යුඇන්පි නායකත්වයට සූට් මැසීම

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ගෙවුන සති අන්තයේ පොදු අපේක්‍ෂකයා පිළිබඳ එක් පටලැවිල්ලක් නිරාකරණය විය.  ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පුනරාගමනය පිළිබඳව පැවති භීතියයි. තමා පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් නොවන බවට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප‍්‍රකාශ කර හමාරය. එහෙත් ඇය වැදගත් යමක් අවධාරණය කර තිබිණ. එනම් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අනන්‍යතාවය වෙනුවෙන් පෙනි සිටින බවය. ඇයගේ පෙනි සිටිම යනු ඉදිරි ජනාධීපති මැතිිවරණයකදී සිය සකි‍්‍රය දායකත්වය යම් අපේක්‍ෂකයෙකු  වෙනුවෙන් ලබා දෙනවා යන්නය. 

සත්තකින්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට නැවත දේශපාලනයට ඒමේ අවශ්‍යතාවයක් තිබුණේ නැත. ඇයගේ නම ඉස්මතුව පැමිණීයේ විධායක ජනාධිපති ක‍්‍රමයට එරෙහිව ගොඩ නැගුණ  විධග්ධ සංවාද හරහාය. විශේෂයෙන් එක්සත් ජාතික පක්‍ෂය සමග කි‍්‍රයා කරන විශ‍්‍රාමික අමාත්‍යාංශ ලේකම් සංසදය මෙහිදි වඩාත් කැපි පෙනෙයි. මේ කියන ලේකම් සංසදය විශ‍්‍රාමික කැබිනට් ලේකම්වරුන්ගෙන් සමන්විත දේශපාලන එකතුවකි. කලක් රනිල් වික‍්‍රමසිංහ සමග එක්ව සිටි මේ විධග්ධ කතිකාව නැවත පන ගන්වා සකි‍්‍රය කරන ලද්දේ කරු ජයසුරිය විසිනි. එපමණක් නොව ආර්.පේ‍්‍රමදාසට එරෙහිව පෙළ ගැසුණ දෝෂාභියෝගි පෙරමුණේ බොහෝ දෙනා පවා  මේ වන විට කරු ජයසුරිය සමග යම් දේශපාලන කතිකාවක් ආරම්භ කරමින් සිටින බව පෙනේ.

