ඇඹිලිපිටිය සිසු ඝාතකයෙකුගේ පාපොච්චාරණය


මේ සමාජයේ කුහකත්වය ඉතා වැඩියි. නැති එකා ඇති එකා වට්ටලා හරි, වෙන කොහොම හරි ඇති එකෙක් වෙන්නයි උත්සහා ගන්නේ. මේ ලමයිනුත් මා දැක කතාබස් කල මධ්‍යම කාරක සහාවෙ අය තුලත් මා දැක්කේ අධික කුහකත්වය. එය සමානාත්මතාවය කියන පිරුවටයෙන් තමයි වහන්නේ. මෙය ඇති කරන්නේ ගෙවල් තුල. 







සාකච්ඡා කළේ වෛද්‍ය රුවන් එම් ජයතුංග

මේජර් ජාලිය ඈපා ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි නිලධාරියෙකි. ඔහු 1988-89 භීෂණ කාලයේදී ඇඹිලිපිටිය ප්‍රදෙශයේ සේවය කලේය. ඔහු ලොව පුරා ආන්දෝලනයට ලක්වූ ඇඹිලිපිටිය පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිලිබඳ සිද්ධියේ එක් චූදිතයෙකු වූ අතර ඒ සඳහා අධිකරණයෙන් වරදකරුවෙකු වී සිරදඞුවම් ද ලැබීය. වර්තමානයේ සිරෙන් නිදහස්ව නිහඞ ජීවිතයක් ගත කරන මේජර් ජාලිය ඈපා ප්‍රථම වතාවට ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය පිලිබඳව මාධ්‍යකට අදහස් දක්වයි. ඔහුටද ඇඹිලිපිටිය සිදුවීම පිලිබඳව කීමට කතාවක් තිබේ. මේ එම කතාවයි.

1) මේජර් ජාලිය ඈපා ඔබගේ හමුදා ජීවිතය ගැන යමක් කිවහොත් ? මොන ක්‍රියාන්විත වලද ඔබ සිටියේ

ඔව් මා කොතලාවල ආරක්ශක විද්‍යාපීඨයට බැදුනේ 1981 සැප් මාසයේ. එවකට එය විශ්වවිද්‍යාලයක් නොවන නිසා කළමනාකරණය උපාධිය (BA (Mgt)) හැදැරීමට කොලඹ විශ්වවිද්‍යාලයට ඇතුලත් වුනා. උපාධිය අවසන් කර වැඩිදුර හමුදා පුහුනුව දියතලාව හමුදා ඇකඩමියට ඇතුලත්ව දෙවන ලුතිතන් වරයෙක් ලෙස 1985 සැප්තැම්බර් මාසයේ කාලතුවක්කු රෙජිමේන්තුවට බැදුනා. මාගේ හමුදා ජිවිතයේන් වැඩි හරියක් ගෙවුනේ ක්‍රියාන්විත රාජකාරි වල.

මාගේ මුල්ම deployment එක වුයේ ඔඩුසුඩාන්. ඉන් අනතුරුව මුරුන්කන්, මන්නාරමෙ තල්අඩි, මාන්කුලම්, කිලිනොච්චි හමුදා කදවුරු වල සේවය කලා. 87 සාම සාකච්ඡා වලින් පසු දේණියාය, වෙඩිතල්තිව්, මොණරාගල සහ ඇඹිලිපිටියෙත්, නැවත යුද්ධය ඇරඹිමත් සමග යාපනයේ මාවඩිපුරම්, මන්නාරමේ, වවුනියාව , වැලිඔය, අම්පාර. වැනි කදවුරු වල ක්‍රියන්විත රාජකාරියේ යෙදුනා. එ වගේම නැවතත් වවුනියාව , මන්නාරමේ, මඩකලපුව , ත්‍රිකුනාමලය, කල්පිටිය හමුදා කදවුරු ආශ්‍රිතව ක්‍රියාන්විත වල යෙදුනා. ප්‍රධාන ක්‍රියාන්විත නම් බලවේගය, අස්සක සේනා, වන්නිවික්‍රම 1,2,3, හයේ පහර, අකුනු පහර, සහා නැගෙනහිර පලාත මුදාගැනිමේ මෙහෙයුම්, වවුනියාවෙ FDL එක expand කිරිමේ මෙහෙයුම්, මාවඩිපුරම් FDL ආරක්ශා කිරිමේ මෙහෙයුම්, තලෙයිමන්නාරම දූපත clear කිරිමෙ මෙහෙයුම්, මඩු පල්ලිය මුදා ගැනිමේ මෙහෙයුම්, සහා convoy ආරක්ශා කිරිමේ මෙහෙයුම් වලට සහභාගි වුනා. මා ඒකකයේ විධායක නිලධාරි (Adjutant) බතරොයි දේකක් අලුතින් පිහිටවලා එහි පලමු බතරොයි නිලධාරි අණදෙන ලෙසත්, ඒකකයේ දෙවන අණදෙන නිලධාරි ලෙසත් රාජකාරි කොට තිබෙනවා.

ඒවගේම දියතලාව අධුනිකයි පුහුනු පඨමලා කන්ඩ භාර නිලධාරි ලෙසත්, දියතලාව කෙඩෙට් නිලධාරි පසැලේ Intake 36 හි course officer ලෙස පුහුනු කිරිම් අංශයෙනුත්, රත්නපුර සම්බන්ධිකරණ මුලස්ථානයේ දෙවන ශ්‍රේනියේ මාංඩලික නිලධාරි ලෙසත්, පාබල බ්‍රිගේඩ් ගෘප් කිහිපයක බ්‍රිගේඩ් මේජර් ලෙසත් පනාගොඩ පලමු සේනාංකයේ ජෙනරාල් මාංඩලික නිලධාරි 11 ( GSO II ) ලෙසත් මාංඩලික රාජකාරි කර තිබෙනවා.

මා මිමි 130 කාලතුවක්කුව specialize කර තිබෙනවා. පිටරට පාඨමලා හතරකුත්, දේශිය පාඨමාලා අටක් පමනත් කර තිබෙනවා. එයට බුද්ධි පාඨමාලා දෙකක් සහා නිළධාරින් සදහා ICRC වලින් මෙහෙයවන ලද Law of War for Officers පාඨමාලාවත් ඇතුලත්.

