මෛත්‍රී ඒකාධිපතියෙක්ද ?


තරිඳු තොටවත්ත 





ඉකුත් ඔක්තෝබර් 26 වනදින සිදු වූ අගමැති මාරුව පිළිබඳ විවිධ පුද්ගලයෝ බොහෝ මතවාද පළ කර තිබුණි.  ඇතැම් නීතිවේදීන්, කලාකරුවන්, විද්වතුන් මේ ක්‍රියාවලියනිත්‍යානුකූල බවටත්, තවත් සමහරෙක් නිත්‍යානුකූල නොවන බවටත් තර්ක ඉදිරිපත් කළහ.  මේ අතර මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේගෞරවනීය නමක් දිනාගෙන සිටි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුක්‍රමව්‍යවස්ථාව බල්ලට දමා හෝ මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවයි.  අපි මේ මොහොතේ දී ඔහුගේ ප්‍රකාශය ගැන කිසිවක්සාකච්ඡා නොකරමු.  එහෙත් ඔහු සිදු කර ඇති ප්‍රකාශයෙන්හෙළි වන කරුණක් පමණක් ඉදිරිපත් කිරීමට අදහස් කරමු.  ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගත් තිරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ගුණදාස අමරසේකර මහතා දපිළිගෙන ඇති බවයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව ඕනෑම අවස්ථාවකවිසුරවා හැරීමට බලයක් පවතී නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බල්ලට දමා එවැන්නක් සිදුකිරීමට අවශ්‍ය නොවේ. ඔහුට එවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ම එම ක්‍රියාවලියසිදු කළ හැකි බැවිනි.





රනිල්ට අකමැති
ඇයි ?





මීළඟට අපි සැලකිලිමත්
විය යුත්තේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනු ලැබුයේ ඇයි ද
යන්නයි.  ඒ සිය පෞද්ගලික කාරණාවකි.  ඔහුම සවසන පරිදි ඔහුට රනිල් වික්‍රමසිංහ සමග
එකට වැඩ කිරීමට නොහැකි බවයි.  රනිල් තමන්ට
රිසි පරිදි ක්‍රියාකරන බවයි.  රනිල් ඇතුළු
පිරිසක් රාජ්‍ය ධනය සොරකම් කරන බවයි. රාජ්‍ය දේපළ සොරකම් කරන බවයි.  තවත් වරෙක ඔහු රනිල් සමලිංගිකයකු බව ද පවසයි. රනිල්
රාජ්‍ය ධනය සොරකම් කිරීම හා රාජ්‍ය දේපළ විකිණීම යන චෝදනා දෙක හැරුණු විට අනෙක්
තර්ක සියල්ලම හුදු පෞද්ගලික කාරණා ය.  රනිල්
සමලිංගිකයකු වුව ද ඔහුට පාර්ලිමේන්තු බහුතරය තිබේ නම් ඔහුට අග්‍රාමාත්‍ය ධූරය
හිමිවිය යුතු ය. මහජනතාව විසින් ව්‍යවස්ථාදායක පත්කරනු විනා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාදායකට
බලපෑම් කිරීමේ බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන සපයා නොමැති බැවිනි.   





රාජ්‍ය පාලනයට පෞද්ගලික
රුචි අරුචිකම් ඇයි ? 





අනෙක් කරුණ ජයන්ති
සිරිසේන සමග ජීවත්විය නොහැකි නම්
ඔහුට ඇය ව දික්කසා ද කර වෙනත් කැමති කාන්තාවක් විවාහ කර ගත හැකි ය.  එහෙත් ඔහුට අග්‍රාමාත්‍ය ධූරයට එවැන්නක් සිදු
කළ හැකි නොවේ. අගමැතිවරයා වෙනුවෙන් මෙරට මහජනතාව ඉතා විශාල මුදලක් දෛනිකව වැය
කරන්නේ ජනාධිපතිවරයා සමග පවුල් කෑමට නොවන බැවිනි. 
ඒ අනුව සිරිසේනගේ පෞද්ගලික රුචි අරුචිකම් රාජ්‍ය පාලනයට සම්බන්ධකර නොගත
යුතු බව අවබෝධ කර ගැනීමට තරම්වත් පරිණතභාවයක් සිරිසේන ජනාධිපකිවරයාට නොමැතිවීම
පිළිබඳ ඇත්තේ කණගාටුවකි. 





