කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනයට රාජ්‍ය බුද්ධි අංශය මැදිහත් වේ



කෝවිඩි 19 පාලනය කිරීමේ මෙහෙයුමේ දී රාජ්‍ය බුද්ධි අංශය අප රටටම ආවේණික වූ, ශ්‍රී ලාංකීය අනන්‍යතාවය විදහාපාන අයුරින් ලොවටම ඉදිරියේදී කතාකළ හැකි වැඩපිළිවෙලක් නියමිත  නායකත්වය යටතේ සිදුකළ බවත්, කොවිඩ් 19 ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම රාජ්‍ය බුද්ධි අංශ පාලනයට නතුකරගෙන ඇති බවත්, ඒ පිලිබදව ජනතාවට දැඩි විශ්වාසයක් තබාගන්නා ලෙසත් රාජ්‍ය  බුද්ධි අංශයේ සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම සිල්වා ප්‍රකාශ කර සිටියි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජාතික රූපවාහිනිය සහ නාලිකා කිහිපයක් සමගාමීව සජීවීව විකාශය කළ කෝවිඩ් 19 මෙහෙයුම‌ට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යභාර්ය පිළිබද වැඩසටහනට  අද (02) උදෑසන සහභාගී  වෙමිනි.

එහිදී සෞඛ්‍ය ප්‍රශ්නයක් හමුවේ බුද්ධි සේවයේ කාර්යයන් පැහැදිලි කළ සහකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේ, දේශීය හෝ ජාත්‍යන්තර වශයෙන් බලපාන සියලු ප්‍රශ්න සොයා බලා එයට දායකත්වය දීම රාජ්‍ය බුද්ධි සේවයේ වගකීම බවත්, වත්මන් ජනාධිපතිවරයා පත්වූ පසු රාජ්‍ය බුද්ධි සේවයේ වැඩකටයුතු ප්‍රතිසංවිධානය කර වෙනම ඒකක පිහිටවූ බවත්ය .


ඒ අනූව වර්තමාන අධ්‍යක්ෂකවරයාගේ අධීක්ෂණය මත පරිසර ආරක්ෂාව, බලශක්ති ආරක්ෂාව, ආහාර ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව සහ පරිගණක අපරාධ ආශ්‍රිත විෂය පථය වශයෙන් රාජ්‍ය  බුද්ධි අංශයේ විවිධ ඒකක ස්ථාපිත කර පරීක්ෂණ හා විශ්ලේෂණ අංශයක්ද පිහිටුවා ඇත.

කෝවිඩ් 19 වසංගතය පැතිරීමත් සමග ක්‍රියාත්මක වනුයේ සෞඛ්‍ය ආරක්ෂණ ඒකකයයයි. මෙලෙස අනපේක්ෂිත ලෙස සෞඛ්‍ය අංශයට මැදිහත් වීමට රාජ්‍ය බුද්ධි අංශයට සිදුවන්නේ අප රටට  අවදානමක් නොමැති මොහොතකයි.

එනම් චීනයේ වූහාන් වල කෝවීඩ් වසංගතය ව්‍යාප්ත වන අවදියේ අපේ බුද්ධි අංශ හේ පිළිබදව අධ්‍යයනය අරඹනවා. මෙම අධ්‍යයනයේදී වසංගත රෝග විශේෂඥයින්ගේ හා දත්ත  විශ්ලේෂකයන්ගේ උපදෙස් මෙන්ම රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂතුමාගේ උපදෙස් මත ක්‍රියාන්විතය දියත් වනවා.

වෛරසය චීනයෙන් යුරෝපයට ව්‍යාප්ත වන විට මෙය ලංකාවට පැමිණියොත් අප ඒයට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබදව බුද්ධි සේවාව කිහිප ආකාරයකින් සූදානම් වුණා. මෙරටින්  වාර්තාවූ පළමු රෝගියා වශයෙන් සංචාරක මගපෙන්වන්නා මාර්තු 11 වනදා සොයාගැනීමත් සමග බුද්ධි අංශ ක්‍රියාදාමය කොටස් 03කට බෙදීම සිදුවිය.

හදුනාගැනීම, හුදෙකලා කිරීම සහ සමීපතමයන් හදුනාගැනීම වශයෙන්. දිවයිනේ විවිධ පළාත් වල ස්ථාපිත ඒ්කක ඔස්සේ භූමියේ විවිධ තොරතුරු තොරතුරුකරුවන් ආශ්‍රයෙන් හදුනාගැනෙනවා. අද වන විට කොවිඩ් 19 ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම බුද්ධි සේවාවේ ග්‍රහණය යටතට ගෙන ඇති බව පරාක්‍රම මහතා ප්‍රකාශ කරනවා.

මේ වන විට රෝගීන් 689 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 161ක් සුවය ලබා පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වෙනවා. වෛරසය හේතුවෙන් මියගිය ගණන 07ක් වශයෙන්ද, දැනට රෝගය පවත්න පුද්ගලයන්ගණන 521ක්ද වශයෙන් හදුනාගෙන තිබෙනවා. වැඩිම ව්‍යාප්තියක් කොළඹින්ද 184ක් ඉන් දැනට රෝගීන් වශයෙන් 116ක්ද සිටින අතර, කලුතර 69, ගම්පහ 49, පුත්තලම 38, කුරුණෑගල 31, නුවර 16, යාපනය 16, අනුරාධපුර 14, කෑගල්ල 09, අම්පාර 05ක්ද වශයෙන් ව්‍යාප්ත වී ඇත. මෙහිදී කොළඹින් හමුවන සියලුමදෙනා කොළඹ පදිංචිකරුවන් නොව කොළඹදී ආසාදිතයින් වශයෙන් හදුනාගත් අය බවයි බුද්ධි සේවයේ සහකාර අධ්‍යක්ෂතුමන් පවසන්නේ. පිරිස් නිරෝධායනයට ලක් කිරීමේදීද රාජ්‍ය බුද්ධි අංශය විශාල මැදිහත්වීමක් සිදු වනවා.

විදේශීය රටවල සිට පැමිණ නිරෝධායනයට ලක්වූ මුලු පිරිස 4737ත් වන අතර ඉන් 3576ක් මේ වනවිට නිරෝධායනය අවසන් කර පිටව ගොස් ඇති බවත්, 1161 දෙනෙකු තවමත්  නිරෝධායනයට ලක්වෙමින් සිටින බවත් වාර්තා වනවා.


නාවික හමුදාවට රෝගය ව්‍යාප්ත වීම පිළිබදවද අදහසු දැක්වූ සහකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේ,

සුදුවැල්ල සිද්ධියේදී නාවික හමුදා සෙබලුන් යොදවමින් ආරක්ෂක වලල්ලක් දියත් කල බවත් ආරක්ෂක අංශ වලට අවනත නොවූ සුළු පිරිසක් නිසා ඇතැම් අවස්ථා වල නාවික හමුදා  සෙබලුන්ට ඔවුන් අසලට යාමට සිදුවූ බවයි. එම සෙබලුන්ට රෝගය බෝවී ඒම සෙබලුන් වැලිසර නාවික හමුදාවේ විදුලි කාර්මික අංශයේ කෙනෙක් සමග සම්බන්ධව කටයුතු කිරීමෙන  රෝගය ව්‍යාප්ත වන්නට ඇති බවයි. නමුත් වර්තමානයේ එය බුද්ධි සේවාවේ පාලනයට නතුව ඇති බවත්ය.