2) ඇඹිලිපිටිය සිසු ඛේදවාචකයට ඔබ සම්බන්ධ වන්නේ කෙසේද ?

මා එම කාල වකවානුවෙ 6 වන කාලතුවක්කු රෙජිමේන්තුවෙ ලුතිනන් වරයෙක්. මා විසින් ආරම්භ කරන ලද 16 වන කාරක බතරොයියේ පලමු බතරොයි නිළදාරි අනදේනයි. මා යටතේ කුට්ටිගල කදවුරත් රත්නපුරේ නීලපොල වත්තත් ( කුඩා කදවුරක් වත්තේ ආරක්ශාවට ) තිබ්බා. ඒ අතරෙම ඇඹිලිපිටිය මහවැලි නිවාඩු නිකේතනයේ පිහිටුවා තිබු රත්නපුර සම්බන්ධිකරණ කාර්‍යාලයේ දෙවන ශ්‍රේනියේ මාන්ඩලික නිලධාරි ලෙස සම්බන්ධිකරණ නිලධාරිතුමා යටතේ සේවය කලා. සම්බන්ධිකරණ තුමා (Coordinating Officer) ගේ වගකීම තමයි සියලුම රජයේ ආයතන ප්‍රධානින්ට නිසි ආරක්ශාව සහ නායකත්වය ලබා දී එම ආයතන පවත්වාගෙන යාමයි.

දිසාපතිගේ ගේ පටන් රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ප්‍රධානීන් ඔහුගේ අණ්ට යටයි. එයට අමතරව ඔහු 6 වන කාලතුවක්කු රෙජිමේන්තුවෙත් අණදෙන නිලධාරි තුමා. මා ඔහුගේ මාන්ඩලික නිලධාරි ලෙස ඔහුගේ රාජකාරි කටයුතු වලට සහය වුනා. මා ස්ථාන ගතවි සිටියේ එම මහවැලි කදවුරෙයි. ඔහු යටතේ දිස්ත්‍රික්කයේ සියලුම හමුදා කදවුරු ( 16-17 පමණ්) සියලුම පොලිස් ස්ථාන ( 10 ක් විතර ) තිබුනා. ඉතිං ප්‍රදේශයේ මහජනයා තම පැමිනිලි කිරිමට මෙම සම්බන්ධිකරණ කාර්‍යාලයට පැමිනෙනවා. මේ සේවන කදවුරට වගෙම අන් කදවුර බල ප්‍රදේශ වල හමුදා පොලිස් ක්‍රියාමාර්ග සැබැදිවයි මේම පැමිනිලි. සැම විටම සම්බන්ධිකරණ නිලදාරි තුමා හමු වීමට ප්‍රතම ඒම ජනයා මා හමු වෙනවා. ඒ නිසාම මා මේ සේවන කදවුරට බල ප්‍රදේශයට අයත් ජනයාත් මා මහවැලි කදවුරෙදි හමුවී තිබෙනවා.

3) ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසු පිරිසක් හමුදා අත් අඩංගුවට පත් වන අතර ඔවුන් පසුව අතුරුදහන් වනවා. මේ සිද්ධියට ඔබ වග කිය යුත්තෙක්ද ?

එය මෙසේයි. මා ඒ මුලුකාලසීමාවටම අණ දුන්නේ කුට්ටිගල හමුදා කදවුරට සහා නීලපොල වත්ත හා සැබැදිවයි. මොකද වගකීමෙන් බැදෙන්නේ අනුකන්ඩ බාර නිලධාරි හෝ/ සහා නිලධාරි අණ්දේණ (බතරොයි නිළධාරි අණදේන) හෝ/සහා අණදේණ නිළධාරි තුමයි. මේකට කියන්නේ Chain of Command. මේ සිදුවීම සිදුවුනේ ඇඹිලිපිටිය නගර සීමා බලප්‍රදේශය භාර සේවන හමුදා කදවුරේ. මා රාජකාරි කලේ ඊට මිටර් 500-800 ඇතින් පිහිටි මහවැලි කදවුරේ පිහිටි සම්බන්ධිකරණ කාර්‍යාලයේ. මාගේ රාජකාරි ස්වභාවය වුයේ සම්බන්ධිකරණ නිලධාරි තුමාගේ උපදෙස් අනුව සම්බන්ධිකරණ කටයුතු ඉටුකිරීමයි. ඒ කියන්නේ pen to paper work. මා අණදෙන රාජකාරි කුට්ටිගල ප්‍රදේශයේ හැර රත්නපුර දිස්ත්‍රික්කයේ වෙනත් කිසිම ප්‍රදේශය කලේ නැහැ. ඒ අනුව මා මේ සිදුවීම් වලට කිසිම අණදීමක් කර නැහැ.



4) ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්ති ඒ කාලයේ ඔබගේ මිතුරෙක්ද ? ඔහුට මොකක්ද හමුදාව සමග තිබ්බ ගණුදෙනුව

මා රාජකාරි කරන ප්‍රදේශවල කිසි කෙනෙක් සමග ( රජයේ නිලධාරින් හෝ වේවා ) රාජකාරි මට්ටමෙන් පමනයි සම්බන්දතාවන් පවත්වන්නේ. ඇත්තෙන්ම මා හමුදාව තුලත් batch mates ලා හැර ජේෂ්ඨ/ කනිෂ්ඨ නිළධාරින් සමග රාජකාරි කාලය තුල පැවැත්වුයෙත් රාජකාරි සබදතා පමනයි. ඒ මා එතරමටම impersonal. ඉතිං මා ගලප්පත්ති විදුහල්පති සමග රාජකාරි මට්ටමෙන් එපිට කිසිදු සබදතාවක් තිබුනේ නැත. රාජකාරි මට්ටමේන් පවා තිබ්බේ ඉතා අඩු සබදතාවක්. ඔහු සෙවන කදවුර, විදුහල අසල නිසා, සමග සබදතා පැවැත්වු බව මා දනිමි. ඒ නිසාම එදා ඔහු මගේ මිතුරෙක් නොවේ. නමුත් නඩුව පැවතුන කාලයේ ඉදන් අද දක්වා අන් අයට වඩා මා සමග ඔහු වඩා හිතවත්.

