''ඇමරිකානු රජය සමග හොර ගිවිසුම් අත්සන් කරලා නැහැ'' - රුවන්



ජාතික ආරක්ෂාවට බලපෑම් කරන කිසිදු ගිවිසුමකට මෙතෙක් එළඹ නැති බවත්, එවැනි ගිවිසුමක් අත්සන් කිරීමේ කිසිදු සූදානමක් නැති බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ඊයේ (4) අවධාරණය කළේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ, 

''ඒකාබද්ධ විපක්ෂයත්, ඒ වගේම යම්කිසි පිරිසක් විසින් මේ රජයට අලුත් චෝදනාවක් නගා තිබෙනවා. ඒ තමයි ඇමරිකානු යුද හමුදාවට මේ රට තුළට එන්නටත්, මේ රට තුළ කඳවුරු බඳින්නත්  අපි හොර ගිවිසුමක් අත්සන් කරන්න එළඹිලා තියෙනවා කියලා. 

මේක මං තරයේ ප්‍රතික්ෂේප කරනවා. මේක ගැන මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරලා තියෙනවා. අපි කිසිසේත්ම ඇමරිකානු රජයත් සමග මෙවැනි ගිවිසුමකට අත්සන් කරන්න සූදානම් නැහැ, අපි අත්සන් කරලත් නැහැ.  

ඇමරිකානු පුරවැසියෙක් පමණක් නෙමෙයි, වෙනත් ඕනෑම පුරවැසියෙකුට මේ රටට  ඇවිල්ලා කඳවුරු බඳින්න  ඉඩදෙන්නේ නැහැ. විශේෂයෙන්ම, මේ රටේ ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් කරන්නටත්, මේ රටට අවාසිදායක ගිවිසුම් අත්සන් කරන්න මේ රජය කිසිසේත්ම සූදානම් නැහැ. ගිවිසුමක් අත්සන් කරනවා නම් ඒ ගිවිසුම අත්සන් කරන්නේ, මේ රටේ ජනාධිපති, එතුමා රටේ ආරක්ෂක ඇමතිවරයා හැටියට එතුමාගේ උපදෙස් අනුව ආරක්ෂක ලේකම්තුමා මෙවැනි ගිවිසුම් අත්සන් කරනවා නම් අත්සන් කරන්නේ.'' යන්නයි.