සටහන : සුනාලී
ෂානිකා රත්නායක
"පුනරුක්ති" නමින් පසුගිය, එනම් 2011 වසරේදී, දෙස්-විදෙස් සම්මානයටද, ගෞරවයටද, ආදරයටද පාත්‍ර වූ ලංකේය
වේදිකා, ටෙලි සහ සිනමා ක්ෂේස්ත්‍ර ජයගත් ප්‍රවීණ නිලි "අනෝමා ජනාදරී" මහත්මිය අතින් රචිතව
ප්‍රකාශයට පත්වූ "ඇගේ කතාව" මා අතට පත් වුයේ මීට දින දෙකකට පමණ ඉහතදීය. ඊට හේතුව මා මෙම අවස්ථාවේදී විදෙස් රටක දිවි ගෙවීම ය. ඇය විසින්, එය මා වෙත ලබාදීමට කටයුතු කිරීම පිළිබඳව මා ඇයට මුලින්ම ස්තුතිවන්ත වෙමි. ඇය ඇගේ කෘතියේ පිටකවරයේම පවසා ඇත්තේ "පුනරුක්ති - මගේ කතාව" යනුවෙන් හෙයින්, එය සැබවින්ම ඇගේ කතාව වනු නොඅනුමානය.
මදක්
ප්‍රමාදව හෝ මා හට එය
කියවීමට ලැබීම පිළිබඳව මා අවංකවම සතුටු වෙමි. තවද ඉංග්‍රීසි මාධ්‍යය හරහා
ලාංකේය ජනමාධ්‍ය ක්ෂේස්ත්රයට මීට අට වසකට පමණ ඉහතදී සපැමිණි මා හට,
"පුනරුක්ති" වෙනුවෙන් මාගේ මවු බසින් මෙසේ සටහනක් තැබීමට අවස්ථාව උදා වීම ද, මෙසේ
මුද්‍රිත
මාධ්‍යයක් ඔස්සේ ප්‍රකාශයට පත්වීම තුලින්, පුනරුක්ති කියවීමෙන් ඉනික්බිතිව, ඒ පිළිබඳව මා තුල ඉපැදුනු අදහස්,
උදහස්, එකඟවීම්, ප්‍රහේලිකා,
ප්‍රශ්නාර්තයන් යනාදී සියල්ල, එම කෘතියෙහි පාඨකයින්, සෙසු මාධ්‍යවේදීන් සහ
කලාකරුවන් බහුතරයක් අතර බෙදා-හදා ගැනීමට මා හට අවකාශය ලැබීම පිළිබඳව ද මා අවංකවම තෘප්තිමත් වෙමි. එතැනින් නොනැවතී, පුනරුක්ති වෙනුවෙන් මා තබනා
මෙම
සටහන, එහි
කතුවරිය හට රුකුලක්ම වනු ඇතැයි පතමි.
සාමාන්‍යයෙන්
පත පොත පරිශීලනය මාගේ දෛනික කටයුතු වලින් මිදෙනුයේ ඉතාමත් කලාතුරකින්
පමණි. ඒ, පත පොත
කියවීමට මා
තුල කවදත්
පැවති රුචිකතවයයි. සාමාන්‍යයෙන් අතට වැටෙන ඕනෑම දෙයක් කියවීමට මා එදා
සිටම පුරුදුව සිටිමි. නමුත් මා මනසට ගනුයේ
ඉන් හරයක් ඇති දෑ පමණි. අන් සියල්ල, මිට මොලවාගත්කල ඇඟිලි කරු අතරින්
ගිලිහෙන ද්‍රවයක් මෙන් මා ඉවතලමි. නමුත් මා නිතරම එක හුස්මටම පත පොත කියවා
නිමාකරන්නේ නැත. නමුත් එසේ නොවන අවස්ථාවන්ද නැත්තේම නොවේ.
පොතක් එක හුස්මට
කියවනවාද, නැතිද යන කාරණය, මාගේ පෞද්ගලික අත්දැකීම්
අනුවනම්, කරුණු කිහිපයක් මත රඳා පවතී. එනම්, (දවසේ වේලාවද සැලකිල්ලට ගනිමින්, පොත අතට ගන්නා අවස්තාවේදී එය මහ රැයක් හෝ මහ දවාලක් ද යන කරුණු කාරණා ද සැලකිල්ලට ගනිමින්), එම අවස්ථාවේදි කායික
සහ චිත්ත ශක්තිය, එකේ සිට දහය දක්වා දර්ශකයක කිනම් ස්ථානයක පවතීද යන
කාරණාව මත, සහ එම පොතෙහි 'රසවත්හාවය' හෝ 'කුතුහලාත්මක-භාවය' අනුව යන කරුණු
කාරණායි.
එය එසේ තිබියදී, "පුනරුක්ති" නම්වූ අනෝමාගේ චරිතාපදානයේ පළමු කොටස මෙන්ම මෙතක් ප්‍රකාශට පත්ව ඇති කොටස මා
අතට පත් වී පැය කිහිපයක් ඇතුලත මා එය
කියවා නිම කලෙමි. එය එසේ සිදුවුයේ, එසේ කිරීමට මා තුල වූ අදිටනකින් නම්
නොවේ, නමුත් එය ඉබේම එසේම සිදුවන්නට විය. ඇතැම්විට, එය පුනරුක්ති පිළිබඳව
මා තුල වූ දැඩි කුතුහලය නිසාම වන්නට ඇත.
දැන් ඒ පිළිබඳව පරිබාහිර කාරණා පසෙකින් ලා මා මාතෘකාවට එළබෙන්නෙමි.
"පුනරුක්ති"
ප්‍රකාශයට
පත්වීමත් සමගම, එහි කතුවරිය නිසැකයෙන්ම එකිනෙකට සමාන වූත්, පරස්පර වූත්
ප්‍රතිචාර සමාජය තුලින් ලබන්නට ඇති බව මාගේ පෞද්ගලික හැගීමයි. එවන් සමාජමය
ප්‍රතිචාර "අධම" - "මධ්‍යස්ථ" සහ "උත්තම" යනාදී ස්ථරයන් අතර දෝලනය වන්නට
ඇති බව මා තරයේ විශ්වාස කරමි. එවන් සම්මිශ්‍රණයක පවතින්නට ඇති ප්‍රතිචාර ඇය
කෙසේ භාරගත්තේ දැයි මා නොදනිමි. 'උපේක්ෂාවෙන්' නම්, එය වඩාත් යෝග්‍යය.