අන් රජයේ ආයතන, උසාවිය හැර GA කාර්‍යාලයේ සිට පහලට, අත්‍යවශ්‍ය සේවා( ජල, විදුලි, බස් ගමනාගමන මෙන් පාසැල් පැවැත්වීමද අපගේ ප්‍රධානම රාජකාරි වලින් එකක්. ඒ වගෙම රජයේ නිළධාරින් හට අරක්ෂාව දීමත් අපේ රාජකරියක්. ඒ අනුව ගලප්පත්ති පර්ශද විදුහල්පති ( ඔහුගේ පර්ෂදය යටතේ තවත් පාසැළ් කිහිපයක් තිබුනා. ඒවා administratively පාලනය කලේ ඔහුයි) හට පාසැළ් පවත්වාගෙන යාම නිසා ජනතා විමුක්ති පෙරමුනෙන් මරණිය තර්ජන තිබ්බා. එක් අවස්ථාවක් පිස්තෝලයෙන් ඔහුට පසු පසින් පැමින වෙඩි තිබ්බා. ශිෂයෙක් කෑ ගහපු නිසා ඔහු මුවා වීම තුල වෙඩි නොවැදි බේරුනා. ඉන් පසුව සම්බන්ධිකරණ නිළදාරිතුමාගේ උපදෙස් අනුව සෙවන කදවුර විසින් පාසැළටත් ඔහුගේ නිළනිවසටත් ආරක්ෂාව සැපයුවා.

5) ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය යට සිටි බුද්ධික කුලතුංග නම් ජවිපෙ ක්‍රියාධරයා ගැන කවුරුත් දන්නේ නෑ ඔහු පිලිබඳව සඳහනකුත් නෑ. ඔහුගේ භූමිකාව මොකක්ද ?

ඔහු ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ තරුන ගුරුවරයෙක්. ඔහු ම.ම.වි ඉඩමන් කොටසක් පැට්‍රොල් ෂෙඩ් එකක් අලුතින් හදන්න දේන්න ගත් තීරනයට විරුද්ධව ශිෂයන් උසිගන්වා ශිෂයන්ගේ උද්ඝෝෂණය යටින් සිට මෙහෙය වුවා. මේ කාලයේ අප ඇඹිලිපිටියේ නොවෙයි හිටියේ. ඒ වගේම ගලප්පත්තිත් හිටියේ අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්‍යාලයේ. හිටපු විදුහල්පති තුමාට මෙය පාලනය කර ගත නොහැකි වූ නිසා ඔහු ඉන් ඉවත් කර ගලප්පත්ති එහි විදුහල්පති ලෙස පත් කර එවලා තියෙනවා. ඒ සමගම තමයි අප රෙජිමේන්තුවෙ මොනරාගල සිට ඇඹිලිපිටියට එව්වේ. මේ සිදුවීම් දෙකම එකම කාලයක සිදුවුයේ. මා කුට්ටිගල ස්ථාන ගත වුවා. සේවන කදවුරේ ස්ථාන ගත භඨ පිරිස් වලට අණ දුන්නේ මේජර් රන්ජිත් රූපසිංහ. පසුව කර්නල් නිලයෙන් හමුදාවෙන් විශ්‍රාම ගියා. ඔහුත් සම්බන්ධිකරණ නිලධාරි තුමා වන බ්‍රිගේඩියර් පැරි ලියනගේත් ඇඹිලිපිටිය ම. ම. විද්‍යාලයට ගොස් ගුරු, ශිෂ්‍යයන් ඇමතුවා. මතකද ඒ කාලයේ ශිෂ්‍ය සටන් පාඨය වුයේ " පලමුව මව්බිම දෙවනුව පාසැළ" කියායි. ඔහු ඉතා තදින් කතාකලා. ඇත්තටම ගලප්පත්ති විදුහල් පති නැවිලා හිටියේ ජවිපේ පැත්තට. ඒ මරණීය බයට.අප කලේ ඊටා වඩා වැඩි භිතියක් රාජ්‍ය නිලධාරින්ට දීමයි.

ඉතිං මේ ගුරුවරයා ම.ම. විද්‍යාලයේ පටන් ගත්තා කෙඩෙටින් ප්ලැටුන් එකක්. එසේ ශිෂ්‍යයන් තම ග්‍රහණයට නතු කර ගත්තා. මේ ශිෂ්‍යයන් අත් අඩංගුවට පත්වෙන්නේ ඇඹිලිපිටිය කඩදාසි කම්හල ගිනි තැබිමෙන් පසුවයි. මා මේ කියන්නේ ඊට පෙර සිදුවීම්. ඔහු මේ ශිෂ්‍යයන්ව පන්ති පහ කරවීම අවි පුහුනු කදවුරු වලට යැවීම් ආදිය කලා. මේ අය ජවිපේ ශිෂ්‍ය සන්නද්ධ අංශ්‍ය ලෙස කටයුතු කරා. අප මොහුව දේපාරක් අත් අඩංගුවට ගත්තා. පලමු වර ගලප්පත්ති විදුහල්පති තුමා මැදිහත්වී ඔහුව බේරා ගත්තා. ඒ පාසැලේ ශිෂ්‍යයන් පාලනය කර ගන්න වෙන්න ඇති. දෙවැනිවර අර මා කියු කර්නල් රුපසිංහ බේරලා ඇරියා. කියන්නේ ඔහුත් ආගමේ බුද්ධිකත් ක්‍රිස්තියානි ආගමේ කියලයි. ඉතිං පෙහෙකම්හල ගිනි තැබිමේ සිද්ධියට ( සේවන කදවුර බලප්‍රදේශයේ පිහිටි) ශිෂ්‍ය සන්නද්ධ අංශයත් සහභාගි වෙලා තිබ්බා. ඒ ගැන පරික්ෂණ කරනවිට බුද්ධික ප්‍රදේශයෙන් පලා ගොස් හිටියා. අපට සොයා ගන්න බැරිවුනා. ඔහු පල්ලියේ අධාරයෙන් රට ගොස් ඇති බව පසුව අප දැන ගත්තා.

