- මහේෂ් හපුගොඩ -
පෙරදිග බෞද්ධ අපි මිනිස් පැවැත්ම නිවනින් අවසන් වෙනවා කියල හිතනවා වගේම බටහිර ඉස්සර ඉඳන්ම විශ්වාස කරපු දෙයක් තමයි අමරණීය බව කියන එක.
ඒ කියන්නේ අපි ජීවත් වෙන කාලය ඇතුලෙම කරන යම් යම් දේවල් වලින් මේ අමරණීයත්වය අපිට ලබාගන්න පුළුවන්. නිර්භීත බව නිසා, මිනිස් සංහතිය වෙනුවෙන් කරන කැපකිරීම් වෙනුවෙන්, සුවිශිෂ්ට නිර්මාණ වෙනුවෙන්, සොයාගැනීම් වෙනුවෙන්, ආදරය වෙනුවෙන්, උතුම් ක්‍රියා වෙනුවෙන් මෙළොව ඉන්න ගමන්ම මිනිස්සු මිනිස් ශිෂ්ටාචාරය ඇතුලේ නොමැකෙන පියසටහන් තියනවා. හැබැයි ඒක පහසු නැහැ. එහෙම අමරණීය වෙන්න සාමාන්‍ය කෙනෙකුට බැහැ. අමරණීය බව අත්පත් කරගන්න සුවිශේෂ පුද්ගලයෙක් වෙන්න ඕනි. සමහර වෙලාවට ඒකට වයස අදාල නැහැ.
බුදුන්, යේසුස්, මහත්මා ගාන්ධි, තෙරේසා මව්තුමිය, මහා ඇලෙක්සැන්ඩර්, ඇල්බට් අයිස්ටන්යින්, ගැලීලියෝ ගැලිලි, නිකොලස් කොපර්නිකස්, චාල්ස් ඩාවින්, ඩාවින්සි වගේ චරිත ඔය අමරණීය කියන ප්‍රවර්ගයට අයිති වෙනවා. මිනිස් ශිෂ්ටාචාරය පවතිනකම් එයාලගේ නම අපිට මතක හිටිනවා. මොකද අපි ජීවත් වන හැම මොහොතකම මතක හිටින දෙයක් එයාල ශේෂ කරලා ගිහිල්ල තියනවා.
මම කිව්ව ඉහත අයට අමතරව එක් එක් ක්ෂේත්‍රවලත් මිනිස්සු ඉන්නවා එහෙම එයාලගේ පා සටහන් මකන්න බැරි. මියුසික් වල මොසාට්, බිතෝවන්, ජෝන් ලෙනන්, එල්විස් ප්‍රෙස්ලි, ලුවී ආමස්ට්‍රෝන් ඒ වගේ නම් කිහිපයක්.
වෛද්‍ය විද්‍යාවේ නම් මාරි කියුරි, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් වගේ නම් අමරණීයයි. එයාල භෞතිකව මියගියා උනාට වෙනත් විදියකට ඒ චරිත අපි තුළ ජීවත් වෙනවා.
ඊයේ හෝ පෙරේදා කුරුණෑගල මලියදේවේ සිසුවියක් වෙලා ඉඳල මිය යනකොට අවයව දන් දීලා, ඒ නිසාම තවත් මිනිස්සු කිහිප දෙනෙකුට ජීවිතය දීල මේ ලෝකේ දාල ගිය 19 හැවිරිදි විහඟනා ආරියසිංහ දියණිය මම කැමතියි අමරණීය ප්‍රවර්ගය ඇතුලේ තියන්න (immortal).
අනික් ලෝකේ නෙවෙයි මේ ලෝකෙට අපි කරන්නේ මොකක්ද කියන එක තමයි වැදගත්. ඒකට මහා ලොකු සද්දන්ත දේවල් අවශ්‍ය නැහැ කියල ඇය පෙන්නුවා. හැබැයි ඇය සද්දන්තයි.
දේවල් සිදුකරන්න හෝ සිදුවෙන්න මහා කාලයක් ඉන්න ඕනිත් නැහැ. හදවත ලොකුනම් ඉන්න නිමේෂයත් ඇති.
Post a Comment