සැබවින්ම, මෙම කෘතිය කියවූ මා හට ද, කෘතිය සර්ව-සාධාරණය කිරීමේ හැකියාව කෙසේවත් නොපැවතුණු බව මා අවධාරණය කරමි. ඒ, මා ඒ දෙස "ලේඛණමය" හෝ
"කලාත්මක" පැතිකඩකින් බැලූ විට බව මා දනිමි. නමුත් මා පුනරුක්ති
තුලින් "සාහිත්‍යමය" හෝ "තොරතුරුමය" රසයක් බලාපොරොත්තු විය යුතුද නැත. මන්ද
යත්,
කතුවරියගේ පරමාර්ථය එය නොවූ නිසාවෙනි. ඇයට ස්වර්ණ පුස්තක උන්මාදයක් හෝ සාහිත්‍ය ශුරියක වීමේ අභිලාශයක් නොමැති බව කතුවරිය
ඍජුවම
පවසා ඇත. ඇයට අවශ්‍යව තිබුණේ ඇගේ කතාව කීමට පමණි. එසේනම් අප ඇය ඉදිරිපත්
කිරීමට උතසාහ නොකළ දෙයක් ඇගේ නිර්මාණය තුලින් බලාපොරොත්තු වීම අර්ථ
ශුන්‍යය.
විටින්
විට
කතුවරිය
ඇතැම් සිදුවීම් ඉදිරිපත් කිරීම උදෙසා
යොදාගෙන තිබුණු වාග් මාලාවන් මා හට එතරම්ම ආකර්ෂණයක් ගෙනදුන්නේ නැත. නමුත්
ඇය කීමට උත්සාහ කල, ඇයට කීමට පමණක් අවශ්යවූ ඇගේ කතාව මා හට මැනවින්
වැටහිණි. ඒ, ගැහැනණියක කුඩා දරුවකුව සිටි සමයේ පටන්, තම භද්‍ර යෞවනය දක්වා
(පුනරුක්ති පළමු කොටසේ ලියැවී තිබුණේ මා මෙහි සඳහන් කල කාල පරාසය තුල
අනෝමාගේ ජීවිතයේ අත්දැකීම් පමණක් බව සලකන්න) ඇය තම ජීවිතයේ මුහුණ පා තිබුණු
කටුක, කෘර
අත්දැකීම් පිළිබඳව "මානුෂීය" දෘෂ්ටියකින් බැලීමට මා හට හැකිවූ නිසාවෙනි.
තමා සමාජයට ඉදිරිපත් කරන්නාවූ කෘතියක් හෝ ග්‍රන්ථයක් උදෙසා පමණක් ම නොව, සාමාන්‍යයෙන් වෙනත් ඕනෑම සාධකයක් හරහා සමාජය අතරට පිවිස, ඒ සමග ගැටෙන තැනැත්තාට හෝ තැනැත්තියට, පුනරුක්ති තුලින් අනෝමා ලබන්නට ඇතැයි සිතිය හැකි ප්‍රතිචාර වලට සම කල හැකි අවස්ථාවන්ට මුහුණ දෙන්නට සිදුවනු ඇත.
සරල
උදාහරණයක් නම්, වර්තමානයේ මහා ආන්දෝලනයටත්, වෛරයටත්, ආදරයටත්, විවේචනයටත්
පාත්‍ර වී ඇති, අන්තර් ජාලය හරහා අදහස්-උදහස්-සංකල්පනා
හුවමාරු වෙමින්
පවතින්නාවූ තෝතැන්නක් වන අනේකවිද සමාජ වෙබ් අඩවි (Social Networks) ඔස්සේ
වුවද යමෙකු වචනයෙන් හෝ චයාරූපයක් හරහා හෝ ඕනෑම මාතෘකාවකක් පිළිබඳව
සුළු මතයක් හෝ ඉදිරිපත් කල සැණින්, මා කලින් සඳහන් කල "අධම -
මධ්‍යස්ථ - උත්තම" ප්‍රතිචාර දසදෙසින් ගලා එන්නේ නිරායාසයෙනි. නමුත්, එම
මතය හෝ ප්‍රකාශය ඉදිරිපත් කරන්නාවූ තැනැත්තා 'කවරකුද' යන සාධකය ද මෙහිදී
සුවිශාල පෙරැලියක් සහ
වෙනසක්
ඇති කරණු ලබයි.
ඕනෑම කෙනකු ඕනෑම දෙයක් කුමන හෝ වේදිකාවක් මතින් සමාජය අතරට ගෙනයාමට උත්සාහ කල සැණින්, හෝ එසේ සමාජගත කළ සැණින්, ඊට ප්‍රතිචාර බලාපොරොත්තු වුවද, එය එසේ සිදු නොවනු
ඇත. එම පණිවුඩය සමාජය අතරට ගෙනයන්නේ "කවරකුද" යන සාධකය මෙහිදී බොහෝ වැදගත්
වන බව මා කලින් ප්‍රකාශ කළේ එහෙයිනි. අනෝමා ගේ කතාවට සිදුවන්නට ඇත්තේ ද
එයමය. ඇය ලාංකේය කලා සමාජයේ වටිනා
පුරුකකි. ඇයට අකමැත්තවුන් වුවද, ඇගේ රංගන කෞශල්‍යයන් හොරෙන් හෝ බලා රසවිදින්නීය. නමුත් ඔවුහු ඒ පිළිබඳව එළිපිට
වර්ණනා නොකිරීමට වග බලාගති. ඒ අප සමාජයේ කුහකත්වයයි. එය අමුතු දැයක් හෝ අලුත් දැයක් නොවේ.
ඇය අප ලාංකේය
සමාජය තුල කාත් කවුරුත් දන්නා හඳුනන චරිතයකි. එමෙන්ම මහත් ආන්දෝලනාත්මක චරිතයක් යැයි ඇතැම්හු පවසති. තවත් ඇතැම්හු එය පිළිගනිති.
