හර්ෂි සි. පෙරේරා
ප්රගිත් එක්නැලිගොඩ මාධ්‍යය වේදියා අතුරුදහන් වි දින 300කටද වැඩිය. මෙම අතුරුදහන්විම පිළිබද නඩුව අභයාචනාධිකරණයේදි විභාග වේ. රජයේ නීතිඥවරයා කරුණු සැලකර සටිමට කල් ඉල්ලු නමුත් අධිකරණය ඒ සමිබන්ධයෙන් දැඩි එමෙන්ම යහපත් ස්ථාවරයක සිට ඇත. රජයේ නීතිඥවරයා එසේ කල් ඉල්ලන්නේ පොලිසියට කාලය අවශ්‍යය බව කියමිනි.
ප්රගිත් නඩුව දේශියව මෙන්ම ජාත්‍යයන්තරවද ඉතාම වැදගත් සැමදෙනාගේම අවධානයට ලක්වු නඩුවකි. මෙම නඩුවේදිත් නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලීසියේ කාර්යභාරය උකටලිවිම සැලකිමේදි සාමාන්‍යය මිනිසුන්ගේ නඩු කටයුතු ගැන ඔවුන්ගේ ස්ථාවරය හා පැවැත්ම ගැන අමුතුවෙන් කිවයුතු දෙයක් ඉතිරිව නැත. අමුතුවෙන් සිතිය යුතු දෙයක්ද නැත.
ඌව අධිකාරමිගේ සෝමාවති නඩුව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙි. අගේ නඩුවෙි අංකය 51443 වේ. ඇය වසර 07කට වැඩි කාලයක් වැලිකඩ බන්ධනාගාරයේ රිිමාන්ඩි සැකකාරියකි. වසර 06කට වැඩි කාලයක් මෙම නඩුව සමිබන්ධයෙන් නිතිපති මර නින්දේයැයි පැවසුවොත් එය අතශෝතියක් නොවේ.
අනෙක් අතට අපේ මෙම නීතිපති දේපාර්තමෙින්තුවට ලිපි ගොනු යටියන්තොට යැවිම එතරමි ආගන්තුක දෙයක් වන්නේ නැත. එක්වරක් මහාධිකරණ විනිසුරුවරියක ප්‍රකාශ කළේ පොලිස් ජ්යෙශ්ඨයින් ඊළග නඩු දිනය සටහන් කර ගෙන යන්නේ අතේ අල්ලේ බවයි.
නීතිපති දෙපාර්ථමෙන්තුව හා පොලිසිය යනු මේ රටේ ආණ්ඩුවේ ආයතනයි. ඔවුන්ගේ ප්‍රමාදය ආණ්ඩුවෙි ප්රමාදයයිි. ඔවුන්ගේ නොසැලකිල්ල ආණ්ඩුවේ නොසැලකිල්ලයි. නඩු පමාව, වධහිංසාව, අතුරුදහන් කිරමි, අධිකරණ ක්රියාධාමයෙන් තොරව සිදුකරන මරා දැමිමි, අපරාධකරුවන් නිදහස් කිරිම, පක්ෂපාතිත්වය, අල්ලස සහ දුෂණය සමිබන්ධයෙන් ආණ්ඩුවේ ඉතාම වැදගත් ආයතන දෙකක් වු මෙම ආයතන දෙකටම ප්‍රකට ඉතිහාසයක් ඇත.
එක්නැලිගොඩ නඩුවට සාධාරණය ඉෂ්ට විය යුතුය. ඒ දෙස මුලු රටත් ජනතාවත් ලෝකයාත් බලා සිටි. ඒ ආකාරයටම සොමවතිලා වැනි ගමේ පොඩි ගැහැනුන්ට සහ මිනිසුන්ටද සාධාරණය ඉෂ්ට විය යුතුය.
Post a Comment