විශ‍්‍රාමික කැබිනට් ලේකම්වරුන්ගෙන් සංසද සාමාජිකයන් බොහෝ පරිපාලන හා දේශපාන ඇසූපිරූ තැන් ඇති එකතුවකි. ඔවුන්  සිය අත්දැකීම් සමග වර්තමාන දේශපාලන අලකලංචිය ගැන බොහෝ නිරීක්‍ෂණ දක්වමින් සිටිති. ඔවුන් ඉදිරි  ජනාධීපතිි මැතිවරණයක් සඳහා චන්ද්‍රිකා ගැන කතා කළේ එජාපය අමතක කොට නොවේ. වර්තමාන පාලනය  පාර්ලිමේන්තු දේශපාලන විනාශෙ කරමින් යන ගමන නිරීක්‍ෂණය කරමිනි. පොතෙන් හෝ දතෙන් සිය බල කුලකය ආරක්‍ෂා කර ගන්නා රාජපක්‍ෂ ක‍්‍රමය හරහා මේ වනවිට වර්කමාන ආණ්ඩුව තුල ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය යනඑන මං නැතිව සිටින බවකි. ඒ හරහා ලාංකේය දේශපාලනය පුරා පැතිරුණ ශී‍්‍රලනිපය සිය අනන්‍යතාව අහෝසිවන බව විශ‍්‍රාමික කැබිනට් ලේකම්වරුන්ගෙන් සංසදය නිරීක්‍ෂණය කොට බොහෝ කල්ය. ඔවුන්ට අනුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය 1951 මුල්පොත් තැබුවේ මහනුවර බෝවලදීය. එදා ඊට මුල්වු අය අද ආණ්ඩුවේ රාජපක්‍ෂ භාවිතය තුල සමතලාවි හමාරය. 1956 ජයග‍්‍රහණයේදී ඒ.සී.එස්.මරික්කාර්, බ¥ර්දීන් මොහොමඞ් ආදි මුස්ලිම් නායකයන් දුන් ශක්තිය ගැන දන්නා පැරණී ශී‍්‍ර ලංකා කාරයන් අ`ථත්ගම බේරුවල සිද්ධි ගැන හූල්ලති. අදත් ජනක බණ්ඩාර තෙන්නකෝන්ලා දඹුල්ලේ පන්සල සමග පොර බදමින් මුස්ලිම්වරු වෙනුවෙන් පෙනී සිටින්නේ ඒ අතීත උරුමය රැුක ගැනිමට ය. එ් මිස, බුද්ධාගම එපාවෙලා නොවේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය එජාප මහ ගෙදරින් කැඞී දේශපාලන රිකිලකි. එක්සත් ජාතික පක්‍ෂය නම් කිසි විටෙකත් දේශපාලනය සමග භාෂාව හා  ආගම පටලවා ගත්තේ නැත. සිංහල රාජ්‍ය භාෂා ප‍්‍රශ්නයේදී ශී‍්‍රලනිපය දෙමල කතා කරන මුස්ලිව්වරු අමනාප කර ගත්තේ නැත. දෙමල ජනතාව සමග විරසකවිම  ශී‍්‍රලනිපයේ උපන් ගෙහි දෝෂයකි. එය යම් පමණකට සමබර කිරීමට චන්ද්‍රිකා සමත් විය.  බොදුබල සේනාව හරහා රාජපක්‍ෂවරු කරන මේ  ඇමතිම හරහා ශී‍්‍රලනිපයට මුස්ලිම්වරු සමග පවත්නා ලේ නෑම නැතිවන සෙල්ලමකි. ඒ ගැන ශී‍්‍රලනිපයේ උරුම කරුවෝ හූල්ලති. ඉකි ගසති. මුස්ලිම් විරෝධය හරහා රාජපක්‍ෂවරු කොටු කිරීමට සැලසුම් කරන සිංහල බෞද්ධ බහුතරය ප‍්‍රධාන පක්‍ෂ දෙක අතර හරි හරියට බෙදී සිටිති. හෙවත් එයින් වැඩි ප‍්‍රතිශතයක් එජාපයට ලෙන්ගතු බව ජාතිවාදි නොවන බව තෙන්නකෝන් ලා මෛති‍්‍රපාල සිරිසේනලා දනිති. එහෙත් අද ආණ්ඩුව තුල ඇති මේ ප‍්‍රති විරෝධය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දකින්නේ ශී‍්‍රලනිපයේ අනන්‍යතාව විනාසවිමක් ලෙසය.

සිය රාජකාරි ජීවිතයේ මේ විශිෂ්ඨ රාජ්‍ය නිලධාරින් බොහෝ තනතුරු දරා ඇත. ආදායම් පාලක නිලධාරින්, උප දිසාපතින් දිසාපතින් අමාත්‍යංශ ලේකම් ආදි තනතුරු හරහා මේ විශිෂ්ඨ පුරවැසියන් බොහෝ දේශපාලනඥයන් සමග කි‍්‍රයා කර ඇත. අදටත් ඔවුන්ට එදා තමන් සමග සම්බන්ධතා පැවැත්වූ මැති ඇමතින් නිතර මුණ ගැසෙයි.  අමාත්‍ය මෛති‍්‍රපාල සිිරිසේන දේශපාලනයට පිවිසෙන විට ග‍්‍රාම නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටියේය. ඔහු රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කළ විට තවත් කල්පනා කර බලන්නැයි එදවස පොලොන්නරුවේ දිසාපති ඔස්ටින් ප‍්‍රනාන්දු කී බව ප‍්‍රකට කතාවකි.   මේ සිද්ධිය සිහිපත් කළේ එකී සම්බන්ධකම්වල ප‍්‍රමාණය සිහිපත් කිරිමටය. ටී.බී. ඉලංගරත්නට වැඩ තහනම් කිරිමේ ලිපිය භාරදුන් සිවිල් නිලධාරියා ඔහුගේ  පළමුවන අමාත්‍යංශ ලේකම්වරයා ලෙස තෝරා ගත් බව ප‍්‍රකට කතාවකි. මේ කියන්න උත්සාහ කළේ එළඹෙන ජනාධීපති මැතිවරණයක් සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ නම සලකා බැලූණේ එජාපයෙන් මිස ශී‍්‍රලනිපයෙන් නොවන බව කියන්නටය. එහෙම සලකා බැලූනේ රනිල් කපන්න නොවේ. පක්‍ෂය දිනවීමට අදාල බොහෝ හේතු සාධක ඇතිවය. ආණ්ඩුව තුල ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සහජාත හිමිකරුවන් පෙළ ගැස්විම වර්තමාන දේශපාලනය සෙලවිය හැකි මහා පොදු සාධකයක් කරගත හැකි බව නිරීක්‍ෂණය කළෝ මේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකයන් විසිනි. මේ වන විට ඔවුන් කලක් තිස්සේ නිරීක්‍ෂණය කරමින් සිටි ඒ සාධනීය තත්වය කන්ද උඩරට තෙන්නකෝන්ලා ජයරත්නලා රජරට දිසානායකලා හරහා වීදි බසිමින් තිබෙන බව රහසක් නොවේ. ඔවුනතුරෙන් දඹුල්ලේ ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ  මහනුවර තිළින තෙන්නකෝන් කළ කතාබහ සති අන්ත පුවත්පත් ලූණු ඇඹුල් ඇති වාර්තා කර තිබිණ.

