කොරෝනා වැළැක්වීමේ ආණ්ඩුවේ ඇතැම් පියවර ව්‍යාප්තියට පාර කැපීමක්




- ආචාර්ය රාජසිංහ බණ්ඩාර (ලන්ඩනයේ සිට) -


කොරෝනා වසංගතයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වී ඇති යුරෝපයේ සහ එහි ගොදුරක් බවට පත් වී ඇත එංගලන්තයේ ද අත්දැකීම් සහිතව ශී‍්‍ර ලංකා රජය කොරෝනා වෛරසය මුලිනුපුටා දැමීමට ගෙන යන වැඩපිළිවෙළට දායක වීමක් ලෙසත්, අප රටේ වැසියන් මෙම තත්ත්වය තුළ මුහුණ දී ඇති අවාසනාවන්ත තත්ත්වයට පිළිසරණක් වීම පිණිසත් මෙම ලිපිය ලියා එවීමට මම අදහස් කළෙමි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ලෝකය මුහුණ පෑ භයානක ම අභියෝගය බවට පත් වී ඇත්තේ, මෙම කොරෝනා හෙවත් කෝවිඞ් - 19 වෛරසයේ ව්‍යාප්තියයි. එහි භයානකත්වයත්, අභියෝගයේ තරමත් තේරුම් ගෙන ශී‍්‍ර ලංකා රජය, වෛද්‍ය සහ සෞඛ්‍ය සේවාවන්, යුද හමුදාව, පොලිසිය, මහජන සංවිධාන දිවා ? නොතකා කරන විශිෂ්ට සේවාවන් ඉතා ඉහළින් අගය කරන අතර ම ආණ්ඩුව වෛරසය මැ`ඞීමට ගත් ඇතැම් පියවර එහි ව්‍යාප්තියට පාර කැපීමක් විය හැකි මෙන් ම රට දරුණු ආර්ථික අගාධයකට ඇද දැමීමක් ද විය හැකි ය.

කෝවිඞ් - 19 හෙවත් කොරෝනා වසංගතයේ භයානකත්වය ගැන ලෝකය මෙතරම් භය වී ඇත්තේ, පළමුවැනි ලෝක යුද සමය තුළ 1918 වසරෙහි පැතිරුණු ස්පාඤ්ඤ උණ  (Spanish Flu) වසංගතය නිසා සිදු වූ කෝටි සංඛ්‍යාත මරණ හා වසංගතය පැතිරුණු ප‍්‍රමාණයේ අත්දැකීම සහිතව ය. කෝටි 50ක තරම් ජනතාවක් ලොව පුරා මෙම වසංගතයට ගොදුරු වූ අතර, කෝටි 5ත් 10ත් අතර ප‍්‍රමාණයක් මෙම වසංගතය හේතුකොටගෙන මරණයට පත් වී ඇති බවත් ගණන් බලා ඇත. පළමුවැනි ලෝක යුද්ධය හේතුකොටගෙන එනම්, යුද්ධයේ සෘජු ප‍්‍රතිඵලයක් ලෙස මිය ගිය සොල්දාදුවන් ඇතුළු සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවටත් වඩා වැඩි ප‍්‍රමාණයක් එම වසංගතයෙන් බිලිගෙන ඇත.

ස්පාඤ්ඤ වසංගතය ගැන ඇති ලෝක අත්දැකීම තුළත්, කෝවිඞ්-19 හෙවත් කොරෝනා වෛරසය ලොව පුරා පැතිර යන ශීඝ‍්‍රතාව අනුවත් ශී‍්‍ර ලංකා රජය එය පැතිර යාම වැළැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳව පුදුම විය යුතු නොවුව ද, මිනිසුන්ගේ සමාජ චර්යාවන්, සාමාන්‍ය ජනතවාගේ ප‍්‍රතිකි‍්‍රයා මෙවැනි පසුබිමක් තුළ කෙසේ වේ දැයි පැහැදිලි අවබෝධයකින් තොරව ජනාධිපතිවරයා ප‍්‍රකාශයට පත් කළ ඇතැම් තහංචි සහන හා පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ විසින් පනවන ලද ඇඳිරි නීතිවලින් ප‍්‍රතිඵලය කණපිට හැරෙන පසුබිමක් නිර්මාණය විය.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධාන උපදේශය බවට පත්ව ඇත්තේ, මිනිසුන් එකිනෙකා අතර මීටර් දෙකක පමණවත් දුරස්ථභාවයක් (Social Distancing) පවත්වා ගැනීමයි. එසේ වුව ද, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අර්බුදකාරී අවස්ථාවේ ජනතාවට සහන සැලැසීමක් ලෙස යැයි කියමින්, සැමන් ටින් එකක් රුපියල් 100.00කටත්, පරිප්පු කිලෝවක් රුපියල් 65.00කටත් වන උපරිම සිල්ලර මිලකට අලෙවි කළ යුතු යැයි කළ නියෝගය අනුව ලක්‍ෂ ගණන් මිනිසුන් එකා පිට එකා වැටෙමින්, පොරකමින් පරිප්පු සහ සැමන් ටින් මිලට ගැනීමට පෙළගැසුණු ආකාරය මම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කළ පුවත්වලින් දුටුවෙමි. 