6) අතුරුදහන් වූ සිසුන් ජවිපෙ ශිෂ්‍ය සන්නද්ධ අංශයේ සිටියාද ? ඔබට එසේ සිටි සිසුන් නම් වශයෙන් කිව හැකිද ?

එක් කෙනෙක් හැර අන් සියලු දේනාම අවි පුහුනු කදවුරු වලට සහභාගි වෙලා අවි පුහුනුව ලබා තියෙනවා. උදේෂ් කාවින්ද, ප්‍රසන්න හදුවල, සුසිල් කුමාර, රසික කලුගම්පිටිය, සිසිල්, අන් අයගේ නම් මට මතක නැහැ. උදේෂ්, හදුවල සුසිල් වගේ අය මිනිමැරුම් පවා කර තියේනවා. මොකද ගොඩක් මිනිමැරුම් සිදුවුනේ පැය 17.45-18.45 වගේ හවස සහ රාත්‍රිය අතර. ඒ කියන්නේ last light එකේදි. එය කර මේ අය ගෙදර එනවා. ගෙදර අය සැක හිතන්නේත් නැහැ. මේ සියල්ලන්ගෙන් කොටසක් රාජ්‍ය දේපල ගිනිතබා විනාශ කර තිබෙනවා.

7) මෙතන කිසිම රාජ්‍ය විරෝධී ක්‍රියා නොකරපු අහිංසකයොත් සිටියාද ? ඔවුන් කවුද ?

ඔව්. ඔහු තමයි මල්වත්ත කියන ශිෂ්‍යයා. මා ඒ ගැන සම්බන්ධිකරණ නිළධාරි තුමාට නිදහස් කරන්න කියා කියා තියෙනවා. මොකද මා සම්බන්ධිකරණ නිළධාරි තුමාට සැම කදවුරකින්ම එන සැම introgation report එකක්ම බලනවා. මා සැම විටම big picture එකේ සිටියේ. එය මාන්ඩලික නිළධාරි කෙනෙකුගේ පරම රාජකාරියක්. හමුදාවේ කෙනෙකුගෙන් අසා බලන්න පුලුවන් එය එසේමද කියා. මල්වත්තව නිදහස් නොකෙරුනේ ඔහුව අන් අය සමගමයි රදවා හිටියේ. නමුත් එයට මා එකග වුයේ නැහැ. මා අණදෙන නිළධාරිවරයෙක් නොවන නිසා ( මාන්ඩලික නිලධාරියෙක් පමනක් වු නිසා ) මා හට ඉන් එහාට කල හැකි දෙයක් වුයේ නැහැ.

මහාධිකරණ නඩු විභාගය කාලයෙදි ස්ටිවන් වැනි නිදහස්. කල එදා රැදවියන් සාක්ශි දෙන විට බ්‍රිගේඩියර් මා හට ඔච්චමට කියුවේ ජාලිය කොහොමද අපි මල්වත්තව නිදහස් කල තිබුන නම් කියා. නමුත් ඒ වෙනවිට මා reform වෙමින් සිටි බැවින් මනුශ්‍ය ජිවිතයක වටිනාකම හොදින් වටහා ගෙන ( මට එතකොට වයස 34-35 වගේ) සිටි බැවින් ඔහු කී දේ මාගේ එක් කනකින් ඇතුලත් වී අනෙක් කනේන් පිටවුනා. අදටත් මා එ ගැන දුක් වෙනවා ඒ අහිංසකයෙක් නිසා. ඔහු පංති කර ඇති බව මට මතකයි. හැබැයි එවැනි අය අප කලේ බූස්ස කදවුරට ඇරිමයි. අන් අය ගැන. අන් අය ගැන මා හට ඒ කෝණයෙන් දුකක් නැහැ. හේතුව අවි පුහුනුව ලබා තිබේනම්, අවි සමග අත් අඩංගුවට පත්වි ඇත්නම්, මීනි මරා ඇත්නම් සහා රාජ්‍ය දේපල විනාශ කර ඇත්නම් ඒ අය විනාශ කිරිමටයි රාජ්‍ය ආරක්ශක ඇමති රන්ජන් විජේරත්න මැතිතුමා වාචික උපදෙස් ලබා දී තිබුනේ. කෙසේ වෙතත් මල්වත්ත වෙනුවෙන් මා කතා කරන්න ශක්තියක් තිබිම ගැන මා කුඩා සතුටක් ලබනවා. ඒ එම අපරාධයේ කොටස් කරුවෙක් නොවීම නිසයි.

8) ජවිපෙ ශිෂ්‍ය සන්නද්ධ අංශයේ සිටි සිසුන් විසින් සිදු කල කඩාකප්පල්කාරී ක්‍රියා මොනවාද ?

1. ඇඹිලිපිටිය පෙහෙකම්හල ගිනිතබා විනාශ කිරිම
2. ඩිපෝවේ ලංගම බස් රථ ගිනිතබා විනාශ කිරිම
3. මහේස්ත්‍රාත් උසාවිය ගිනිතැබිම
4. ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැව අසල තිබෙන ජනාධිපති නිල නිවස ගිනි තැබීම
5. කඩ වැසීම සදහා චිට් දීම
6. ජනයා විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරින් බිය වැද්දීම සහා එක් ග්‍රාම සේවකයෙක් මැරිම. කතරගම රූපසුන්දරි ඝාතන නඩුවෙ සිරදඩුවම් විද නිදහස් වු හමුදා සමාජිකයෙක් නිදහස් වී සතියක් ඇතුලත මිනිමැරිම.
7. පාසැල් අධ්‍යාපනය කඩාකප්පල් කිරිම.
8. ජන ජීවිතය මුලුමනින්ම අඩාල කිරිම.

9) මෙම නඩුව පිලිබඳ ඔබගේ අදහස් මොනවාද ?

