මැකෝගෙන් රාජ්‍ය මාධ්‍යට තරවටුවක්


එක් ජනපතිවරණ අපේක්ෂකයෙකුට පමණක් ප්‍රචාරය ලබානොදී සියලු මාධ්‍ය ආයතන, මාධ්‍ය ප්‍රතිමාන අනුව කටයුතු කළ යුතු බවත්  මෙය රාජ්‍ය මාධ්‍යට සිදුකරන අවසන් නිවේදනය බවත් අද (16) මැතිවරණ කොමිෂන් සභාවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අනතුරු අඟවා සිටියේය. 

එමෙන්ම, පෞද්ගලික මාධ්‍ය ජනතාවගේ මාධ්‍යක් ලෙස වගකීම් සහගතව කටයුතු කළයුතු බව අවධාරණය කර සිටියේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය පැවසුවේ, 

ජනතාවට නිසි මඟ පෙන්වන්න 

''අපි ගාව තියෙනවා මාධ්‍ය ආයතන වලින් ප්‍රවෘත්ති වලට වෙන් කරපු කාලය දැක්වෙන ප්‍රකාශයක්. අපි මේක යවන්න බලාපොරොත්තු වෙනවා මාධ්‍ය ආයතන වලට. කරුණාකරලා තමන්ගේ හෘද සාක්ෂියට තට්ටු කරලා කියන්න, මොකද මේ මාධ්‍ය ආයතන බොහොමයක් කර්තෘ වාක්‍ය නැත්නම් ආර්ටිකල් ලියනවා ‘මේවා ප්‍රයිවෙට්, මේවගේ අපිට ඕන දෙයක් කරන්න පුළුවන්’ කියලා. හැබැයි, ඒ වුණාට ඒ පත්තර වල ලියනවා ‘වී ආ ඉන් පාර්ෂල්, වී ආ ඉන්ඩිපෙන්ඩන්ට්’ කියලා. අපි කියන්නේ සත්‍ය, සත්‍ය පමණයි.  

ජනතාවට නිසි මාර්ගය පෙන්වන්න තමයි, පුවත්පත් කරන්නේ යන්න ඕන මාර්ගය පෙන්වනවා. හැබැයි කියනවා ‘අපිට අපේ අයිතිය, කරන්න පුළුවන් කියලා.’ එහෙමනම් හොඳම දේ තමයි ඒ පත්තර වල ගහන්න පුළුවන්. අපි කුඩා කාලේ පත්තරයක් තිබුණා, ‘සියරට’, දේශපාලන පුවත්පතක් තිබුණා දැන් තියෙන එක වගේ නෙමෙයි, ‘මව්බිම’. නැත්නම් ‘සමසමාජය’. ඒ වගේ නම් තියෙන පත්තර තිබුණා පක්ෂ වලට අයිති. ඒ පත්තරයක් කියලා නම් වෙනස් කරාම ඉවරයි, ජනතාවගේ පුවත්පත් කියලා කියන්නේ නැතුව. සමහර වෙලාවට මට බැණලා කර්තෘ වාක්‍යයක් ආයේ ලියන්නත් පුළුවන්. කාටූන් එකත් අඳින්නත් පුළුවන්. හැබැයි එකක් තියෙනවා පත්තර නම් කරත් පත්තර නොගෙන ඉන්න පුළුවන්නේ ජනතාවට. අපි එහෙම එතකොට කියනවා ඒ පත්තරේ ජනතාවගේ පුවත්පතක් නෙමෙයි, අහවල් පක්ෂයේ පුවත්පත කියලා. ඒකේ කිසි ගැටළුවක් නෑ. 

ආණ්ඩුවේ පුවත්පත් වල වගකීම

හැබැයි රජයේ පුවත්පත් ජනතාවට දානවා නම් කිසි වැදගත්කමක් නැති පුවතක්, එහෙම නැත්නම් ඇල්පිටියේ ප්‍රතිඵලය ගන්නේ නැත්නම් හරියට එතන අවුලක් තියෙනවා. රජයේ එකට කිසි අයිතියක් නෑ ඒවා. ස්ටේට් එකට අයිතියි. රාජ්‍යයට අයිතියි, ආණ්ඩුවට නෙමෙයි. ස්ටේට් එකට අයිති දේපළ පක්ෂයක ප්‍රවර්ධනයට යෙදවීම ගැන අපි කියනවා. 

රූපවාහිනී හා ගුවන්විදුලි තරංග වල අයිතිය මහජනතාවටයි 

දැන් අපි බලමු විද්‍යුත් මාධ්‍යත් පත්තර වගේ නෙමේ. පත්තර වගේ නෙමේ. පත්තර ගහන්නේ කොළ ඒගොල්ලන්ගේ, මැෂින් ඒගොල්ලන්ගේ. ඒක කියන්න පුළුවන්. නමුත්, මොනාද මේ ගුවන්විදුලි තරංග හා රූපවාහිනී තරංග මාලා කාටද ? අයිති. ඒවා ලිමිටඩ් නම්බර්ස් තියෙන්නේ. ඒවා ජනතාවට අයිති. ආණ්ඩුවෙන් තමයි විකුණන්නේ. හරියට පෞද්ගලික බස් වලට ලයිසන් දුන්නා වගේ. ඒවා ලයිසන් එක අරගත්ත පලියෙන් අපේ සල්ලි කියලා, ඕන දෙයක් කරන එක හරිද ? කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒක පැත්තකින් තියමුකෝ. 

රාජ්‍ය මාධ්‍ය ගැනත් අපිට පැමිණිලි ලැබෙනවා. සමහර අය කියනවා පෞද්ගලික මාධ්‍ය වලට වැඩිය රාජ්‍ය මාධ්‍ය නරකයි කියලා.'' යන්නයි. 






සබැඳි පුවත් 


''විනාඩි 22 ප්‍රවෘත්ති විකාශයෙන් විනාඩි 16ක්ම ගෝඨා ට'' - මනූෂ

ඩලස්ට දුක හිතිලා - රාජ්‍ය මාධ්‍ය ගණිකා සේවයේ යෙදෙනවයි චෝදනා