නමුත්
සමාජයෙන් සදාතනික කටුක අත්දැකීම් වලට බඳුන් වූ තවත් "කාන්තාවක්" ලෙසින්
අනෝමා "පුනරුක්ති" නමින්, වචනයේ පරිසමාප්ත අරථයෙන්ම "නැවත කීමක්"
වන ඇගේ කතාව සමාජගත
කලද, දහසකුත් එවන් කාන්තාවන් හට එය රුකුලක් වේ යැයි යන බලාපොරොත්තුවෙන් ඇගේ
කෘතිය එළිදැක්වුවද, අප සමාජයේ බොහෝ දෙනකු ඇගේ කෘතිය දෙස බලන්නේ "අනෝමා
ජනාදරී" නම්වූ "කලාකාරිනිය" ගේ කතාව, එසේත් නැතිනම්, ප්‍රකට චිත්‍රපට
අද්යක්ෂවරයෙකුගේ හිටපු බිරිඳ (Ex-wife) වශයෙන් ඇගේ කතාව, එසේත් නැතිනම් තව
බොහෝ පරිබාහිර සාධක එයට එකතුකොටගෙන, බොහෝ ව්‍යාකුල වූ දෘෂ්ටිකෝණයන් කරහාය. එවිට ඇය මත මල් වරුසා
මෙන්ම ගල් වරුසා ද වහින්නේ ඉබේමය.
මා කලින් සඳහන් කල පරිදි, ආන්දෝලනාත්මක චරිතයක් යැයි අප සමාජයේ
මුද්‍රාවක් වැදී සිටිනා අනෝමා, බොහෝ විට කෙලින් කතා කරන්නාවූ, කෙලින් සිය අදහස් ප්‍රකාශ කරන්නාවූ, කොටින්ම කිවහොත්, කියන්නට ඇති දෑ ව්‍යන්ගාර්තයෙන් හෝ වහෙන්-ඔරව නොකියා, කෙනෙකුගේ මූණටම කීමට පසුබට නොවන්නාවූ ඍජු චරිතයකි. ඇතැම්හු ඇගේ එම ගුණාංගයට ආදරය කරති, තවත් ඇතැම්හු එයටම ජම්මාන්තර වෛර බඳිති. සමාජයක් වූ කලි, එය එසේම සිදුවන්නාවූ
ක්‍රියාදාමයකි. එය කිසිදා වෙනස් නොවනු ඇත.
ඒ කෙසේ නමුත්, අනෝමා ද රැල්ල ගසාගෙන එන දිශාවට ඔහේ පිහිනා යන කෙනෙකු නොවන්නීය . ආසියාතික කාන්තාවක් වුවද, මධ්‍යම-පාන්තික උගත් පවුලකින් පැවත එන්නාවූ, ගැමි පරිසරයක
හැදුනු වැඩුනු කතක් වශයෙන්, සිය පෞද්ගලික සහ වෘතියමය දිවි පෙවෙත පුරාවටම, රැල්ල ගසන අතට ප්‍රතිවිරුද්ධ අතට පිහිනා යාමට උත්සාහ දරා, ඉන් පීඩාවටත්, ජයග්‍රහණයත් දෙකටම පාත්‍ර වූ ශක්තිමත් සහ ස්වාධීන කලාකාරිනියකි ඇය.
සමාජය
වෙනස් වේ යැයි හෝ ඉන් ලැබෙන්නාවූ ප්‍රතිචාර යම් තාක් දුරට හෝ මට සිලිටු වේ
යැයි සිතා, තමාට කීමට ඇති දෑ වසන් කරගෙන සිටීම හෝ, කීමට ඇති සත්‍ය ඒ මේ
අතට නමා, රේන්ද
අල්ලා, ආලේපන ගල්වා, වේශ නිරුපණයන් ට ලක් කොට තරමක් වෙනස් කොට
කීමෙන් හෝ පලක් නොමැත. කිමද, එවිට තමා තමාටම වංක වන
නිසාවෙනි. තමා තමාටම වංක වූ කලි, මුළු මහත්
සමාජයකට දිය හැකි වටිනා
වූ පණිවුඩයක් තිබේද ? කොහෙත්ම නැත. ඒ අතින් අනෝමා ඉදිරියෙන් සිටින්නීය.
එනම් ඇය "පුනරුක්ති" හරහා ඇගේ සත්‍ය වසන් කොට නොමැත. ඒ උදෙසා සියුම්
උත්සාහයක් හෝ ඇය ගෙන නොමැත.
නමුත් මෙහිදී එක් දෙයක් කළ හැකිව තිබිණ . එනම්, තමාට සත්‍ය කතාවක් සමාජගත කිරීමට දැඩි අවශ්‍යතාවක් තිබේනම්, එම
සත්‍යය වසන් නොකොට, එම සත්‍යය සත්‍යයක් වශයෙන්ම පවතින්නට ඉඩ හැර, එය වඩාත් "ගුණාත්මක" භාවයකින් යුතුව සමාජගත කල හැකි වීමයි. විශේෂයෙන් කෘතියක් නම්, තමා කතාව කීමට යොදාගන්නා "භාෂා විලාශය", විවිධවූ අප්‍රසන්න සිදුවීම් හෙලිදැක්විය හැකි "ක්‍රමවේදයන්"
යනාදී කරුණු මෙහිදී ඉමහත් වැදගත්කමක් උසුලනු ඇත.
කිමද, අතිශය පෞද්ගලික යථාර්ථයක් හරහා වුවද, ඇය ගැටෙන්නට
තීරණය කොට ඇත්තේ හුදෙක් ගෙදර අයවලුන් සමග නොව, අල්ලපු වත්තේ අයවලුන් සමග
නොව, නමුත්, මුළුමහත් සමාජයක් සමගින් නිසාවෙනි. එම සමාජයේ ව්‍යුහ බොහෝය.
ස්ථර බොහෝය. කෘතියක් හෝ වෙනත් ඕනෑම නිර්මාණයක් හෙළිදැක්වීමේදී ඒ පිළිබඳවද
සිහි තබාගත යුතු බව මාගේ පෞද්ගලික හැගීමයි.