කරු ජයසුරිය සමග වර්තතමානයේ රැුස්වන විශ‍්‍රාමික කැබිනට් ලේකම්වරුන්ගෙන් සංසදය නිරීක්‍ෂණය කර ඇත්තේ මේ තත්වය පමණක් නොවේ. ටෙන්ඩර් ආදි ආයතනික ප‍්‍රශ්න හරහා බලූ පොරයකට වැටුණ සමහර දේශපාලනඥයන් නිසා අසරණවි සිටින නිලධාරින්  හරහා වර්තමාන රාජ්‍ය සේවය වෙත පැවති අනන්‍යතාව බිඳී ඇති බවද මේ වනවිට හෙළිවි හමාරය. ඒ හරහා රාජ්‍ය සේවයට වඩා ආණ්ඩුවේ දේශපාලනය පිරීහී ඇත. අද රජයේ සේවකයා කියන්නේ නිදහසේ රස්සාව කරගන්ට බැරි තත්වයට රාජ්‍ය සේවය පත්වි ඇති බවය. සමෘද්ධි නිලධාරියෙකු ගස් බැන්දේ ගම්පහ දිස්ති‍්‍රක්කයේය. 2014 ගම්පහ දිස්ති‍්‍රක් තැපැල් ඡුන්ද ප‍්‍රතිපලය බලනු මැනවි. එහි නරක්වු ඡුන්ද ප‍්‍රමාණය එක් දහස් ගණනකි. තැපැල් ඡුන්ද වරය ලබන්නෝ දදුන් ළඳුන් බොළඳුන් නොවේ. මේ ආන්ඩුවෙන් රස්සා ලබාගත් ශී‍්‍ර ලංකා කාරයන්ය. අද ඔවුන්ටත් ආණ්ඩුව එපා වෙලාය.

අද වන විට ආණ්ඩුවේ ප‍්‍රධාන තනතුරු දරන රාජ්‍ය නිලධාරින් අසරණව නන්නත්තාරව සිටිති. අද රාජ්‍ය සේවය  ගුරුකොට ගෙන ඇත්තේ ඔවුන් අනුගමනය කළ යුතු ඒආර් එෆ්්ආර් හෙවත් පරිපාලන රෙගුලාසි හා මුදල් රෙගුුලාසි නොවේ. විමල් වීරවංශ හෙළි කළ පරිදි බලවත් ඇමතීන් හරහා අද ආණ්ඩුව මෙහෙය වන්නේ පැන්ෂන් ගිය විවිධ චෝදනා නිසා නම කැත කරගත්  උන්නතිකාමින් අතලොස්සකි. අදවන විට රාජ්‍ය සේවයක් නැත. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මෙහෙය වන්නේ සමහර විට වෛද්‍ය වරයෙකි. තවත් අමාත්‍යාංශ ගණනාවක ලේකම් තනතුරු ප‍්‍රකට ව්‍යාපාරිකයන් විසින් ඩැහැගෙන හමාරය.