නඩුවිභාගය පැවති කාලයෙදිත්, මා සිර දඩුවම් විදපු කාලයේදිත්, අදත් හෙටත් මා දකින්නේ ඒ දේමාපියන්ගේ පරම අයිතියක් කියායි. මොකද අප ජීවත් වන්නේ ශිෂ්ඨ සමාජයක නිසා. හැබැයි මෙයට දේශපාලන මුහුනුවරක් චන්ද්‍රිකා, පවිත්‍රා, S.B දිසානායක වගේ අය දුන්නා 94 බලයට එන්න. ඒ වගේම UNP රජයේ අවසාන කාලයේදි ලංකාවේ Human Rights රෙකෝර්ඩ් එක පහල මට්ටමක කියා විදේශ ආධාර ලැබි නොතිබුන තත්වයක් තිබුනේ. ඒ නිසාම චන්ද්‍රිකා ප්‍රමුඛ විපක්ෂය රාජ්‍ය බලය ලබාගැනීම සදහා දේශපාලන විදේශ පරිත්‍යාග මත මෙවැනි අතුරුදහන් වීම් සම්බන්දයෙන් ක්‍රියා කරනවා යයි රටේ ජනතාවට වගේම විදේශයට පොරොන්දු දුන්නා. ඒ අනුව 94 අගෝස්තු බලයට ආ චන්ද්‍රිකා 94 ඔක්තෝබර් මුල අප පස්දෙනෙක් CID මගින් අත් අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කොට දින 14 කට රිමාන්ඩ් භාරයට පත් කරා. කොමිසනුත් දැම්මා. හැබැයි 1992 සිට වගේ මේ එක් එක් අය වෙනුවෙන් Heabeascopes නඩු අපට තිබ්බා.

පසුව 1995 අග අප සියලු දේනාට චෝදනා 80 කින් ( eighty counts ) යුත් අධිචෝදනා පත් රත්නපුර මහාධිකරණයේන් භාර දුන්නා. චෝදනා තිබුනේ ශිෂ්‍යයන් 25 ක් සදහා පමනයි.අප නිර්දෝශයි කියු නිසා ජුරියකින් තොරව 1996 ජනවාරි මස සිට නඩුව විභාග කලා. චෝදනා 80 කින් යුත් අධිචෝදනා පතක් මීට පෙර කිසිම චුදිතයෙකුට ලංකා මහාධිකරණයකින් මීට පෙර නඩු පවරලා නැහැ. 1999 පෙබරවාරි 10 වැනි දින මා වරද කරු කරනා විට දින 200 කට ඉතා අසන්න කාලයක්, ඒ අවු 3 කට මදක් වැඩි කාලය තුල විභාග කර පිටු 15,000 ක ආසන්න නඩුවාර්තාව මත චෝදනා 8 කට වරද කරු කොට ඉන් 4 කට අවු 10 බැගිනුත් ඉතිරි 4 ට අවු 5 බැගිනුත් මුලු අවුරුදු 60 ක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් එකවර ගෙවී යන සේ ලබාදුන්නා.

10) ඔබ සාධාරණ නඩු විභාගයකට මුහුණ දුන්නාද?

ඔව්. විභාගය සාධාරණව පැවැත්වූවා. නමුත් වරදකාරිත්වයේ තින්දුව අසාධාරණයි. හැබැයි දඩුවම් තීන්දුව සාධාරණයි.

11) සිර දඞුවම පිලිබඳ තීන්දුව ලැබූ අවස්ථාවේදී ඔබ තුල ඇතුවූ සිතිවිළි මොනවාද ?

තීන්දුව කියවීම පැයක් හමාරක් ගතවුනු කාලයක්. මා වරදකරුවෙක් යයි මුලින් කියන විට මාගේ කකුල් දෙක පන නැතිව ගියා වගේ හැගීමක් ඇතිවුනා. මට අම්මා තාත්තා මතක් වුනා. ඒ අය කවරදාකවත් පොලීසියකටවත් නොගිහිපු අය. ඊට පස්සේ සිර දඩුවම් වසර ගනන් කරන්න පටන් ගත්තා. එය හරියටම කරන්න පුලුවන් වුනේ නැහැ. අම්මා තාත්තා කවරදාකවත් උසාවියට ඇවිත් නැහැ. එදා ආවෙත් නැහැ. ඒ වෙනුවට මාගේ classmate කෙනෙක්, තවත් නුගේගොඩ යහලුවෝ පස් හය දෙනෙක් ඇවිත් සිටියා. කා දෙසවත් කෙලින් බලා කතාකරන්න ශක්තියක් තිබුනේ නැහැ. ඩොක් එකේ සිටගෙන සිටියේ මොළය වැඩ කරන්නේ නැතිව. පසුව උසාවියේ සිර කූඩුවට දැමු පසු සිගරට් හත අටක් එක දිගටම පත්තු කරා. කලිසමත් පිච්චුනා. ඇදලා හිටියේ ලා කොල කලිසමක් සහා ඊටත් වඩා ලා කොල අත්දිග ෂර්ට් එකක් කොල දුඹුරු පාට ටයි එකක් පැලද. මගේ classmate ට මගේ රත්තරන් බ්‍රේස්ලට් එකයි චේන් එකයි ගලවලා දුන්නා පෙම්වතියට දෙන්න කියා. කූඩුවෙ පැයක් හමාරක් ඉන්න කොට මට පියවී සිහිය ආවා. මා සිර ජීවිතය පටන් ගන්නත් පෙර සිත හදාගෙන සිර ජිවිතය වැලද ගත්තා. ඇත්තට මාගේ ශක්තිමත් පෞර්ශත්වය නැවත මට ලැබුනා.

12) ඔබගේ සිර ගෙදර ජීවිතය ගත වුනේ කොහොමද ?

