ප්‍රචණ්ඩත්වයෙන් තොර වූ මැතිවරණයක් පැවැත්වීමට තරම් ශිෂ්ඨ වීම ගැන අපි අපටම ස්තූති කරගත යුතුය. කෙසේ වෙතත් රටට ගැලපෙන නායකයෙකු තෝරා ගැනීම සහ රටට ගැලපෙන මිනිසුන් රටේ පාලනයට පැමිණීමට තවත් වීශාල කාලයක් ගත වනු ඇත.
කතුවැකිය
ඊයේ රාත්තිරියේ නිකුත් කරනු ලැබූ ඇති විශේෂ ගැසට්ටුවක් ඔස්සේ තවත් ජනාධිපතිවරණයක් කැඳවා තිබේ. එනම් එළඹෙන නොවැම්බර් 16 වැනිදා මෙරට මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇත.ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම හැත්තෑ හතරවන උපන්දිනය සැමරීමට දෙදිනකට පෙරය.
නායකයෝ බොහෝ දෙනෙකු පහළ වී සිටිති. අපේ රටට නායකයින්ගෙන් සහ කටින් බතල කොළ හිටවන දාර්ශනිකයින්ගෙන් කිසිම අඩුවක් නැත. ඔවුහු බොහෝ දෑ සඳහන් කරමින් සිහින මන්දීර රාශියක් නිර්මාණය කොට ඇත්තාහ. ඔවුහු සමඟ බැඳී සිටින බොහෝ අයවලුන් ලහි ලහියේ තම තමාගේ මීලඟ තනතුර ගැන මහන්සි වෙමින් දිනන පැත්තට හෝයියා කියමින් ජයග්‍රහණයේ කොටස් කරුවන් වීමට උත්සහ කරති. කතාව අවසානයේ කොටන් ඇද්ද අලියා පැත්තකට කරනු ඇත. පෙරහැරේ ගිය අලියා සම්මානයට පාත්‍ර වනු ඇත. මේ නිසා පෙරහැරේ යන අලින් වීමට බොහෝ දෙනෙකු උත්සහ කරති.
මෙය අපි ස්වාධීන රටක් හැටියට වසර හැත්තෑවක් පුරා විඳුනු ලැබූ අත්දැකීමය. වෙනත් වචනයකින් කිවහොත්, ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් අපට ලැබුණු ඉලව්ව එයයි.
මේ අතර ඇඟ හිරිවැටෙන පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වූයේ එක්තරා මුස්ලිම් ජාතික සහෝදරයෙකු උපුටා දක්වමිනි. අදාළ පුවතට අනුව, ශ්‍රී ලංකා යුදහමුදාවේ හතළිස් පස්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක්, අප්‍රේල් මාසයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හා සමාන ප්‍රහාරයක් එල්ල කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි. එම හමුදා සෙබළුන් මුස්ලිම් ආගම වැළඳගෙන, අදාළ ප්‍රහාරය එල්ල කිරීම සඳහා සූදානම් වන බව සඳහන් වේ. මෙය අතිශය බරපතළ පුවතකි. මේ ගැන පරීක්ෂණ රාශියක් ක්‍රියාත්මක වන බව සඳහන් වුවද, අදාළ කුමන්ත්‍රණය හෙළිදරව් කරනු ලැබූ පුද්ගලයා අදාළ කාරණය ගැන අගමැතිවරයා ඇතුළු පාර්ශවය දැනුවත් කළ නමුත් පැහැදිළි ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවයි.
මෙවැනි වටපිටාවක් තුළ තවත් මැතිවරණයක් පැවැත්වීම ඉතාම සංවේදී පියවරක් බවට සැකයක් නැත.
කොහොම වුණත් ගෙවුණු වසර කිහිපය තුළ අපට හොඳ අත්දැකීමක් තිබේ. පැවති හොර මැතිවරණ සහ බලහතකාරයෙන් ජනතා මතය ප්‍රචණ්ඩකාරී ක්‍රමවේදයන් ඔස්සේ හුරා කෑම නැවතී ඇත. දැන් පරිගණක තාක්ෂණය ඔස්සේ ඉතාම සුමට ලෙස එම හොරකම කිරීමට බොහෝ දෙනෙකු උත්සහ කරති.