රාජ්‍ය සේවයෙහි ප‍්‍රවිනයන් දන්නා පරිදි හැමදාම රාජ්‍ය සේවයෙහි විවිධ දේශපාලන බලපෑම් නොතිබුණා නොවේ. ඒ තත්වයන් රාජ්‍ය සේවයේ ගෞරවය රටේ ආර්ථිකය  දේශපාලනඥයන්ගේ හොඳනම ආදි සියල්ල ආරක්‍ෂා කිරිමට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් මැදිහත් විය. එහෙත් අද ඒ තත්වය උඩුවටිකුරුවි හමාරය. රතුපස්වල තුන්නාන කටුනායක ආදි ස්ථානවල සිද්ධින් ඒ ආකාරයට කෙළවර වුනේ ඇයි? විධග්ධ විශිෂ්ඨ රාජ්‍ය සේවයක ආරක්‍ෂාව මේ ආණ්ඩුවට අහිමිව ඇති බැවිනි. හැමදාම රාජ්‍ය සේවකයා සිය දේශපාලන විශ්වාසය යටපත් කොට තම විෂය පථය අවංකව සද් භාවයෙන් හසුරුවා ගත්හ. එහෙම කළේ එය රාජ්‍ය සේවය විසින් අපේක්‍ෂා කළ තත්වයක් නිසාය.එහෙත් අද ඉහළ දේශපාලනයේ ආශිර්වාද මැද ඉහළ තනතුරු දරන සමහර රාජ්‍ය නිලධාරින් හැසිරෙන්නේ රාජ්‍ය නිලධාරින් ලෙස නොවේ. ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රන් මෙන්ය. පසුගිය දිනවල වියලි කලාපයේ මහ ඇමතිවරයෙකු සහ එක්තරා දිස්ති‍්‍රක් ලේකම්වරයෙකු අතර, ගැටුමක් ඇවිලිණ. එහිදි යම් මානසිකත්වයක් නිසා එකී රාජ්‍ය නිලධාරියා මහ ඇමතිවරයා මතු නොව තම බොහෝ රාජකාරි වලදි දක්වන්නේ අපරිනත උඩගු භාවයකි. මීට හේතුව කුමක්ද? මේ කියන නිලධාරියාට කල්පනා කරන්නේ තමා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට වගකිව යුතු නැත කියාය.ඔහු අදහන්නේ ඒආර් එෆ්්ආර් හෙවත් පරිපාලන රෙගුලාසි හා මුදල් රෙගුුලාසි නොවේ. පත්කළ මුලාශ‍්‍රයේ හයිය පමණකි. මේ තත්වය තුල අමාත්‍යාංශ ලේකම්ගේ පටන් ග‍්‍ර‍්‍රාම නිලධාරියා මතුනොව සමෘද්ධි නිලධාරින් තෙක් රාජ්‍ය සේවය දැඩි අර්බුදයකට පත්ව ඇත. යම් යම් පිඩනයන් අතර සිරවුණ නිලධාරි පැලැන්තිය කල්පනා කරන්නේ දැන් මහින්ද රාජපක්‍ෂ හිටියා ඇති කියා නොවේ. බහුබූත විධෘයක ජනාධිපති ක‍්‍රමය තිබුණා ඇති කියාය.

මේ තොරතුරු ලැබෙන සාකච්ඡුා වෙන නිරීක්‍ෂණය කරන තක්සේරු කරන පුද්ගල කණ්ඩායම් බොහෝය. ඒ අතර, උක්ත විශ‍්‍රාමික කැබිනට් ලේකම්වරුන්ගෙන් සංසදය විශේෂය. ඔඔවුන් නිරන්තරව දේශපාලනයට ස්වාර්ථයට එහා ගිය දැක්මකින් ප‍්‍රශ්න දකින්නෝ වෙති. ඒවා ගැන විමර්ශනය කරන්නෝ වෙති. මේ පිරිස් පවත්නා රටේ අර්බුදය රටේ  සම්ප‍්‍රදායික දේශපාලන ක‍්‍රමය හරහා ලිහාගත නොහැකි බව මැනවින් දැක්කාහ. ඔවුන් කළ තක්සේරුව අනුව 1994 සිට මේ දක්වා එක්සත් ජාතික පක්‍ෂය වාස්තවික හා පුද්ගලවාදි හේතු නිසා සිය අනන්‍යතාව නැති කරගනෙ හමාරය. 25%තෙක් එජාපය සිය ඡුන්ද පදනම දිය කර ගත්තේ එහෙමය. අද එක්සත් ජාතික පක්‍ෂය මුහුණ දී සිටින්නේ ටෙස්ට් කළ හැකි තත්වයක නොවේ. කිසිදු දේශපාලන විධග්ධ භාවයක් නොදක්නා සරත් පොන්සේකා පෝෂණය වන්නේ එජාප ඡුන්ද හරහාය. එසේම ආණ්ඩුවෙන් බිඳියන ජන පදනම ආකර්ක්‍ෂණය කර ගැනීමට එජාපයට ඇති ශක්තිය බෙහෙවින් අල්පය. බිම් මට්ටම කල්පනා කරන පරිදි පක්‍ෂය ගලවා ගත හැක්කේ සජිත් පේ‍්‍රමදාසට ය. එහෙත් මේ යෝධ පක්‍ෂය කල්ලි වාදයෙන් තොරව ගොඩගනු මිස මේ උදාවි  ඇත්තේ ඇතුලත කුලල් කා ගන්නා තත්වයක නොවේ. පක්‍ෂයට නව නායකයෙක් උදාකර ගත හැක්කේ එකිනෙකා කා කොටගෙන නොවේ.එය සිද්ධ විය යුත්තේ ජේ.ආර්.ජයවර්ධන ටොප්ටෙන් තෝරා ගත්තා සේ එකට වැඩ කිරිමෙනි.