ඔව් මගේ සිර ජිවිතය අවු 7 කට ආසන්නයි. ඒ කියන්නේ 1999 පෙබරවාරි 10 දින සිට 2005 සැප්තැම්බර් 23 දින දක්වා. ඒ කාලය තමයි මාගේ ජිවිතයේ වටිනාම කාලය. මා ජිවිතය අවබෝධ කරගත්තේ මේ කාලය තුලදියි. ඒ කියන්නේ අහිංසක මිනිස් හැගීම් මා වර්ධනය කර ගත් කාලයක් මේක. ජන සමාජය අවබොධ කර ගත් කාලයක් මේ කාලය.නැවති මා ආ ගමන්මග දෙස, ඒ කියන්නේ වැල්ලේ පිය සටහන් දෙස නැවති හැරි බලන්න පුලුවන් වු කාලයක් මේ කාලය. ධර්ම පොත පත එ කියන්නේ තුනේ පංතියේ හතරේ පහේ ඔය ආදි වශයෙන් දහම් පාසැළ් පොත් පරිශිලනය ( මා දහම් පාසැළ් ගොස් නැත ) ලැබිච්ච කාලයක් මේක. වඩා වැදගත්ම වන්නේ රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේගේ බෞද්ධයාගේ අත්පොත, චතුරාය්‍ය් සත්‍ය වැනි පොතුත්, බලංගොඩ ආනන්ද මෛත්‍රි ස්වමින් වහන්සේගේ පොතුත්, අචන් චා හිමියන්ගේ භාවනා සම්බන්ධ පොත්පතුත්, තව තව බෞද්ධ පොත්පත් සමග ඩේල් කානජිගේ සහා තවත් අයගේ මනෝවිද්‍යාව, මනස සැබැදි පොත් පත් සහා නෙල්සන් මැන්ඩෙලාගේ long walk to freedom, බිල් ක්ලින්ටන්ගේ My life, ලලිත් ඇතුලත්මුදලිගේ autobiography එක වැනි පොත්පතුත් තවත් විශාල පොත්පත් ප්‍රමානයක් කියවන්න මට වාසනාව ලැබුන කාලයක් තමා මේ කාලය. දින පතා සිංහල පත්තර 2 ක් සහ Daily News පත්තරයත්, සති අන්ත සිංහල පුවත්පත් තුනක් සහා ඉංග්‍රිසි පුවත්පත් තුනක් බලන්නත් හැකි වෙච්ච කාලයක් මේක. ඒ වගේම දුම් පානයෙන් සහා මත්පැන් පානයෙන් තොර වු කාලයක් මේ කාලය. දිනපතා වියායාම ( cell එක තුල) කරන්න පුලුවන් වූ කාලයක් මේක. ඒ වගේම healthy food ( සිරබත ) ඒ කියන්නේ less sugar, No fat, No spices, No acid etc etc ගන්න ලැබිච්ච කාලයක් තමයි මගේ සිර ජීවිතය.

ඒවගේම MS Office න්‍යාත්මකව ඉගෙන ගන්නත්, ඇදුම් මහන්නත් ( මා ටේලර් පාටියේ හිටියේ) ඉගෙන ගන්න පුලුවන් වු කාලයක් තමා මේ කාලය. අවු 18 ක පමන හමුදා කාලය තුල අන් අය supervise කර ඔවුන්ගෙන් වැඩ ගත් මා, මා විසින් ඉදිකටුවට ඇගිලි තුවාල කරමින්, දාඩිය දමාගෙන මැෂිම පාගනින් task එකට වැඩ කරන්න හිත කය පුරුදුකර ගත් කාලයක් තමා මේ කාලය. ඒ වගේම දිනපතා පන්සිල් ගන්නත්, පෝයදින වැඩ සටහන් වලට සහභාගි වෙන්නත්, දින 3 ක් හෝ 5 ක භාවනා වැඩ සටහනකටත් සහභාගි වෙන්න වාසනාව තිබ්බ කාලයක් තමා මේ කාලය. ඒ වගේම පරවියන් ඇතිකරන්නත්, පුසියෙකුටත් ආදරය දක්වන්නත් හැකිවෙච්ච කාලයක් තමා මේ කාලය. ඒවගේම සහෝදර සිරකරුවන්ගේ ජීවිත වලට එබිකම් කරන්නත් හැකියාවක් ලැබුනු කාලයක් තමා මේ කාලය. එ කියන්නේ මරණීය දන්ඩනයට ලක්වු අය, දවල් හොරු, රාත්‍රි හොරු, මංකොල්ලකාරයො, වංචා කාරයො, ස්ත්‍රි දූශකයො, පාතාලයෝ, චන්ඩියො, කුඩු මුදලාලිලා, කුඩ්ඩො, අරක්කු සික් කාරයො, පිස්සො, අල්ලස් කාරයෝ, වැරදි කරපු පොලීස් නිළධාරින්, SB වැනි දේශපාලකයින්, සමාජයේ වැදගත් යයි සැලකෙන යම් ප්‍රභුන් වැනි අයගේ ජීවිත සහ අත්දැකීම් කියවා ගන්නත් ලැබිච්ච අනගි අවස්ථාවක් තමයි මේ කාලය. මොකද විශ්වවිද්‍යාලයේ මාගේ ප්‍රියතම විෂය තමයි Psychology. මට B pass එකක් තියෙනවා. පසුකාලීනව psychology සැබැදි ගොඩක් පොත්පත් මා එවකට කියවා තිබුනා. ඒ දැනුම මා ප්‍රායෝගිකව අත්හදා බලන්න පුලුවන්වු කාලයක් තමා මේ කාලය. එවගේම Chess ඉගෙන ගන්නත්, අප විසින්ම organize කල Chess tournament එකකින් දිනන්නත් පුලුවන් වු කාලයක් තමා මේ කාලය. ඒ වගේම කුඩා fight දෙකකටත් මැදිහත් වෙලා අත්දැකිම් ගත් කාලයක් තමා මේ කාලය. එ වගේම ඇපිල් නඩුවට අදාළව සියලු facts සහා law මාගේ ජනාධිපති නීතීඥ ශ්‍රිනාත් පෙරේරා මහත්‍තයාට (President Council Srinath Perera) ලබා දීම සදහා විශාල home work කරන්නත් ලැබිච්ච අවස්ථාවක් තමයි මේ අවුරුදු හත. ඉතිං මේ කී සහා නොකි ක්‍රියාකාරකම් නිසා මාගේ අවු 7 ක සිර දඩුවමට මා අදටත් ආදරය කරනවා. එහි ප්‍රතිඵල භුක්ති විදිනවා. ඒකයි මා කියන්නේ මේ කාලය මාගේ ජිවිතයේ වටිනාම කාලය කියා. තව විදිහට කිවහොත්, ඇතුලට ගිය මේජර් ජාලිය ඈපාට වඩා එලියට ආපු නිකන් ජාලිය ඈපා වඩා ශක්තිමත්, ගුණගරුක, ධර්මයට ලැදි, ධර්මානුකුලවම ජීවත්වන්න උත්සහා කරන වඩා යහපත් පුද්ගලයෙක් කියා.