මිනිසුන්ගේ ගමන් බිමන් පාලනය කිරීමත්, මිනිසුන් නිවෙස් තුළ කොටු කර තැබීමත් අරමුණු කොටගෙන පොලිස් ඇඳිරි නීතිය ප‍්‍රකාශ කිරීමත් සමඟ ඇඳිරි නීති වලංගු කාලයට පෙර බඩු ගැනීමට කඩ සාප්පුවලට මිනිසුන් නැවතත් පොරකමින් පෙළගැසුණු අයුරුත්. ඉන්ධන පිරවුම් හල් වෙත සහ මත්පැන් අලෙවි සල් වෙත පොරකමින් මිනිසුන් එකිනෙකා හඹා යාමට තැත් කරන සැටි ද මම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දුටුවෙමි. 

මෙම පිරිස් අතර ඉතාලිය වැනි විදෙස් රටවල සිට පැමිණි කොරෝනා වෛරසයට ගොදුරු වූ මිනිසුන්  ඕනෑ තරම් සිටිමට ඉඩ තිබිණි. පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කරන හැම අවස්ථාවක ම පාහේ ඇති වූ තත්ත්වය ද එය ම ය. මෙවැනි තහංචි පැනවීමේ දී මහජනතාව ප‍්‍රතිකි‍්‍රයා කරන්නේ කෙසේ ද යන්න ගැන පැහැදිලි අවබෝධයකින් තොරව ජනාධිපතිවරයා සහ පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ ගත් ඈතෑම් පියවර කනගාටුදායක ය. තවත් අතකින් එය වෛරසයේ ව්‍යාප්තියට ඉනිමං බැඳීමක් බදු විය 

අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් කොරෝනා වෛරසය සිරකරුවන්ට බෝ වීම වැළැක්වීමේ පියවරක් ලෙස ඔවුන් බැලීමට එන ඥාති හිතවතුන්ගේ පැමිණිම තහනම් කිරීම නිසා ඇති වූ නොසන්සුතාවේ ප‍්‍රතිඵලයක් ලෙස සිරකරුවන් දෙදෙනකු බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරවලට ලක්ව මිය ගිය අතර, තවත් සිරකරුවන් හය දෙනෙකු වෙඩි පහරවලට ලක්ව රෝහල්ගත කොට ඇති අතර, ඔවුහු බරපතළ තත්ත්වයේ පසුවෙති. කොරෝනා වෛරසය හේතුකොටගෙන ලෝකයේ මෙවැනි තත්ත්වයන් ඇති වූ පළමුවැනි රට ශී‍්‍ර ලංකාව ය. බන්ධනාගාර පාලකයන් බුද්ධිමත්ව සිතුවේ නම්, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලංකාවේ වෛද්‍ය විශේෂඥයන් ප‍්‍රකාශ කොට ඇති උපදෙස් අනුව දුරස්ථභාවය පාලනය කළ හැකි පරිදි සිරකරුවන් බැලීමට ඔවුන්ගේ ඥාති හිතෛෂීන්ට අවසර ලබා දුන්නා නම්, මෙැවනි ඛේදවාචකයක් ඇති වීමට ඉඩ නොතිබිණි. එංගලන්තය වැනි රටක නම්, අපරාධයක් වළක්වා ගැනීමට ආරක්‍ෂක අංශවලට ඉඩ තිබිණි නම්, එසේ නොකිරීම පිළිබඳව වගකිව යුත්තන්ට නීතියේ නිසි දඬුවම්වලට ගොදුරු වීමට සිදු වේ.

