මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්

මහජන බැංකුවේ පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල බැංකු ගිණුම් සම්බන්ධව පළවන නොමඟ යවන සුළු මාධ්‍ය වාර්තා පිළිබඳව කරුණු පැහැදිලි කරන එම බැංකුව අද (17) දිනයේදී විශේෂ නිවේදනයකින් පෙන්වා දෙන්නේ, සිය බැංකුවේ දැනට පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල ගිණුම් වසා දමන ලෙස කිසිදු රාජ්‍ය ආයතනයක් සෘජුව හෝ වක්‍රව සිය බැංකුව වෙත උපදෙස් ලබාදී නොමැති බවයි. ‍

අදාළ නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, 

''මහජන බැංකුව රාජ්‍ය ආයතන සඳහා බැංකු සේවා සැපයීමේ විශ්වසනීය හවුල්කරුවකු වන අතර, හුදු ලාභයම මූලික අරමුණු කර නොගනිමින් එම ආයතන වෙත සුවි‍ශේෂ සේවාවන් සපයන්නේ සිය ජාතික වගකීම මනාව වටහාගත්, දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවූ බැංකු ආයතනයක් ලෙසිනි. 

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන ඇතුළුව අපගේ සියලුම ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා අප ආයතනය මනාව බලගැන්වී ඇති අතර, ඔවුන්ගේ සුවිශේෂී බැංකු අවශ්‍යතා සපුරාලන විවිධාංගීකරණය වූ බැංකු විසඳුම් සැපයීමේ විශිෂ්ට ‍සේවා වාර්තාවක් මහජන බැංකුව සතුව ඇති' බවයි.