කටුකත්වයේ,
දුෂණයේ, වංචාවේ, පීඩාවේ, වෛරයේ, කෘරත්වයේ කිනම් ගුණාත්මක භාවයක් දැයි
ඇතැමෙකු මෙහිදී තර්ක කරන්නට ඉඩ තිබේ. පුනරුක්ති ද එසේ ගැහැණියක හට,
වැඩි දුර
නොගොස් ප්‍රථමයෙන් තම නිවස තුලින්මද, පසුව පිටස්තර සමාජය
හරහාද එල්ලවූ කටුකත්වයේ, දුෂණයේ, වංචාවේ, පීඩාවේ, වෛරයේ, කෘරත්වයේ
තෝතැන්නකි. එනම් අනෝමා හට සිය ජීවිතයේ මුහුණ පෑමට සිදුවූ සියලු අකටයුතුකම්
ඇය නොසඟවා පුනරුක්ති තුලින් සමාජය සමග බෙදා-හදා ගෙන තිබෙණු මෙහිදී දක්නට ලැබේ. එය පමණක්ම ඉතාමත්ම එඩිතර ක්‍රියාවකි. එවන් අත්දැකීම් සමුදායකට මුහුණ දුන් බහුතරයකට (ගැහැණු පිරිමි
භේදයකින් තොරව වුවද), හුදෙක් ගැහැණියක් වශයෙන් අනෝමා කල දෙය කිරීමට නොහැක. ඊට ඉතා ශක්තිමක්ත් පිටකොන්දක් අවශ්‍යය. ඉංග්‍රීසි භාෂාවෙන් සැකෙවින් පවසතොත් ; "යූ
රියලි ගොට් ටු හෑව් සම් නර්ව් ටු ඩූ දැට් - You really got to have some nerve to do that," කියා අනෝමා හට පැවසීමට මා හට සිත් පහල වේ.
නමුත්, එය ද එසේ තිබියදී, අප දන්නා තරමින් නම්, ජීවිතයේ ඕනෑම අප්‍රසන්න යතාර්ථයක් හෝ, හුදෙක් ලිංගිකත්වය ගැබ්වූ ක්‍රියාවලියක් හෝ, ස්ත්‍රී දුෂණයක් හෝ, ළමා අපචාරයක් හෝ, සිනමා / රුපවාහිනී නිර්මාණයක් හරහා හෝ ග්‍රන්ථයක් ඔස්සේ සමාජගත කිරීමේදී එයට (සාහිත්‍යමය හෝ තොරතුරුමය වශයෙන් කෙසේවෙතත්), සමාජය විසින් ග්‍රහණය කොර ගත හැකි හෝ අවබෝධාත්මක වටිනාකමක් හෝ, ගුණාත්මක භාවයක් එයට ලබාදී එම කර්තව්‍යය සිදුකල හැකි බවයි. ඉතිහාසයේ ඕනෑතරම් එය සිදුව ඇත. එවිට අප්‍රසන්න සිදුවීම් ගොනුවක් වුවද සමාජය විසින් ආදරයෙන් වැළදගනු ඇත. තේරුම්ගනු ඇත. ඉන් ඉගෙනගනු ඇත. එය ලියු හෝ කියූ තැනැත්තාට අනවශ්‍ය ලෙස වෛර කිරීම් ක්ෂය වනු ඇත.
පුනරුක්ති තුලින්
මා ඉහතින් සඳහන් කල සියල්ල කැටිවූ එම
ගුණාත්මක භාවය
මා නුදුටු බව සත්‍යයකි. නමුත් එය කීමෙන් මා පුනරුක්ති කිසි
අයුරකින් ගැරහුමට ලක් කරන්නේ ද නැත. කිමද, කතුවරිය ඇගේ නිර්මාණය තුලින්
සමාජයෙන් සම්මාන, ප්‍රශංසා බලාපොරොත්තු නොවූ නිසාවෙන් සහ, මා කලින් සඳහන්
කල පරිදි, මා, කතුවරිය මුහුණ දුන් එවන්
වාතාවරණයන්ට ජීවිතයේ මුහුණ දී නොමැති වුවද, සෑම සමාජ ස්ථරයක් දෙසම සහ එම සමාජ ස්ථරයන්හි සිදුවන්නාවූ සෑම සියලු දෑ දෙස පුළුල් දෘෂ්ටිකෝණයකින්
අවබෝධාත්මකව බලන්නට පුරුදුව සිටින මා හට, තවත් "ගැහැණියකගේ හදවතින්" අනෝමා ගේ කතාව දෙස බලා එය තේරුම් ගැනීමට ශක්තිය තිබෙන නිසාය.
දැන් මා එම මානුෂීය දැක්මෙන්, පුනරුක්ති පිළිබඳව යමක් පැවසීමට කැමැත්තෙමි.
අනෝමා
කුඩා කල සිටම ඇගේ නිවහන තුල, ග්‍රාමීය පාසලක ගුරුවරියක වූ පෝය දාට නොවරදවා
සිල් ගත් ඇගේ "මවත්", කලාතුරකින් නිවෙසට පා
තැබූ විදුහල්පතිවරයෙකු සහ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලඥයෙකු වූ ඇගේ "පියාත්",
කාන්තා මෙන්ම ළමා අපචාරයේ යෙදෙනවා හැරෙන්නට වැදගත්මකට ඇති දෙයක් සිදු
නොකලාවූ, එහෙත් මෙම නිවසේ පාලන අධිකාරිය තමාගේ දෑතට ගත් "බාප්පෙකුත්" යන
චරිත තුන අතර දෝලනය වෙමින්, බොහෝ චිත්ත පීඩාවන්ට, සැර පරුෂ වාග් ප්‍රහාර
වලට පාත්‍ර වෙමින්, තමාගේ නිවස තුලම තමාගේ ස්වාධීනත්වයට, නිදහසට අංශු
මාත්‍රයක හෝ සාධාරණයක් ඉෂ්ට නොවුණු 'අපායක්' තුල තම බාල විය ගත කල බව
පුනරුක්ති තුලින් කියැවේ.
එම
නිවසේ සියල්ලන්ටම පාහේ ප්‍රශ්නයක්ව
තිබුණේද
ඇයයි. ඇගේ බාල සොහොයුරියන් හැර, අන් සියලුදෙනාටම අවශ්‍යව තිබුණු මූලිකම දෑ
වූයේ, ඇයව එම නිවසින් බැහැර
කිරීමයි. ඒ මන්ද යත්, වසරකින් පමණක් වැඩිමහල් වූ ඇගේ එකම සොහොයුරාටත්,
එවකට වැඩි යමක් තේරුම් ගැනීමේ වයසක නොවූ ඇගේ බාල සහෝදරියන්ටත්
නොපෙණුනු, නොතේරුණු, නොදැණුනු, නොහැගුණු බොහෝ දෑ, පවුලේ වැඩිමහල් දියණිය වශයෙන් අනෝමා හට කුඩා අවදියේ පටන්
තේරුම් බේරුම් ගිය නිසාවෙනි. දැනෙන්නට වූ නිසාවෙනි. හැගෙන්නට වූ නිසාවෙනි.
