලන කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුණා. කෙසේ හෝ එය පරාජය කරමින් නැවත අපි බලයට පැමිණි පසු එම සංවර්ධන වැඩසටහන් නැවතත් සීඝ්රයෙන් ආරම්භ කිරීමට කටයුතු කළා.
දින 52 දේශපාලන කුමන්ත්‍රණය හේතුවෙන් නතර වී තිබූ ගම්පෙරලිය වැඩසටහන නැවතත් ආරම්භ කිරීමට අපට හැකි වුණා. එම වැඩසටහන වෙනුවෙන් වෙන් කර තිබූ රුපියල් මිලියන 200 වියදම් කළ පසු නැවතත් ඒ සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට අප කටයුතු කරනවා.
‘එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට ණය මුදල් ලබාදීම අපි සිදු කරගෙන යනවා. එහි පළමු පියවරේ දී සිදු වූ අඩුපාඩු නිවැරදි කර ගනිමින් අප ඉදිරියට ගමන් කරනවා. ‘රන් මාවත්’ වැඩසටහන යටතේ ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවලට මාර්ග ඉදිකිරීමට අවශ්‍ය මුදල් ලබා දී තිබෙනවා.
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් මාසයක් ගත වීමටත් පෙර දයා ගමගේ අමාත්‍යතුමා පවුල් ලක්ෂ 6 ක් සඳහා සමෘද්ධි සහනාධාර ලබාදීමට කටයුතු කළා. මැයි මාසයේ සමෘද්ධි හිමිකම් ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන විට එතුමා තරමක් අසනීපව සිටි නිසා මෙය ප්‍රමාද කරමු යැයි මම පැවසුවත් එය කෙසේ හෝ ආරම්භ කළ යුතු යැයි අමාත්‍යතුමා පැවසුවා.
නැවතත් රට සාමාන්‍ය අතට පත්වෙලා
අප්‍රේල් 21 වනදා ප්‍රහාරයෙන් පසු එදිනම ආරක්ෂක අංශ උසස් නිලධාරීන් හමුවී උපදෙස් ලබා දුන්නේ මීට වගකිව යුත්තන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි. මාස දෙකක් ගත වන විට එම ත්රස්තවාදීන් සියලූම දෙනා අත්අඩංගුවට ගැනීමට අපට හැකි වුණා. ඒ වගේම ඔවුන් හරහා අලූත් තොරතුරු ලබා ගනිමින් පරීක්ෂණ පැවැත්වීමට හැකි වුණා. බෝම්බ ප්‍රහාරයකින් පසුව මාස දෙකක් ගත වන විට මෙතරම් ඉක්මනින් පරීක්ෂණ කටයුතු මෙහෙය වූ ලෝකයේ වේගවත්ම මෙහෙයුමක් බවට මෙය පත් වුණා.
බෝම්බ ප්‍රහාරයෙන් රටට විශාල හානියක් සිදු වූ අතර ජනතාවගේ විශ්වාසය බිඳ වැටුණා. එවැනි අවස්ථාවක නැවතත් රට සාමාන්‍ය තත්ත්වයට පත් වීමට නම් වෙනත් රටකට වසර 3 - 4 ක් පමණ ගත වෙනවා. නමුත් අප එම අවස්ථාවේ ගත් තීන්දු තීරණ නිසා රට ඉතා ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකි වුණා. එම ප්‍රහාරයෙන් පසුව මාසයක් ගත වීමටත් පෙර ජනතාවට සමෘද්ධිය ලබාදීම ආරම්භ කිරීමට අප කටයුතු කළා.