13) වර්තමානයේ ඔබ මොනවද කරන්නේ ? ඔබගේ මිතුරන් සමාජය ඔබ දෙස දැන් බලන්නේ කොහොමද ?

ඇත්තම මාගේ batchmates ලා මාව හොදින්ම පිලිගන්නවා. මා ඔබට කියු ලෙසම කලකට පෙර batch get togatger එකකදි කියා තිබෙනවා. එයාලා එයාලට වඩා අත්දැකීම් වැඩි කෙනෙක් ලෙස මාව පිලිගන්නවා. හමුදාවෙ මාගේ ජේෂ්ඨ නිලධාරින් වගේම කනිෂ්ඨ නිලධාරින් මා හට විශේෂ ගරුත්වයක් දක්වනවා. හේතුව එකක් මා command material එකක් වීම සහා මා මෙයට වග කිව යුතු කෙනෙක් නොවීම. අදටත් intake 20 සහ පහල මේජර් ජෙනරාල්ලා පවා මට Sir කියා තමයි කතාකරන්නේ. හැබැයි මා හමුදාව සමග සම්බන්ධතාවයන් පවත්වන්නේ නැහැ. ඒක එක compartment එකක්. සිර ජිවිතයත් තවත් එක compartment එකක්. මා දැන් ඉන්නේ වෙන compartment එකක. මගේ මේ පෙට්ටිවල ඇතුලෙන් යන්න බැහැ. Journy එක ඉවරවෙලා station එකෙ නැවතුමේදි තමයි යන්න පුලුවන්. මා අලුතින් යාලු හිත්වත් කම් පටන් ගන්නේ නැහැ. දන්නා අය සමග විතරයි ඇගැලුම් කම් පවත්වන්නේ. හැමෝම දන්නවා මෙය දේශපාලන case එකක් කියලා. ඒ නිසා අප්‍රසාදයක් නැහැ. නමුත් මා නොදන්නවාට ගොඩාක් පිරිස් මා ගැන දන්නා බව මට අනන්තවත් තේරිලා තියෙනවා. මා නොදන්නවා වාගේ ඉන්නවා.

මා ගිය අවුරුද්දේ සියලු වියාපාර කටයුතු වලින් විශ්‍රාම ගත්තා. ඒ මට අවු 55, ඔක්තෝබර් 26 ට පිරිච්ච නිසා. තැන්පත් ධනයෙන් මට ජීවත්වෙන්න අවශ්‍ය බැංකු පොලිය ලැබෙනවා. මාසයට බිල් හතරයි ( SLT ADSL PEO TV බිල, වතුර බිල, ලයිට් බිල සහ මොබයිල් බිල ) ගෙවන්න තියෙන්නේ. Car, cab and the motor bike are free of lease. No loans to pay. ඉතිං මා අද නිදහස් පුද්ගලයෙක්. අද මා ඉන්නේ දොම්පෙ. අක්කරයකට අසන්න ඉඩමක් තියෙනවා. එහි තිබුන වලව්ව මම (restore) ප්‍රතිශ්ඨාපනය කරා. මා එහි තනියෙන් ඉන්නවා. වැඩට වයසක් මනුස්සයෙක් ඉන්නවා. ගිය අවුරුද්දෙ වත්තේ පොල් පැල 30 ක් දැම්මා. රඹුටන් පැල 12 , වෙනත් පලතුරු වර්ග 15-20 ක් විතර සහා අඩි 40x40 ක ගෙවත්ත තිබෙනවා. ඒ කටයුතු කරමින් විවෙකීව ඉන්නවා. පසුගිය දවස්වල පෝර දැම්මා. ලබන අවුරුද්දට පසු අවුරුද්දේ පලදාව ගන්න බලා පොරොත්තු වෙනවා.

14) ආපසු හැරී බලන විට ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය ගැන ඔබ සිතන්නේ මොනවාද ?

මුලින්ම කියන්න තියෙන්නේ එය සිදු නොවිය යුතු තත්වයක්. මේකට මේ අතුරුදහන් වු ශිෂ්‍යයන් වත්, අප වත්, හමුදාවවත්, එදා රජයවත් වග කිව යුතු නැහැ. වගකිව යුත්තේ මීට පෙරත් 1971 විශාල විනාශයක් කල විජේවිර ප්‍රධාන ජවිපේ දේශපාලන මංඩලය සහා මධ්‍යම කොමිටිය. මේ අය රටේ යමක් කල හැකි තරුන පරම්පරාව විනාශ කරා. අද සිංහල ජන සමාජය යම් නිවට කමක් ඇත්නම්, එයට හේතුව මේ නැතිවුන තරුන පරම්පරාවයි. මේ ශිෂ්‍යයන් ලව් ලෙටර් වැනි පුද්ගලික කාරනාවක් නිසා හෝ ප්‍රතිවිරුද්ධ දේශ්පාලන ( SLFP, LSSP වැනි) මතයක් දැරිම නිසා හො නොවෙයි දැයට අහිමි වුයේ. ඔවුන්ව නොමග යවා, ඔවුන් ලවා අපරාධ කරපු නිසාවෙන්මයි මේ දේවල් සිදු වුනේ. මේ සියලු ශිෂ්‍යයන් අද්දැකිම් නොමැති තරුන අය නිසා, නැත්නම් නොදරුවෝ නිසා ඔවුන් හදාගැනිමේ වගකීමත් එයාලගේ දෙමාපියන්ට තියෙනවා. එතකොට එයාලටත් තම වගකීම් ඉටු නොකල අය නිසා වරදකාරිත්වයක් පැටවෙනවා.