නිවසක් බිත්ති හතරකින් වටවූ පමණින් එය නිවහනක් නොවනු ඇත. එනම්, නිවසක් නිවහනක් වීමට නම් එහි නිවහල් භාවයක් තිබිය යුතුමය. මෙම නිවහල් භාවය ඇතිවනුයේ එම නිවහන තුල ජීවත් වන පිරිස ගේ සිතුම් පැතුම්,
කල් ක්‍රියාවන් මතය. අනෝමා ජීවත් වූ මෙම නිවස ඈ දුටුවේ සිරගෙයක්, අපායක් ලෙසිනි. විටෙක ඇය එය හැඳින්වුයේ ; "අපේ ගෙදර අපිව
මැදිකරගත්තු වැඩිහිටි ප්‍රේම ත්‍රිකෝණය" කියාය. එය විෂම අදහස් ඇති ඌරු කොටුවකට ඇය සම කළාය.
එනම්, උල් වු කොන් තුනකින් නිතර දෙවේලේ ඇගේ ගත, මනස, ආත්මය පසාරු කරගෙන යන පරිදි කිසිදා නොමැකෙන කැළැල් ඇතිකොට, වේදනාකාරී සිදුරු තබමින්, කෘර ලෙස ඇනීම් සිදුකල ත්‍රිකෝණයක්
ලෙසිනි. මෙම ත්‍රිකෝණයේ කොන් තුන වූයේ ඇගේ 'මව', 'පියා' සහ 'බාප්පාය'.
මෙම
ත්‍රිකෝණයේ
දළ සටහනක් ද ඈ කෘතියට චිත්‍රයක් ලෙසින් ඉදිරිපත් කොට ඇති හෙයින්, මෙම
'ත්‍රිකෝණයේ කතාවෙන්' ඈ කීමට උත්සාහ කරනුයේ ඉතා ගැඹුරු වුත්, වේදනාකාරී
වුත්, දුක්ඛ දෝමනස්සයන්ගෙන් කිසිඳු අඩුවක් නොවූ කතාවක් යැයි මා හට
හැඟී ගියේ නිරායාසයෙනි. තම වටාපිටාව සහ එහි වූ ප්‍රධාන චරිත පිළිබඳව මෙම "ත්‍රිකෝණය" උපමාකොට කතුවරිය සිදුකලාවූ නිර්වචනය තුල, දෑසට පෙනුණු නොපෙනුණු, කනට ඇසුණු නෑසුණු, එහෙත් සිතට තදින්ම දැනුණු හැගුණු බොහෝ දෑ ගැබ්ව ඇතැයි මා සිතමි. එම අවස්ථාවේදී අනෝමා එය දක්ෂ ලෙස තම කෘතිය තුලින් ඉදිරිපත් කොට ඇතැයි මට සිතේ.
අනෝමා ඇගේ කථාව ලියන්නේ "කඳුලින්" නොව "ලේ වලින්" බව කතුවරිය පවසයි. එනම්, ඇයට ඇගේ කටුක, කෘර අතීතය ඇගේ ශරීරයේ ලේ නහර දක්වා කිදාබැස, මෙතුවක් කෙතරම් මානසිකව වදදෙන්නට ඇත්ද ? ඇය විටෙක කදුලින් හඩා වැටෙන්නට ඇත. තවදුරටත් හැඩීමට කඳුළු නැතිවූ කළ, ඇය හදවතින් හඩා වැටෙන්නට ඇත. මෙවන් කතා තව කොපමණ, ලොව වටා කෙසේ වෙතත්, ලංකාව තුල පමණක් ඇත්ද ? ලේ වලින් තමා "පුනරුක්ති" ලිවූ බව පවසන
කතුවරිය, සත්‍ය වශයෙන්ම හෙලිදක්වන්නේ, භූගෝලීය පිහිටීම් භේදයකින් හෝ,
සංස්කෘතිකමය භේදයකින් හෝ, ගැහැණු පිරිමි භේදයකින් හෝ තොරව, බහුතයරක්,
සමාජයට තබා, තම හිතවත්ම කෙනාට
වුවද කීමට ඉදිරිපත් නොවන්නාවූ, ඊට මැලි වන්න්නාවූ කතාන්තරයකි.
තමාගේ බාප්පා අතින් අපචාරයේ යොදවාගන්නා වූ, ගෙදර වැඩපලට ගෙනෙනා කාන්තාවන් වෙත ඇයට ඇත්තේ සානුකම්පිත හැගීමකි. නමුත්, ඇයද මෙම වැඩිහිටියන් නිසාවෙන්, මෙම "පුරුෂ මුලික සමාජය" තුල සදාතනිකව දැඩි පීඩාවන්ට මානසිකව මුහුණදෙමින් සිටිනා සිරකාරියකි. එහිදී වඩා ඛේදනීය තත්වයකට පත්ව ඇත්තේ "තමාද", එසේත් නැතිනම්, තම බාප්පා විසින් බලහත්කාරයෙන්, නමුත් අසරණකම හේතුවෙන් කැමතිකරවාගනිමින් අපචාරයේ යොදවාගත් "කතුන් ද" යනවග ඇය හට ගැටලුවකි. එනම්, දෙගොල්ලෝම (අනෝමා සහ ඇගේ නිවසේ වැඩට සිටි කතුන්) විවිධ වූ අසරණකම් හමුවේ, එක වල්ලේ පොල් වැනිය.
ඇගේ මව (තම මවට වඩා පස් වසකින් බාල වූ), ඇගේ පියාගේ මළනුවන් (ඇගේ බාප්පා) සමග අඹු සැමියන් මෙන් හැසිරීම ඇයට අප්රියසම්පන්න වූ ප්‍රහේලිකාවක් ද, ඇගේ පියා මේ සියල්ල දැන දැනත්, නපුන්සක ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් ඇගේ මව සහ බාප්පා දිගින් දිගටම (දරුවන් ඉදිරියේ, නමුත් දරුවන් ගෙන් වසන් කිරීමට උත්සාහ ගනිමින්) ඔවුන්ගේ මේ "කැනහිලිකම්" වල නියැලෙමින් දිවි ගෙවනා හෙයින්, මේ සියල්ලට මැදිවී සිටින වැඩිමහල් දියණිය වන ඈ හට, ඇය මුලින් තම කෘතියෙහි "නිර්මල" යැයි හඳුන්වන තම මව කෙරෙහි, පසුව වෛරාන්විත හැගීම් උත්පාදනය කරන්නාවූ අමිහිරි අත්දැකීම් බවට සියල්ල පත් වන්නේය. බාප්පා ද මේ බව දන්නා හෙයින්, මුල සිටම ඇය සහ බාප්පා අතර පවතින්නේ 'නයාට අඳු කොළ සේ' වූද, 'නයා සහ මුගටියා' අතර පවතින ආශ්‍රයක් වැනි වූද සංගමයකි. එය දිගින් දිගටම නරක අතට මිසක්, හොඳ අතකට හැරෙනු දක්නට නොලැබේ.