ඒ අතරතුර ජනතාවට ඉඩම් හිමිකම් ලබාදීමටත් අප කටයුතු කළා. රජයේ ඉඩම්වල වසර 10 ක අඛණ්ඩව භුක්තිය විදි ජනතාවට එම ඉඩම් සඳහා සින්නක්කර අයිතිය ලබාදීමටත් අප නීති ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
උසස් පෙළ සිසුන්ට ටැබ් දෙනවා
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ උසස් පෙළ හදාරන සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීමට අප කටයුතු කරනවා. ඒ හරහා අප බලාපොරොත්තු වන්නේ රටේ සමස්ථ සිසු පරපුරට පරිගණක අධ්‍යාපනය ලබාදීමයි. මෙම වැඩසටහන පළමුවෙන් ජාතික පාසල් හරහා ආරම්භ කරන අතර දෙවැනි අදියරේ දී වයිෆයි පහසුකම් සහිත පළාත් සභා පාසල් සඳහා ක්‍රියාත්මක කරනවා. එහි තුන්වැනි අදියර යටතේ උසස් පෙළ විෂය ධාරා ක්‍රියාත්මක වන අනෙක් සියලූ පාසල් සඳහා වයිෆයි පහසුකම් ලබා දී, අනතුරුව ටැබ් පරිගණක ලබාදෙනවා. මෙම වැඩසටහන කිහිප දෙනෙකුට පමණක් සීමා වන්නේ නැහැ.
බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඉක්මනින් රට යථා තත්ත්වයට පත් කරමින් සංවර්ධන වැඩසටහන් සියල්ල අතරමග නතර නොකොට ඉතා කෙටි කාලයක් තුළ ඒවා ක්‍රියාත්මක කිරීමට අපේ ආණ්ඩුව කටයුතු කළා.
මම අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙන්නේ සංවර්ධන වැඩසටහන් සියල්ල සැප්තැම්බර් – ඔක්තෝබර් මාස වන විට අවසන් කරන ලෙසයි. බෝම්බ පිපිරීම්, බලය පැහැර ගැනීම්, ආණ්ඩුවට එරෙහිව විශාල ජනමත ඇති කිරීම් ආදිය හමුවේ වෙනත් ආණ්ඩු බිඳ වැටෙනවා. අපේ ආණ්ඩුවටත් මේ සියල්ලට මුහුණදීමට සිදුවුවත් ඒ කිසිඳු අභියෝගයක් හමුවේ අසාර්ථක නොවී සීඝ්රයෙන් ඉදිරියට යාමට අපට හැකි වුණා. ඒ සඳහා නව වැඩසටහන් රැසක් අපි ක්‍රියාත්මක කර තිබෙනවා.
පසුගිය වසර 5 ක කාලය තුළ රටේ විශාල සමාජ ආයෝජනයක් ඇති කිරීමට අප කටයුතු කළා. රටේ ආර්ථික දියුණුව ඇති වන්නේ එම සමාජ ආයෝජන මතයි. ඒ සඳහා දයා ගමගේ අමාත්‍යතුමා සිදු කර තිබෙන සේවය මම විශේෂයෙන් අගය කරනවා. ඒ වෙනුවෙන් සහයෝගය දැක්වූ සියලූම රාජ්‍ය සේවකයන්ටත් ස්තුතිවන්ත වෙනවා.
අපේ වේගය අඩාල වෙන්නේ නැහැ
අපේ ආණ්ඩුව ඉදිරියට ගමන් කරන වේගය කිසි විටෙකත් අඩාල කරන්නේ නැහැ. ඉදිරි මාස කිහිපයේ දී සංවර්ධන වේගය තව තවත් වැඩි කරමින් ඊට අවශ්‍ය මුදල් යෙදවීමටත් අපි කටයුතු කරනවා.'' යන්නයි.
මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී බන්දුලලාල් බණ්ඩාරිගොඩ, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් එස්.ඊ.ආර්.ටී.එම්.එස්.පී. බණ්ඩාර යන මහත්වරු ඇතුලූ රාජ්‍ය නිලධාරීන්, සමෘද්ධි නිවාස ලොතරැයි චෙක්පත්ලාභීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
Post a Comment