කොරෝනා හෙවත් කෝවිඞ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමට සුදුසු හොඳ ම කි‍්‍රයාමාර්ගය චීනයේ වැනි මිනිසුන් හිර කර හෝ කොටු කර තැබීම යැයි දැනට ඇති ලෝක අත්දැකීම් අනුව තහවුරු වී නැත. චීනය එම වෛරසය මැඬපැවැත්වීමට සමත් වූයේ මිනිසුන් කොටු කර තැබීමෙන් පමණක් නොව එම රටේ ඉහළ තාක්‍ෂණික ක‍්‍රම, වෛද්‍ය පර්යේෂණ හා ප‍්‍රතිකාර ක‍්‍රම එම කි‍්‍රයාදාමයට සම්බන්ධ කර ගනිමිනි. එම සියලූ ක‍්‍රම ඉතාලියේ අනුගමනය කළ ද, අත්හදා බැලූව ද අද ඉතාලිය ලෝකයේ බලවත් ම ලෙස වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිර යන රට බවටත්, එම ආසාදනයෙන් රෝගීන් වැඩි ම සංඛ්‍යාවක් මරණයට පත් වන රට බවටත් පත්ව තිබේ. අද අප්රේල් 05 වන විට ඉතාලියේ ආසාදිතයන් 15,362 දෙනකු මරණයට පත් වී ඇති අතර, දිනකට වාර්තා වන මරණ සංඛ්‍යාව 800-900 ත් අතර ප‍්‍රමාණයක් වී ඇත. වෛරසය ආසාදිතයින් 124,632 කි.

ස්පාඤ්ඤය, ප‍්‍රංශය, එංගලන්තය වැනි රටවල ද දිනෙන් දින වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාවෙහි ශීඝ‍්‍ර වැඩි වීමක් පෙන්නුම් කෙරේ. එසේ වුව ද, චීනය ආදර්ශයට ගත යුතු එක ම රට ලෙස සලකා එංගලන්තය, ප‍්‍රංශය, ඇමෙරිකාව වැනි රටවල් කි‍්‍රයා කරන්නේ නැත. චීනය හැරුණු විට වෛරසය ඊ ළඟට වැඩියෙන් ව්‍යාප්ත වූ රට වූයේ දකුණු කොරියාවයි. දකුණු කොරියාව කි‍්‍රයාවට නැඟුවේ ‘ටේ‍්‍රස්, ට‍්‍රැක් ඇන්ඞ් ටෙස්ට්’ (Trace, Track and Test) යන ක‍්‍රමවේදයයි. මිනිසුන් අනවශ්‍ය ලෙස ගාල් කර තැබීමෙන් සිදු වන දරුණු ආර්ථික කඩාවැටීම නිසා ඇති විය හැකි දුර්භික්‍ෂය, විරැකියාව වැනි සමාජ තත්ත්වයන් මනාව සැලැකිල්ලට ගෙන දකුණු කොරියාවේ කි‍්‍රයාවට නැඟූ වැඩපිළිවෙළ මල්ඵල ගැන් වී ඇත. 

මෙම වැඩපිළිවෙළ තුළ රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් මෙන් ම ඔවුන් ඇසුරු කළ අය, ආ ගිය තැන් හැඳිනගෙන පරීක්‍ෂණවලට භාජනය කිරීමත්, නිරෝධායනයට ලක් කිරීමත්, රෝගය වැළඳී ඇති අයට ප‍්‍රතිකාර කිරීමත් කොරියානු ආදර්ශය විය. එහි සාර්ථකත්වය තුළ කොරියාව විශිෂ්ට ලෙස මෙම වෛරසය පැතිරීම පාලනය කරගෙන තිබේ. දෑනට රෝගය බෝ වූ 10,284 දෙනකු අතුරින් එම රටේ මරණයට පත් වූයේ 186 දෙනකු පමණි. එංගලන්තය, ඇමෙරිකාව, ප‍්‍රංශය වැනි රටවල් වෛරසය නිසා තම රටවල ආර්ථිකය බිඳවැටීමට ඉඩ නොතැබීමට ගෙන ඇති පියවරවල් තුළ ඇඳිරි නීති වැනි තහංචි නොපනවා, මහජනතාව ස්වයං හික්ම වීමට ලක් කරන වෛද්‍ය උපදෙස් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මඟින් නිකුත් කරන අතර, මහජනයා ස්ව කැමැත්තෙන් ඒවා පිළිපදිති. මම ලංකාව තුළ ද එවැන්නක් දුටුවෙමි.

ඉහත කරුණු සැලැකිල්ලට ගන්නා විට සක්සුදක් සේ පෙනෙන කරුණ වන්නේ පසුගිය දිනක ස්විට්සර්ලන්ත ජාතික පූජකවරයකු යාපනයේ දේව මෙහෙයක් පවත්වා ඇතැයි කියන කරුණ මත මුළු උතුරු පළාතට ම ඇඳිරි නීතිය පැනවීම වැනි අමනෝඥ කි‍්‍රයා මඟින් රට දරුණු ආර්ථික අගාධයකට වෑටිය හෑකි බැවින්, එම තත්වයෙන් වැළැක්වීමට ජනාධිපතිවරයා වහා ම කි‍්‍රයාමාර්ග ගත යුතු බවයි.