මෙය ඇගේ ඇග තිගැස්සීමකට ලක් කල, එහෙත් සතුටක් මෙන්ම නිදහසක් ද ඇයට ගෙන දුන්, උපුල් ගේ විධානයක් වන් ප්‍රකාශයක් ලෙස ඇය සඳහන් කොට ඇත. මෙහි, "තනි තටුවෙන් පියාඹනවා" යන වගන්තිය කෘතියෙහි "තද පැහැති අකුරින්" මුද්‍රණය කොටද ඇත. එය අහඹු සිදුවීමක් දැයි මා නොදනිමි. නමුත්, ඒ වෙත මාගේ අවධානය නම් යොමු වූ බව සැල කර සිටිමි.
තවද, මා මෙන්ම තව බොහෝ දෙනකු දන්නා තරමින්, "තනි තටුවෙන් පියාඹන්න" යනු, ශ්‍රී ලංකාව තුල මහත් ආන්දෝලනයකට පාත්‍ර වූ, බොහෝ කතා බහට ලක් කෙරුණු, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන "අශෝක හඳගම" මහතා විසින් රචනා කොට අධ්‍යක්ෂණය කල සිනමා කෘතියෙහි නමයි. තවද, එතුමා එහි ප්‍රධාන චරිතයට පන පෙවීමට තෝරාගෙන තිබුණේ, ඔහුගේ හිටපු බිරිඳ වූ, පුනරුක්ති කෘතියෙහි කතුවරිය වන "අනෝමා ජනාදරී" මහත්මියයි.
~ නිමි. ~
අනෝමා
එවන් කථාවක් "අමු-අමුවේ" සමාජගත කොට තිබේ. මෙහිදී මා "අමු-අමුවේ" යන පදය
යොදා
ගත්තේ පුනරුක්ති හට නිග්‍රහ කිරීමේ සියුම් හෝ අභිලාශයකින් නොවන බව මා
නිතැතින් පවසමි. නමුත්, අටුවා-ටීකා-ටිප්පනි, මවා පෑම්, රෝස මල් මාලා
පැළඳවීම්වලින් තොරව, (මා ඇය යොදා ගත් භාෂා විලාශය, සහ යම් යම් සිදුවීම්
ඉදිරිපත් කොට තිබූ ආකාරය එතරම් ප්‍රිය නොකලද), කියන්නට ඇති දෑ ඍජුව පවසා
තිබීම, යමක් "අමු-අමුවේ" කීම ම වනු ඇත. මා ඇගේ එම කෙලින් කතාවට ගරු කරමි.
මවාපෑම් වලින් බැහැරව ඇගේ
කතාව කීමට ඉදිරිපත් වීම ගැන මා ඇයට ප්‍රශංසා කරමි.
තමාගේ බාප්පා අතින් අපචාරයේ යොදවාගන්නා වූ, ගෙදර වැඩපලට ගෙනෙනා කාන්තාවන් වෙත ඇයට ඇත්තේ සානුකම්පිත හැගීමකි. නමුත්, ඇයද මෙම වැඩිහිටියන් නිසාවෙන්, මෙම "පුරුෂ මුලික සමාජය" තුල සදාතනිකව දැඩි පීඩාවන්ට මානසිකව මුහුණදෙමින් සිටිනා සිරකාරියකි. එහිදී වඩා ඛේදනීය තත්වයකට පත්ව ඇත්තේ "තමාද", එසේත් නැතිනම්, තම බාප්පා විසින් බලහත්කාරයෙන්, නමුත් අසරණකම හේතුවෙන් කැමතිකරවාගනිමින් අපචාරයේ යොදවාගත් "කතුන් ද" යනවග ඇය හට ගැටලුවකි. එනම්, දෙගොල්ලෝම (අනෝමා සහ ඇගේ නිවසේ වැඩට සිටි කතුන්) විවිධ වූ අසරණකම් හමුවේ, එක වල්ලේ පොල් වැනිය.
ඇගේ මව (තම මවට වඩා පස් වසකින් බාල වූ), ඇගේ පියාගේ මළනුවන් (ඇගේ බාප්පා) සමග අඹු සැමියන් මෙන් හැසිරීම ඇයට අප්රියසම්පන්න වූ ප්‍රහේලිකාවක් ද, ඇගේ පියා මේ සියල්ල දැන දැනත්, නපුන්සක ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් ඇගේ මව සහ බාප්පා දිගින් දිගටම (දරුවන් ඉදිරියේ, නමුත් දරුවන් ගෙන් වසන් කිරීමට උත්සාහ ගනිමින්) ඔවුන්ගේ මේ "කැනහිලිකම්" වල නියැලෙමින් දිවි ගෙවනා හෙයින්, මේ සියල්ලට මැදිවී සිටින වැඩිමහල් දියණිය වන ඈ හට, ඇය මුලින් තම කෘතියෙහි "නිර්මල" යැයි හඳුන්වන තම මව කෙරෙහි, පසුව වෛරාන්විත හැගීම් උත්පාදනය කරන්නාවූ අමිහිරි අත්දැකීම් බවට සියල්ල පත් වන්නේය. බාප්පා ද මේ බව දන්නා හෙයින්, මුල සිටම ඇය සහ බාප්පා අතර පවතින්නේ 'නයාට අඳු කොළ සේ' වූද, 'නයා සහ මුගටියා' අතර පවතින ආශ්‍රයක් වැනි වූද සංගමයකි. එය දිගින් දිගටම නරක අතට මිසක්, හොඳ අතකට හැරෙනු දක්නට නොලැබේ.
තමන් හට, තමා බාල සහ යොවුන් වියේදී, තම පවුලේ වැඩිහිටියන්ගෙන් (අම්මා - තාත්තා - බාප්පා - අයියා - පුංචි - පුංචි මාමා යනාදී පිරිස අතින්) සිදුවූ අකටයුතුකම්, තාඩන පීඩන, නුරුස්සුම් ඉදිරියේ වුවද,
තමා
අ.පො.ස. උසස් පෙළ අධ්‍යාපනය ලබන සමයේ තම පෙම්වතා (උපුල්) සමග
සිදුවන්නාවූ ඇතැම් ගනුදෙනු වලදීද, ඉන්පසු තමුන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා
එහිදී හමුවන්නාවූ ආරක්ෂකයා සහ පෙම්වතා (කහවත්ත) අතර ඇතිවන යම් යම්
සිදුවීම් වලදීද, කතුවරිය තමා සර්ව-සම්පුර්ණ සුදු චරිතයක් බවට ද පත් කර නොගනිමින් ඇගේ අත්දැකීම් හෙලිදක්වනීය. එය කතුවරියගේ අවන්කත්වයයි.
