අද රටපුරා මහජන බැංකු ශාඛා 272 ක් ක්‍රියාත්මකයි



අද (15) දිනයේදී මහජන බැංකු ශාඛා 340 න් ශාඛා 272 ක් පූර්ණ ලෙස ක්‍රියාත්මක වන බවත් පෙරවරු 10.30 වන විට කාර්ය මණ්ඩලයේ පැමිණීම 75% ඉක්මවූ බවත් මහජන බැංකුවේ වැඩ බලන ප්‍රධාන විධායක නිළධාරී, සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා පවසයි. 

ප්‍රධාන කාර්යාලය ඇතුළු ශාඛා 265 ක් හා සියළුම අංශ සාමාන්‍ය පරිදි මහජනතාවට බැංකු සේවා සැපයීම සඳහා ක්‍රියාත්මක වන බව ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා පෙන්වා දෙයි.