හැමදාම හැමතැනම ගුටිකන ”පබාලා”

පබාට සැමියා ගහලා ස්පිරිතාලේ. අද සෑම විද්‍යුත් මාධ්‍යයක්ම පාහේ මෙ පුවතට හොද ප‍්‍රසිද්ධියක් දිලා. සමහරවිට පබා අපේ දේශපාලන හැතිරියක් වන්නට පුලුවන්. නමුත් මෙය ලංකාවෙි සුලබ සංසිද්ධියක්. ඒ කියන්නේ ලංකාවෙ සෑම තැනකම කිසිදු වණි බෙද ජාති බෙද කුල බෙද තරාතිරමි වලින් තොරව සිදුවන ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය. මෙ ලියන මෙහොතේත් කොහේ හෝ තැනක අපේ අමිමා කෙනෙක් දුවෙක් අක්කා කෙනෙක් නංගි කෙනෙක් නැතිනමි නිළියක් පහරකෑමට ලක්වනවා ඇත.

අපි තාත්තට යටවෙලා ඉන්න ඔින. එහෙම නැත්තමි අයියට යටත්වෙලා ඉන්න ඔන. ඒ ගෙදර ඉන්න කොට. බැදලා ගියහම. සැමියාට යටත්වෙලා ඉන්න ඔින. ඊට පස්සේ පුතා කියන විදිහට ඉන්න ඔින. මෙි තත්වය අතිතයේත් තිබුණා. දැනුත් තියෙනවා.

අර කතාවට කියනවනේ ලංකාවෙි වැඩියෙන්ම රැඩිකල් පළමුවෙන්ම ඩෙනිම ඇන්ද කෙල්ල කියලා. කාන්තාවගේ තත්වය උසස් වන්නට ඇය වහලියකගේ තත්වයෙන් අත්මිදිමට නමි ඩෙනිමිම අදින්න ඔින නැහැ. අපේ ගැහැනු සැබවින්ම රැුඩිකල් නමි කළයුත්තේ තමන්ට පහරදිමෙිි අපරාධය කරන පිරිමියාව නීතිය ඉදිරියට ගෙනයන එක. ඒකට හොද නීතියක් තියෙනවා. තවද මෙම සිද්ධින් හෙළිදරවි කිරිම සහ ඒසේ නීතියේ පිහිිට සෙවිමට සුදානමි අපේ කාන්තාවන්ව ධෛර්යමත් කිරිම.

පබාගේ සිද්ධියට ලැබෙමින් පවතින ප‍්‍රසිද්ධිය වෙන කිසිවක් නිසා නෙමෙයි ඇයගේ රගපෑම සහ දේශපාලනය නිසයි. නිල්මිණි තෙන්න්කොනුත් ඇගේ පළමු විවාහයේදි සැමියා වු මධු මාධව තමන්ට පහරදුන් බවට ප‍්‍රසිද්ධියක් ලැබුනේ ඇගේ රගපෑම සහ ඔහුගේ ගායනයත් නිසා.

පබා සිද්ධිය දේශපාලන දෟෂ්ඨිකෝණයකින් බලන විට ඇතිවන හැගිම කුමක්වුවත් මෙය මෙරට සමාජය තුළ මුල්බැසගෙන ඇති ඛෙදවාචකයක් බව අකමැත්තේන් වුවද පිළිගැනිමට සිදුවෙ.


හර්ෂි සී. පෙරේරා