සිරිසේන ජනාධිපතිවරයා ඉදිරිපත්
කරන අනෙක් ප්‍රධාන තර්ක දෙක රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ නඩය රාජ්‍ය ධනය සොරකම් කළ
බවත්, රාජ්‍ය දේපළ විකුණු බවත් ප්‍රකාශ කිරීම යි. ඕනෑම සාමාන්‍ය මනුෂ්‍යයකු වුවත්
කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයා බව දැන සිටිය ද මේ සරල ජනපතිට ඒ
පිළිබඳවත් අවබෝධයක් නැත. කැබිනට් මණ්ඩලයේ දී ගන්නා ඕනෑම තීරණයක් බලාත්මක වන්නේ
ජනාධිපතිවරයාගේ අත්සනින් බව හෝ මොහු නොදැන සිටිති යි විශ්වාසය කළ හැකිද?. රනිල්
වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය වරයා ලෙස හෝ විධායක ජනාධිපතිවරයාගේ බලතල අතික්‍රමණය කළ
හැකි ද ?.  මේ සියල්ල සිරිසේන විසින් තම
තීරණය සාධාරණීකරණය කිරීම වෙනුවෙන් සිදු කළ ප්‍රවාද විනා තර්කානුකූල හරයක් ඇති ප්‍රකාශ
ලෙස යම් මට්ටමක හෝ අවබෝධයක් ඇති පුද්ගලයෙකුට පිළිගත හැකි ද යන්න ගැටළුවකි.





අපි ජනාධිපතිවරයාට වඩා
අග්‍රාමාත්‍යවරයාගේ බලතල වැඩි බවත්, ජනාධිපතිවරයාට හොරෙන් ඒ සියල්ල අගමැතිවරයාට
සිදු කළ හැකි බවත්, උපකල්පනය කරමු. එහෙත් සිරිසේන ජනාධිපතිවරයා දිනපතා ප්‍රකාශ කරන
තරම් රටට ජාතියට ආදරෙයි නම්, රනිල්ලෙන් රට බේරා ගැනීමට මහින්ද අගමැති කිරීමේ තර්කය
කුමක් ද ?.





මහින්ද සිය වසර නවයක් වන
පාලන කාලය තුළ සොරකම මෙරට සෑම කේෂ්ත්‍රයකම සුලබ කළේ ය.  ඔහුට සහ සිය පවුලේ සෑම දෙනාම ප්‍රසිද්ධියේ කෝටි
ගණන් මුදල් සොරකම් කළ බවට සියලු සාක්ෂ්‍ය ඉදිරිපත් වී තිබේ.  ඔහු අද වන විට ශ්‍රී ලංකාවේ දෙවැනියාට ධනවත්ම
පුද්ගලයා බවට පත්ව තිබේ.  මන්ත්‍රී
වැටුපෙන් එවැනි වත්කමක් අත්කර ගත හැකි ද ?. 
රනිල් එළවා දමා මහින්දට අගමැති ධූරය ලබාදීම ඉඟුරු දී මිරිස් ගැනීමක් නොවේ ද
?.





ලංකා ඉතිහාසයේ රාජ්‍ය සම්පත්
සින්නක්කරව පිටරටට දුන්නේ මහින්ද





රනිල් රාජ්‍ය දේපළවිකුණූ බවට මෛත්‍රීට අමතක කරුණක් ද තිබේ. ලංකා ඉතිහාසයේ රාජ්‍ය සම්පත් සින්නක්කරව පිටරට සමාගම්වලට විකුණනු ලැබුවේමහින්ද රාජපක්ෂ බවයි.  උල්හිටිය අක්කර 1500ක්, පැලවත්ත අක්කර 1200 ක්, ශ්‍රීපාද රත්ෂිතයෙන්, විල්පත්තු රක්ෂිතයේ, සෝමාවතියරක්ෂිතයෙන් අක්කර දහස් ගණනක් පිටරට සම්ගම්වලට විකුණනු ලැබුවේ රාජපක්ෂ රෙජිමය බවඔහුට අමතක ය.  ගාලු මුවදොර යුදහමුදාමූලස්ථානය එතැනින් ඉවත්කර එම භූමිය ෂැංග්‍රිලා හෝටලයට සින්නක්කරව ලබා දුන්නේ ය. වරායනගරය සින්නක්කරව චීනයට ලබා දුන්නේ ය.





මහින්ද රාජපක්ෂගේ උපන්දිනය සමරමින්




මෙවැනි අයෙකුට අගමැති
ධූරය පිරිනමා රාජ්‍ය දේපළ සුරකින්නට සිරිසේන ක්‍රියා කරන්නේ කෙසේ ද ?.





මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපතිවරයා මේ කිසිවක් නොදන්නා බබෙකු නොවේ. 
සැමට රහසේ හිතුමනාපයට අගමැතිවරු මාරු කරන්නටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
උල්ලංඝනය කරමින් තම අවශ්‍යතා සංතෘප්ත කර ගන්නා සිරිසේන සිදු කළ මේ පුටු මාරුව තම
බලය වෙනුවෙන් සිදු කළ බලලෝභී ක්‍රියාවලියකි. 
දෙවන වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඡන්ද පදනමක් නොමැතිව සිටි ඔහුට
මහින්ද සමග සන්ධානගතව ඉදිරිපත් වීමට අගමැති ධූරය පිරිනැමීමක් ලෙස කෙනෙකුට හැඟී
ගියොත් එහි වරදක් දැකිය හැකි ද ?





මෛත්‍රී ගන්නා සියළු තීරණ
රට වෙනුවෙන්ද ? 





මෛත්‍රීපාල සිරිසේන
රංගනයේ යෙදී සිටින නාටකයේ මේ දිනවල ජවනිකාව වී ඇත්තේ ඔහු මෙම තීරණය රට වෙනුවෙන්
ගත් බවට නගන තර්කය යි. ඔහු මෙම ප්‍රකාශය 2014 වසරේ නොවැම්බර් 21 වන දිනත් පැවසූ බව
අපට මතක ය. කිසිදු වගකීමක් නොමැති මෙවැනි ප්‍රකාශ කරමින් ඔහු තම පහත් චර්යාවන්
ලොවට ප්‍රදර්ශනය කරමින් සිටී.





විදේශ මාධ්‍ය සමග පසුගිය
දිනක පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී මොහු රනිල් තමන්ව ඝාතනය කරන්නට උත්සාහ ගත් බව
ප්‍රකාශ කර තිබුණි. එවිට එක්තරා මාධ්‍යවේදියෙක් ප්‍රකාශ කර තිබුනේ 2015
ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේ නම් තමාව ඝාතනය කරන බවට ඒ වකවානුවේ
දී ප්‍රකාශ කළා නේ ද යන්න යි.  එවිට
සිරිසේන සුපුරුදු මෝඩ හිනාව දමා පවසා ඇත්තේ එය ඇත්තක් නොවන බවත්, සාමාන්‍යයෙන්
මැතිවරණ වේදිකාවල එවැනි ප්‍රකාශ සිදු කරන බවත් ය. 
සිරිසේනගේ ජරාජීර්ණ වූ මනස අවබෝධ කර ගැනීමට ඉහත ප්‍රකාශය වුව ද ප්‍රමාණවත්
ය.  ඔහුට තව ස්වල්ප දිනකින් මේ ඝාතන
උත්සාහයත් හුදු රංගනයක් ලෙස ප්‍රකාශ කරන්න විළිබියක් දැනෙතැයි සිතිය හැකි ද ?





මරා - සිරා ජුන්ටාව සිය
දේශපාලන බලය රැකගැනීමට අවසන් තුරුම්පුව ද කරළියට තබා අවසන්





මරා - සිරා ජුන්ටාව තම
දේශපාලන බලය රැක ගැනීම වෙනුවෙන් තමන් සතු අවසන් තුරුම්පුව ද කරළියට දමා තිබේ.  ඒ කොටි නැගිටින බවට මෙරට ජනයා බිය වැද්ද වී
මෙනි.  ඇතැම්විට වව්නියාවේ ඉකුත් දා සිදු
වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය මෙහි ආරම්භය වන්නට ඇත.  පසුගිය දා කරුණා අම්මාන් තවත් බරපතල ප්‍රකාශයක්
කර තිබේ.  ඒ පොට්ටු අම්මාන් ජීවත්ව සිටින
බවට කර තිබෙන ප්‍රකාශයෙනි.  ඔහු එවැන්නක්
කරන්නේ යුද්ධය අවසන් වී වසර නවයකට පසුව ය. 
මෙවැනි බරපතල ප්‍රකාශ සිදු කරන විට ජනපති සහ ඊනියා අගමැති මර නින්දේ
ය.  ඔවුන්ට අවශ්‍ය කෙලෙස හෝ තම බලය
සුරක්ෂිත කර ගැනීම යි.  1983
ජේ.ආර්.ජයවර්ධන ද කළු ජූලිය හරහා අපේක්ෂා කළේ මීට සමාන අරමුණකි. මහා මැතිවරණයක්
නොපවත්වා පාර්ලිමේන්තුවේ 5/6ක බහුතරය සහිතව තවත් වසර 6 ක් ධූර කාලය දීර්ඝ කර ගැනීම
වෙනුවෙන් කළුජූලියක් නිර්ණය කර මෙරට වසර තිහකටත් අධික කාලයක් පුරා දිවගිය යුද්ධයක්
නිර්මාණය කළේ ය.  මරා - සිරා ජුන්ටාව ද තම
පාලන බලය වෙනුවෙන් උත්සාහ කරන්නේ නැවත මේ රටේ ජනවාර්ගික ගැටළුවක් ඇති කර මළ මිනී
මතින් පාලන බලන සුරක්ෂිත කර ගැනීමට ය.  මෙරට
මහජනතාව අවදියෙන් සිටිය යුත්තේ එහෙයිනි.