ප්‍රසන්න හදුවලගේ පියා ( ඔහු කනිෂ්ඨ විද්‍යාලයක විදුහල්පති සහ 71 කැරැල්ලේ NIB ලිස්ට් එකේ නම තිබෙන කෙනෙක්) දැන දැනම තමා, තම පුතා මේකට යොමු කරේ. ඒ බව මා දන්නේ හදුවල ඉන්නේ කුට්ටිගල බල ප්‍රදේශයේ නිසා සහා මුලින්ම කුට්ටිගල කදවුරේ නිලධාරි අණදෙන ලෙස මා විසින් ප්‍රසන්න හදුවල අත්අඩංගුවට අරන් නිදහස් කල නිසායි. Lack of supervision by parents too caused this vandetta. හමුදාවකට හෝ පොලිසියකට කොහොමද ලමයි හදන්නේ? රජයටත් වෙන කරන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ. ප්‍රේමදාස ජනාධිපති තුමා කිහිප සැරයක් සාක්ච්චා මේසයට එන්න කියා අරාධනා කරා ආයාචනා කරා, ඇවිත් එකට ආන්ඩු කරමු කියා. නමුත් ජනතා විමුක්ති පෙරමුන ගනන් ගත්තේ නැහැ. මොකද එදා සති දෙකක්, දින 10 ක් වගේ කාලයක් තිබ්බා ( 89 අගොස්තුවේදී හො සැප්තැම්බර් මාසේ ) රටේ ආන්ඩුවක් නැතිව. ගොඩක් අය මේක දන්නේ නැහැ. ඉතින් එහෙම තත්වයකදි ප්‍රජාතන්ත්‍රවාදීව පත් වු රජයකට කල හැක්කේ supression පමනයි. ඒ නිසා එදා පැවති රජය මීට වගකිව යුතුයි කියා කියන්න බැහැ. අනික පසු කාලින ආ රජය LTTE එකට කරෙත්, ඉදිරි කාලයක ඇතිවෙන රජයක් කරන්නෙත් ඕකම තමා.

15) ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය ගැන අපගේ සමාජය ඉගෙන ගත යුතු පාඩම් මොනවාද ?

පලමු පාඩම තමයි තම නොදරුවන්, වීශේෂයෙන් වයස 15 16 සිට 20 21 දක්වා ඉතා සැලකිල්ලෙන් සොයා බැලීම. මොකද දුෂ්ඨ මිනිසෙකුට මේ වයසේ ලමයි නොමග යවන්න ඉතා පහසුයි. මේ සිද්ධියේ ඒ දුෂ්ඨයා තමයි ඔවුන්ගේ තරුණ ගුරුවරයා බුද්ධික. අනික මේ ලමයි සම්බන්දයෙන් අපට ලැබි තිබුනු තොරතුරු අනුව අප ඒ ඒ ගෙවල් වලට ගොස් ඒ ඒ දේමාපියන්ට දැනුම් දුන්නා. කුට්ටිගල පැත්තේ අයට සෙවන කදවුරේ අය මා සමග ගොස් දැනුම් දුන්නා. හදුවල, උදේශ් , සහ තව කිහිප දෙනෙකුගේ. ඒ නිසාමයි මා කියන්නේ මේ දෙමාපියන් බුද්ධික ගුරුවරයාට පසු ඊලගට වග කිව යුතුයි කියා. රජයත් මීට වඩා දුර දිග කල්පනා කොට තීරන ගැනීමත් වඩා වැදගත්. හේතුව පුනුරුත්ථාපනය යන සංකල්පයෙ ආවේ ගොඩක් කල් ගිහිල්ලා. අපි බලාගෙන ඉන්න ඔනේ vecanncy එනකන්. ඒ කියන්නේ ස්ථාන පහසුකම් අවම මට්ටමේ තිබ්බේ. නමුත් ජවිපේ රජයට වඩා වග කිව යුත්තේ ඔවුන්ගේ සටන් පාඨය වුයේ, ඉංදීය හමුදා ලංකාවට ඒමයි. එදා එයට කල හැක්කක් ලංකා රාජ්‍යයට තිබුනේ නැහැ. එය තනිකරම බලය ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයෙන් ලබාගැනිමට තරුනයන් නොමග ඇරිමක්. පාසැල් ලමුන්ගේ අතට දුන්නේ " පළමුව මව්බිම, දෙවනුව පාසැල" කියායි.

මේ සමාජයේ කුහකත්වය ඉතා වැඩියි. නැති එකා ඇති එකා වට්ටලා හරි, වෙන කොහොම හරි ඇති එකෙක් වෙන්නයි උත්සහා ගන්නේ. මේ ලමයිනුත් මා දැක කතාබස් කල මධ්‍යම කාරක සහාවෙ අය තුලත් මා දැක්කේ අධික කුහකත්වය. එය සමානාත්මතාවය කියන පිරුවටයෙන් තමයි වහන්නේ. මෙය ඇති කරන්නේ ගෙවල් තුල. සමහර විට පහේ ශිෂ්‍යත්වයත් මීට හේතු වෙනවා. අනිකා පරයා යන ගුනය අපේ කාලේ තිබ්බේ නැහැ. ලමා සිතට ඒ පීඩනය ඇතුල් කරන්නේ දෙමාපියන්. ඉන් මව ප්‍රධානයි.

හමුදාව පැත්තෙන් බ්‍රිගේඩියර්ට මීට වඩා මානුශීය හැගිම් තිබ්බා නම් වඩා හොදයි. ඔහුට මිනිස් ජීවිතයක අගයක් තිබ්බේ නැහැ. මොකද මේ හැම දෙයම සිදුවුනේ under his nose. නමුත් ඔහුට පහල හිටිය සෙවන අනුකන්ඩය ඇතුලු අනුකන්ඩ ගනනාවක් බාරව හිටිය මේජර් රන්ජිත් රුපසිංහ බ්‍රිගේඩියර්ව නොමග ඇරිය කියා කියන්නත් පුලුවන්. ඔහු කොහොමටත් අවස්ථාවාදි නිලධාරියෙක්.