කෙසේ හෝ වේවා, ප්‍රචණ්ඩත්වයෙන් තොර වූ මැතිවරණයක් පැවැත්වීමට තරම් ශිෂ්ඨ වීම ගැන අපි අපටම ස්තූති කරගත යුතුය. කෙසේ වෙතත් රටට ගැලපෙන නායකයෙකු තෝරා ගැනීම සහ රටට ගැලපෙන මිනිසුන් රටේ පාලනයට පැමිණීමට තවත් වීශාල කාලයක් ගත වනු ඇත. නායකයින් ලෙස පෙනී සිටින ඉන්න තරමක් දෙනා විජ්ජාකාරයින්ය.
වත්මන් සනදර්භය තුළ, සර්ව පිත්තල ලෝක මවන මේ කිසිම හාදයෙකුට රටේ ජනතාවගේ සැබෑ දුක දැනෙන්නේ නැත. එම දුක හඳුනා ගෙන ඉන් මිදීම සඳහා රාජ්‍යය ප්‍රතිපත්ති සකස් කිරීමේ වුවමණාවක්ද නැත.
රටේ ජනතාවගෙන් බහුතරය දුකට හුරු කිරීම; රාජ්‍යය තීන්දු තීරණ ගැනීමේ කටයුතු වලින් ඔවුහු බැහැර කිරීම, රටේ පාලනය කරට ගෙන සිටින පවුල් කිහිපය නඩත්තු කරන මූලික උපායකි. ඒ නිසා මුත්තාගෙන් පසු සීයා, සීයාගෙන් පසු තාත්තා නැත්තනම් අම්මා, ඉන් පසු තමන් හෙවත් ඒ සාඩම්බර මාපියන්ගේ දරුවන්, ඉන් පසු උන්ගේ දරුවන් මේ නිධානය අල්ලාගෙන සිටින බහිරවයින් වෙති.
ඇත්ත වශයෙන්ම කිවහොත් මෙය පුදුමාකාර සැපක් දෙන නිධානයකි. මේ නිසා ලොක්කන් වීමට අර අදින මුන් එකෙකුටවත් තමන්ගේ සහ තම පරම්පරාවේ වත්කම් ඉදිරිපත් කළ නොහැකිය. ඔවුහු එය කරන්නේද නැත. ව්‍යාජ කාරණා ඉදිරිපත් කරමින්, රටේ ඇති සම්පත් තවත් හොඳින් කොල්ල කෑමට ඇති පරිසරය පමණක් මොවුන් සකස් කරගනු ඇත.
ඉතින් තවත් ජනාධිපතිවරණයක් කැඳවා තිබේ.
සුදු ඇඳගෙන කළු හිත් ඇති බොහෝ දෙනෙකු වේදිකා, සමාජ මාධ්‍යය සහ විවිධ මාධ්‍යයන් සන්තර්පණය කරනු ඇත. වෙනත් වචනයකින් කිවහොත් ඉතාම ලස්සනට මුලාවේ වැටීම සඳහා තවත් එක් අවස්ථාවක් අපට, ජාතියක් ලෙස ලැබී තිබේ. ඉතින් අපි ඒක භුක්ති විඳිමු, සොයුර! අවසානයේ අපට ඉතුරුවන්නේ, ටිංකිරි පමණි. අපට ලැබෙන එය, " මනුෂ්‍යය වර්ගයාට ලැබුණු උත්තරීතර මානව අයිතියක්" ලෙස නම් කරමින් ඉතා හොඳින් භුක්ති විඳිමු.
මුලා වී ලබන සතුට, ඇත්ත අවබෝධ කර ගෙන කලකිරීමෙන් ජීවත් වනවාට වඩා සැප දායකය. ඉතින් අපි මුලාවෙන් මුලාවට පත්වී, ඒ මුලාව අපේ විනෝදය කර ගනිමු. ඒ විනෝදය අපි ප්රජාතන්ත්රවාදය යැයි න්‍යායගත කරමු.

Post a Comment