ජේ.ආර්. ඒ හරහා පේ‍්‍රමදාස, ගාමිණී ලලිත් ආදි දෙවන පෙළ නායක මට්ටමක් නිර්මානය  කළහ. අදවන විට රනිල් කරු සජිත් යන නම් තුන පක්‍ෂ නායත්වය සඳහා කියැවෙන නම් වෙති. රනිල් 28 වතාවක් පැරදුණ බව කියති. කරු ජයසුරිය පබා හෙවත් උපේක්‍ෂා ස්වර්ණමාලිට පරාජය වූ බව තවත් පිරිසක් කියති. සජිත්ට එරෙහිවද එවැනි  තර්කයක් නිර්මානය වේ. 2014 පළාත් සභා  මැතිවරණවලදී  සම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ආණ්ඩුවේ ඡුන්ද ප‍්‍රමාණය 52200කින් අඩුවිය. එයට සාපේක්‍ෂකව 2014 පළාත් සභා ඡුන්දයෙදී  එජාපය හම්බන්තොටින් වැඩි කර ගත්තේ ඡුන්ද 17000කට අඩු ගණනකි. මේ ආස්ථානයන් තුන නැවත විග‍්‍රහ කළ හැකිය. රනිල් අසාර්ථක ඔහුගේ ඇවතුම් පැවතුම් වලින් මිස ඡුන්ද වලින් නොවේ.2004 යහලූවන් නිසා අත පැවති ආණ්ඩුව රනිල් විනාස කර ගත්තේය. 2001දී ඡුන්ද හතලිස් ලක්‍ෂයක් ගත් රනිල් 2004දී ලැබුවේ තිස් පන් ලක්‍ෂයකි. එහෙත්2005දී මහින්ද සමග කළ මුහුණට මුහුණ කළ සටනේදී රනිල්ට වඩා මහින්දට වැඩි ඡුන්ද එක් ලක්‍ෂ විසි දහසක් ගන්ට බැරිවිය. එහෙත් 2004දී තිස් පන් ලක්‍ෂයට වැටුන රනිල් රනිල්ට එරෙහිව අ`ථත් ඡුන්ද දොළොස් ලක්‍ෂයක් වැඩි කර ගත්තේය. එය 2001ට වඩා වැඩි ගණනකි. මේ අනුව රනිල් යනු දේශපාලනයේ බරපතල චරිතයකි. මේ වනවිට සජිත් පාර්ශ්වය රනිල් ජනාධීපති සටනට තල්ලූ කිරිමට තදියම්ව සිටිති. එතන කොන්දේසියක් ඇත. කොන්දේසිය සජිත්ගේ උදව් ගන්න නම් ඔහුව අගමැති අපේක්‍ෂක ලෙස නම් කළ යුතුය. එවිට රටේ ජනතාවට අවශ්‍ය  රනිල් නම් ඒ හුන්ඩුවට සජි්ත් දමා ගත යුතුවේ. මේවා කපටි වෙළඳාමේ සිද්ධ වෙන කම්බයින් වැඩය. අර ඉහතින් කී කළ කිරුණ ශී‍්‍රලනිපය රාජ්‍ය සේවය දිනා ගැනිමේ  වැඩ සටහනක් එජාපයට නැත. ඇත්තේ රනිල්සජිත් බේරා ගන්නා තදියමකි. රටට අවශ්‍ය විධයක ජනාධීපති ක‍්‍රමය අහෝසි කිරිම මිස රනිල් සජිත් දෙදෙනාට රටක් ලබාදිම නොවේ.