මහා මැතිවරණයක් සඳහා වූ
ජනතා ව්‍යාපාරය කොයිබටද ?





පසුගියදා මහින්ද රාජපක්ෂකල්ලියේ ගිහි - පැවිදි පිරිසක් විසින් “මහා මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය‘‘ නමින් සංවිධානයක් ආරම්භ කළ හ. ඔවුන් තර්ක කරන්නේ මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී ජනතාඅයිතිවාසිකමක් වන බැවින් ඉන් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වනු මිස වෙනකක් නොවන බවයි.  බැලූ බැල්මට එය සත්‍ය්‍ය ය.  තර්කානුකූල ය. දේශ හිතෛෂී සළු පොරවාගෙන සිටිනඊනීයා මානවවාදීන් විසින් පපුවට අත තබමින් හැඟුම්බරව ප්‍රකාශ කරන විට සියල්ලෝ ම එයපිළිගන්නට පෙළෙඹෙන බවත් සැබෑ ය.  එහෙත්අපිට මෙහි සැඟව තිබෙන බරපතල තත්ත්වය අවබෝධ කරගත යුතු ය.





මැතිවරණයේ ප්‍රජාතන්ත්‍ර
විරෝධී ස්වභාවයක් නොමැත. වරද ඇත්තේ මැතිවරණය කැඳවූ ආකාරයෙහි ය. මෙරට උත්තරීතර ම
නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට
පාර්ලිමේන්තුව විසිරවීමේ බලය සීමා කර තිබේ. ඒ අනුව ඔහුට තම අභිමතය පරිදි
පාර්ලිමේන්තුව විසිරවීමේ බලය හිමිවන්නේ අභිනව පාර්ලිමේන්තුවෙහි ධුර කාලයෙන් වසර
හතර හමාරක් ගෙවීමෙන් ඉක්බිතිව ය.





රටේ මූලික ම නීතිය වන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එවැනි සීමාවක් පනවා තිබේ නම් එය උල්ලංඝනය කිරීම ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. රනිල් දූෂිතයෙකු නම් මොහු සම්බන්ධයෙන් තීරණය ගත
යුත්තේ මෙරට ව්‍යවස්ථාදායක වන පාර්ලිමේන්තුවෙන් මිස විධායකයේ ප්‍රධානියා වන
ජනාධිපතිවරයා නොවේ. එවිට වන්නේ රටේ ප්‍රධාන ආයතන දෙක වන විධායක හා ව්‍යවස්ථාදායක
අතර ගැටුමක් ඇතිවීම පමණි. අද වන විට එය තවදුරටත් සංකීර්ණ තත්ත්වයට පත්ව තිබේ.  ඒ අධිකරණය ද මීට මැදිහත් වීම හරහා ය.





ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
විවරණය කිරීමේ බලය හිමි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දෙස මේ මොහොතේ ලෝකයක් බලා
සිටී.  අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ,
අධිකරණය පිළිබඳ ජනතාවගේ විශ්වාසය යන කාරණා ගණනාවක් එළඹෙන හත්වනදා නඩු තීන්දුව හරහා
ලබා දීමට නියමිත ය. අධිකරණයෙන් ලබා දිය හැකි තීරණය අපට උපකල්පනය කළ නොහැක. එහෙත්
එම තීන්දුව මෙරට නීතියේ ස්වාධිපත්‍ය බලය පිළිබඳ විශාල පාඩමක් ලබා දෙතැයි පමණක් ප්‍රකාශ
කළ හැකි ය.