ඇයි අම්නේස්ටිය ඇතුළු ජාත්‍යන්තරය වදහිංසාව ගැන එතරම් අවදානයක් නැත්තේ ?

අම්නේස්ටිය නැතිනම් ජාත්‍යන්තර ක්ෂමා සංවිදානය ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංගනය කර දඩුවම් නොලබා නිදැල්ලේ සිටින තත්වය ගැන එක්සත් ජාතින් මිට වැඩි බුමිකාවක් සිදුකල යුතයි අවදාරණය කරයි. මෙම සංවිදානය විශේෂ අවදානයක් උතුරට සහ අපරාද සැලකුවහොත් බලය යොදා සිදු කරන අතුරුදහන්වීම වලට සහ මනුෂ්‍ය ගාතනවලට ලබා දෙයි.

ඔවුන් රටේ සෙසු ප්‍රදේශ වලට සහ ලංකාවේ පුළුල්ව වියාප්තව ඇති වදහිංසාව ගැන කතා නොකිරීම ඉතා ශෝචනීය වෙයි. ලංකාවේ සිදුවන බරපතලම මානව හිම්කම් උල්ලන්ගනයන් අතර වදහිංසාව ප්‍රදාන වෙයි. එය උතුරේ පමණක් නොව සෑම ප්‍රදේශයකම ජාති බේදයෙන් තොරව සිදුවෙයි.

ආණ්ඩුව වදහිංසාව ගැන පැමිණිලි කිරීමට තිබු ප්‍රදාන ආයතනයේ එනම් මානව හිමිකම් කොමිෂමේ අවසන් දතද ගලවා දැමුවේ ආණ්ඩු ක්‍රම විවස්තාවට 18 වන සංශෝදනය හදුන්වා දීම මගිනි. දැන් ජනාදිපති රාජපක්ෂට සිය අබිමතය පරිදි එයට කොමසාරිස්වරු පත්කළ හැක.

ඉතාම මෑත එයට නම් කල කොමසාරිස්වරු අතර හිටපු පොලිස්පතිවරයකු වූ ආනන්ද රාජා ද විය. ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයකුව සිටියදී මත්ද්‍රව්‍ය සදහා චෝදනා ලැබුවන් සමග ඉතා කිට්ටු සබදතා තිබිණි. මේවා පිලිබදව මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ද ලබා දෙන ලදී.

ආණ්ඩුව වදහිංසාව නමැති බරපතල අපරාදය මර්දනය වෙනුවට සිදු කරන්නේ එය පවත්වාගෙන යාමට අවශ්‍ය වාතාවරණය සකස් කිරීමය. වදහිංසාව සිය අපරාද විමර්ශනය කිරීමේ යාන්ත්‍රනය කරගත් පොලිසියකින් වෙනත් අපරාද විශ්ෂයෙන් අම්නේස්ටිය කතා කරන බලය යොදා සිදු කරන අතුරුදහන් කිරීම සහ ගාතන ගැන අපක්ෂපාති විමර්ශන පවත්වතියි බලාපොරොත්තු විය හැකිද?

ලංකාවේ උතුරේ පමණක් නොව සෙසු ප්‍රදේශ වල සිදුවන වදහිංසාව ගැනද ජාත්‍යන්තරය හඩක් නැගිය යුතුව ඇත. එසේ නොමැතිව උතුර ගැන පමණක් කතා කිරීම සහ වදහිංසාව ගැන කතා නොකිරීම මෙම සංවිදාන පිලිබදව අවිශ්වාසයක් ඇති කරන අතරම රටේ බරපතල තත්වය මතුපිටින් පර්ෂ කිරීමක්ද වෙයි.


හර්ෂි සි. පෙරේරා