මනාප පොරයේදී කරු පබාට දෙවන වුන බව සැබෑය. පබා යනු තව දුරටත් දේශපාපන චරිතයක් නොවේ. ඒ මැතිවරණයේදී පබාත් කරුත් ඒ මනාප ප‍්‍රමාණ ලබා ගත්තේ ඡුන්දය ආසන  සංවිධායකකම් ඇතිව හෝ නොවේ. එපමණක් නොවේ. පබාගේ ජනපි‍්‍රයකම පාවිච්චි කිරිමට තීරණය කළේ එක්සත් ජාතික පක්‍ෂය විසිනි. මුලින්ම ඇය ඉදිරිපත් කිරිමට සැලසුම් කළේ කොළඹ දිස්ති‍්‍රක්කයටය. එහෙත් ප‍්‍රකට කාන්තා චරිතයක් ඊට විරුද්ධ විය. එහිදි ඇය කියා තිබුණේ ඔය ලෙඩ ගෙනත් අපට වැටෙන්න බැහැ කියාය.  අන්තිමේ කමක් නැහැ ගම්පහට දාන්න මම බලා ගන්නම් කීවේ කරු ජයසුරිය විසිනි. ලංකාව යනු මුවන්පැලැස්සේ කදිරා ඡුන්ය ඉල්ලූවත් දිනන රටකි. ඞී.එස්. සේනානායක, ඇස්.ඩබ්ලිව්. ආර්. ඞී. බණඩාරනායක ඇස්. ඞී. බණඩාරනායක සිරිමාවෝ බණඩාරනායක ආදි නායකයන් නිර්මානය කළ ගම්පහ ඡුන්ද දායකයාගේ වර්තමාන දේශපාලන භාවිතාව කෙබඳුද?  2104දී අපරාධ වරදකට රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි අපේක්‍ෂකයෙකු පළාත් සභාවට නො තේරුනේද? ගම්පහ ජනතාව මනාප මැතිවරණය තුළ තාරකා ලෙස නම් කරන්නේ පබාලා මර්වින් සිල්වාලා ය. ඉන් එහාට කුමක් කියන්නද? එක්සත් ජාතික පක්‍ෂය මේ සිටින්නේ තනිකර ප‍්‍රාදේශීය සභාවක් දිනාගත නොහැකි තත්වයකය. එහෙව් තැන බිඳුන ශී‍්‍රලනිපයේ ශක්තිය, ඈතින් සිටින ජවිපෙයේ ජවය උතුරේ බිඳුනු තල්ගසේ උදාරකම සියල්ල එක්තැන් කිරීමට එජාපය කල්පනා කල යුතුව ඇත. එසේ පොදුවේ සිතා  අනාගත ශී‍්‍ර ලංකාවක් ගැන කල්පනා කරනු මිස පිලිකනුවල ටික් බෝල ගැසිමෙන් රට අතරමං නොකළ යුතව ඇත. අද එජාපය යනු තුන් දෙනෙකු පැමිණ තමුසේ නායකයා කී සැනෙන් සූට් මසා ගන්නා පුද්ගලයන් ගැවසෙන තැනකි. 

එජාපය මේ තීරණාත්මක මොහොතේ සලකා බැලිය යුත්තේ ආණ්ඩුව තුල පවත්නා මේ ධනාත්මක චලනය රටේ යහපත පිණිස මෙහෙයවන්නේ කෙසේද යන්නය.  ඒ මිස රනිල් වික‍්‍රමසිංහ විසි අට වසරක් පරාද වීම, කරු ජයසුරියට වඩා පබා මනාප ලබා ගැනිම හරහා නව නායකයන් සෙවිම නොවේ. එසේ නම් 1956දී ජේ.ආර්.ජයවර්ධන කැලණීය පැරදුන ජේ.ආර්. 1977 රට ඇ්ලලූවේ කෙසේද? 1960 මාර්තුවේ ජයගෙන  පේ‍්‍රමදාස 1960 ජූනියේ පරාදවූ පේ‍්‍රමදාස ජනාධීපති වුනේ කෙසේද?  මහජන මතය සහ නායකත්ව චලනයන් එසේය. වර්තමානයට අවශ්‍ය ආණ්ඩුව හේදෙන ප‍්‍රමාණයට හො එජාපය ව්‍යාප්ත කරන සැලැස්මකි. උත්සාහය පමණකි.