නමුත්,
පුනරුක්ති කෘතියෙහි එක් ස්ථානයකදී, මා හට අනෝමා ගේ කතාවේ "අව්‍යාජත්වය"
පිළිබඳව කුඩා ගැටළුවක් උද්ගත විනි. මා මේ
සිදුකරනුයේ අවංක, හර්දයාංගම සමාලෝචයක් ලෙස සලකන හෙයින්, සහ මා කාගේවත්
පැති නොගන්නා හෙයින්, මා හට හැඟුණු, දැනුනු දෑ එපරිද්දෙන්ම මා ඉරිදිපත් කල
යුතු වේ යැයි සිතමි. එසේ නොවුවහොත්, මා මේ සිදුකරන්නාවූ කර්තව්‍යයේ අර්ථයක් නොමැති වන්නේය. මා
හදවතට එකඟව කටයුතු කිරීමට කැමැත්තෙමි. ලේඛන කලාවේදී වුවද එය වෙනස් විය යුතු නොවේ. විශේෂයෙන්ම, මෙය ප්‍රබන්ධයක් නොව, හර්දයාංගම විග්‍රහයකි. තවද, අනෝමාගේ කතාව ද ප්‍රබන්ධයක් නොවන බවට මා තුල වූ හැගීම යම් තරමක් පළුදු වූ එක් ස්ථානයක් මා මතකයට නැගේ.
තම
පාසල් දිවියේදී, ඇගේ ප්‍රථම පෙම්වතා වූ උපුල් සමග කතුවරිය මුහුදු වෙරළකදී
ගත කළ, ඇගේ ළමා මෙන්ම තුරුණු දිවියේ විරල වූ "සතුටු සම්පන්න" මොහොතකදී, ඔහු
සහ ඇය අතර උද්ගතවූ සංවාදයකදී, "තනි තටුවෙන් පියාඹන්න"
යනුවෙන් සංකල්පනාවක් ඇය ගොඩනගා ගන්නීය. මෙය හුදෙක් සංකල්පනාවක් ද, සිදුවූ සත්‍ය කතාබහක් දැයි මා නොදනිමි.
මෙම කොටස කෘතියෙහි 96 වන පිටුවෙන්
මා මෙලෙස උපුටා ගනිමි ;
උපුල් : මේ හලෝ...
අනෝමා : මොකෝ...
උපුල් : මොකද, පියාඹන්න
යනවද ?
අනෝමා : ඔව්...
උපුල් : තනියම ?
අනෝමා : ඇයි බැරිද ?
උපුල් : පියාඹන්න තටු දෙකක් ඕනේ...
අනෝමා : "මං කවදාහරි තනි තටුවෙන් පියඹනවා"...
උපුල් : හරි
පුළුවන් නම් පියඹනවා බලන්න...
මෙය ඇගේ ඇග තිගැස්සීමකට ලක් කල, එහෙත් සතුටක් මෙන්ම නිදහසක් ද ඇයට ගෙන දුන්, උපුල් ගේ විධානයක් වන් ප්‍රකාශයක් ලෙස ඇය සඳහන් කොට ඇත. මෙහි, "තනි තටුවෙන් පියාඹනවා" යන වගන්තිය කෘතියෙහි "තද පැහැති අකුරින්" මුද්‍රණය කොටද ඇත. එය අහඹු සිදුවීමක් දැයි මා නොදනිමි. නමුත්, ඒ වෙත මාගේ අවධානය නම් යොමු වූ බව සැල කර සිටිමි.
තවද, මා මෙන්ම තව බොහෝ දෙනකු දන්නා තරමින්, "තනි තටුවෙන් පියාඹන්න" යනු, ශ්‍රී ලංකාව තුල මහත් ආන්දෝලනයකට පාත්‍ර වූ, බොහෝ කතා බහට ලක් කෙරුණු, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන "අශෝක හඳගම" මහතා විසින් රචනා කොට අධ්‍යක්ෂණය කල සිනමා කෘතියෙහි නමයි. තවද, එතුමා එහි ප්‍රධාන චරිතයට පන පෙවීමට තෝරාගෙන තිබුණේ, ඔහුගේ හිටපු බිරිඳ වූ, පුනරුක්ති කෘතියෙහි කතුවරිය වන "අනෝමා ජනාදරී" මහත්මියයි.
වර්තමානයේ කරුණු කාරනා එසේ තිබියදී, "තනි තටුවෙන් පියාඹන්න හෝ පියඹනවා" යන සංකල්පනාව, අනෝමා, හඳගම ගේ එම නමින් වූ චිතරපටයේ රඟපෑමට තබා, හඳගම හමුවීමටවත් බොහෝ ඉහත කලකට
පෙර, තම පාසල් වියේ පෙම්වතා 'උපුල්' සමග සිදුවූ සැබෑම වූ කතා බහක්ද, නැතහොත් චිත්‍රපටයේ නම පාදක කොට ගනිමින් ග්‍රන්ථයේ විචිත්රත් වයක්
ඇති කිරීමෙහිලා ඇතුලත් කල සංකල්පනාවක් ද යන්න පිළිබඳව අපැහැදිලිතාවයක්
පාඨකයාට ඇතිවනු ඇත. මෙය සත්‍ය කතාවක් හෙයින්, මෙවන් ගැටළු අවම කර ගත්තේ නම්
මැනවි.
නමුත්, මුද්‍රණයේදී තද පැහැති අකුරු, එම වගන්තියට පමණක් යොදා ගැනීමෙන් සිදුවූවා යැයි සිතිය හැකි අහඹු සිදුවීම මෙන්ම, වෙනත් අහඹු
සිදුවීම් ද මෙලොව නැත්තේම නොවේ. එනිසා, මෙම කොටස මා හට ප්‍රහේලිකාවක්
වුවද, එය තවත් අයෙකු අහඹු සිදුවීමක් වශයෙන් බැහැර කිරීමටද කඩ ඉඩ පවතිනු ඇත.
මෙහි සත්‍ය අසත්‍යතාවය දන්නේ කතුවරිය පමණි. එහෙයින් මා එම පැනය ඈ වෙතම භාර
කරමි.
2003
වසරේ සිංගප්පුරු සිනමා උළෙලේ දී "හොඳම නිළිය" ලෙස අභිෂේක ලබනා
අනෝමා, ප්‍රභාතය, දුන්හිඳ අද්දර, චන්ද කින්නරී, දිය කැට පහන, සින්තටික්
සිහින, මේ මාගේ සඳයි, (කලින් මෙම
ලිපියේ අවධානටය ලක්වූ) තනි තටුවෙන් පියාඹන්න, සුනාමි - වාර්තා, හිට්ලර්,
හෙණ, මාඝාත, මකරාක්ෂයා, වැනීසියේ වෙළෙන්දා, සමාවන්න වැරදීමක්, ඊඩිපස්,
පොලීනා, ගාන්ධි, සංහබාහු ලවා ගස්සවා, ගැහැණු මනුස්සයෙක් යනාදී ටෙලි, සිනමා
සහ වේදිකා නිර්මාණ සමුදායකට එලිය දුන් ප්‍රවීණ රංගන ශිල්පිනියකි. මේ සියල්ල
හරහා අනෝමා කෘතහස්ත රංගනයන් ලංකේය කලා ක්ෂේස්ත්‍රය තුල සනිටුහන් කොට,
ප්‍රේක්ෂක හද
පතුල් වලින් සදා නොමැකෙන සිත්තම් තබා අවසන්ය.
ඈ
උපතින් ගෙන ආ දස්කම්, ඇගේ ස්ව උත්සාහයෙන් සහ, අධ්‍යක්ෂණයෙන් මෙන්ම තවත්
අනේකවිද අංගයන් හරහා,
අනේකවිද අයුරින් ඇය හට උපකාර කරමින්, රංගන කර්තව්‍යයේදී ඇයව මනා කළමනාකරණයට
ලක් කරමින්, ඇගේ උපරිමය සිය නිර්මාණ වලට කැටි කල පිරිසගේද සහාය ඇතිව, එම
උපන් දස්කම් තව තවත් ඔපමට්ටම් කරගනිමින්, ලංකේය කලා ලොව තුල විස්කම් පෑ
"අනෝමා ජනාදරී" දැන් තවත් විශ්මිත පියවරක් තබා ඇත. එනම්, කුහක සමාජයක් තුල
ඇගේ කතාව ග්‍රන්ථයක් ඔස්සේ එඩිතරව සමාජගත කිරීමයි. මා, "එඩිතරව" යැයි
පැවසුවේ, එය සුරඟන ලොවින් ගොඩබැස්සවූ සුන්දර කතාවක් නම් නොවන නිසාමය.
නමුත්, එහි යමෙකුට නොපෙනුනා වූ සුන්දර තැන් ද නැත්තේම නොවේ.
අනෝමා
පුනරුක්ති රචනා කිරීමෙන් අනතුරුව පැණයන් ද්විත්වයක් සමාජයෙන් අසන්නීය. ඉන්
පළමුවැන්න, "පිරිමි සත්වයා විසින් ගැහැණු සත්වයාගේ සිතුම් පැතුම් තේරුම්
ගෙන ඇතිද ?" යනුවෙනි. සමාජය විසින්
මෙයට කිනම් පිළිතුරු ඈ වෙත යොමු කොට තිබුණද, අගේ අත්දැකීම් තුලින් එය එසේ නොවන වග මැනවින් තේරුම්ගෙන ඇති ඈ, දෙවැන්න මෙසේ අසන්නීය. "ඇය (ගැහැණිය) ඒ වෙනුවෙන් කීමක් කල යුතුද ?" යනුවෙනි.
අනෝමා,
අතීතයේ විඳි සියලු කටුකත්වයන් තුලින් මෙන්ම වර්තමාන සමාජය තුලින් ඈ හට
විඳින්නට
සිදුවූ, සිදුවෙමින් පවතින්නාවූ අනේකවිද කටුකත්වයන් ද නොසලකා, ඇය අගේ කතාවේ
පළමු කොටස මෙසේ සමාජගත කොට මද කලක් ගතවී හමාරය. එහි ඉංග්‍රීසි පරිවර්තනයක්ද
හෙළි දැක්වීමට නියමිතය. ඇතැම්විට, මේ වනවිට එය
හෙළිදක්වා තිබෙන්නටද පුළුවන.
ඇතැමෙකු
මෙම කෘතිය පිළිබඳව වෛරාන්විත විවේචනාත්මක ලිපි ලියා ප්‍රකාශයට පත්කොට
ඇත්තාට කිසිඳු සැකයක් නැත. තවත් ඇතැම්හු
මෙම කෘතිය ප්‍රශංසාවට ලක් කොට තම අදහස් ඉදිරිපත් කරන්නට ද ඇත. මා හට ඒ
කිසිවක් වැදගත් නොවේ. කිමද, මා මේ තැබුවේ මාගේ හර්ද සාක්ෂියට එකඟ මාගේ
සටහනයි. මෙය මා මධ්‍යස්ත එහෙත් විවෘත මනසකින් පුනරුක්ති දුටු අයුරුයි.
සමස්තයක් වශයෙන් ගත කල, ඇගේ කථාව කී ආකාරයට වඩා, එය කීමට ඈ තුල උපන් ධෛර්යය
මා ප්‍රශංසාවට ලක් කරමි. පුරුෂ මූලික සමාජයක පීඩාවට පත්වූ ඇය සැබවින්ම එම
බාදක, පීඩාවන් ජයගත් දිරිය කාන්තාවකි. මා ඇගේ නිර්භීත භාවය පිළිබඳව සැබවින්ම ආඩම්බර වෙමි.
ඇගේ පෞද්ගලික දිවියට
මෙන්ම, වේදිකා, ටෙලි, සිනමා මෙන්ම ලේඛන කලාව ඔස්සේ සිදුවීමට නියමිත ඇගේ ඉදිරි නිර්මාණ වලටද මා අවන්කවම සුභ පතමි.
[මෙම ලිපියෙහි කතුවරිය සුනාලී ෂානිකා රත්නායක සමග sunalie.secretandbeyond@ yahoo.com හරහාද,
පුනරුක්ති කෘතියෙහි කතුවරිය අනෝමා ජනාදරී සමග janadare@yahoo.com හරහාද සම්බන්ධ විය හැක.
~ නිමි. ~