නීතිය මත පාලනය සහ නීතිඥවරුන්ගේ දුෂිත ක්‍රියා.




හර්ෂි සි. පෙරේරා

නීතිය මත පාලනය බිද වැටීමට හේතු කවරේද? එයට වගකිව යුත්තෝ කවරහුද? ආණ්ඩු ක්‍රම විවස්තා සංශෝදන වැනි ලොකු දේවල් කතා කිරීමට පෙර කලයුතු දේ බොහෝය. එයට මානව හිමිකම් ආරක්ෂකයින් මෙන්ම නීති විශාරදයින්ද එතරම් කැමැත්තක් නොදක්වයි. මේ සිද්දිය ගැන සංවේදී වන්න. නීතිය මත පාලනය ස්ථාපිත කිරීමට මෙය ඉතා හොද ඇරබුමකි.


ගරු අගවිනිසුරු තුමා
අගවිනිසුරු නිල නිවස
උපරිමාධිකරණ සංකීර්ණය
කොළඹ 12

ගරු අගවිනිසුරු තුමනි

පොලීසියේ දුෂණ අක‍්‍රමිකතාවන් වසන් කිරීම සහ යුක්තිය ඉටුවීම 
වලක්වාලීමට -  නීතිඥවරුන් ගන්නා දුෂිත ක‍්‍රියාමාර්ග වලක්වන ලෙසට කරනු ලබන ඉල්ලීම.

උඩුගම විතානගේ ෙදාන් චමින්ද ප‍්‍රසාද් කරුණාරත්න, (ජා.හැ.අ.761992651 ඪ* අවු: 36 යි, විවාහක, දරුවන් 02 යි, රැුකියාව: මෝටර් කාර්මික. ලිපිනය: නො: 76/1, අප්පුගේ වත්ත, වත්තල.

2013.10.30 වන දින දීය.

01. 2010.01.25 වන දින, මා මාගේ යතුරුපැදියෙන් මිතුරෙකු සමග ගමන් කරමින් සිටියදී, වත්තල හංදියේ බන්ට් පාර අසලදී, අනතුරකට භාජනය විය.

02. යතුරු පැදියේ පිටුපස සිටි, සමන් කුමාර නැමති අය එම අනතුරින් මිය යන ලදි. 

03. 2010.01.30 වන දින, මා පොලීසියට කැඳවා, අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී මා ඇප මත මුදා හැරියා. 

04. මෙම රථවාහන අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලද වත්තල පොලීසියේ සැරයන් සරත් නැමති අය ගොඩින් බේරීම සඳහා රුපියල් ලක්ෂ එකහමාරක් ඉල්ලා සිටියා.

05. මම එය ප‍්‍රතික්ෂේප කර, එ් පිළිබඳව වත්තල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති කුලවර්ධනට පැමිණිලි කළා. නමුත් නිසි පියවරක් ගත්තේ නැත.

එයින් පසු දිනක මා, තාවකාලික රියදුරු බලපත‍්‍රයක් ලබා ගැනීම සඳහා පොලීසියට ගිය විට,

06. එයින් අනතුරුව, නඩු වාර ගණනාවක් පැවතියා. 2013.01.29 දිනට නඩුව විභාගයට නියම විය.

07. මෙම දිනයට දින හතරකට පෙර, වත්තල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති කුලවර්ධන මා කැඳවන ලදි.

එ් අවස්ථාවේ ඔහු මට ප‍්‍රකාශ කර සිටියා පැමිණිල්ල ලිවීමේදී වරදක් වෙලා තියෙනවා, නඩු වාර තුනකට පසු වැරදිකරු බව ප‍්‍රකාශ කරන්න කියා. මා එය ප‍්‍රතික්ෂේප කළා.

08. එ් අතර, නඩුව සඳහා මා ඉදිරිපත් කළ, නීතිඥවරුන් අවම වශයෙන් මට තාවකාලික රියදුරු බලපත‍්‍රයක් ලබා ගැනීමටවත් ක‍්‍රියා කළේ නැහැ. 

2011.01.25 දින, මා වෙනුවෙන් ඉදිරිපත් වූ එරන්දි එම්. අබේනායක මිය, තාවකාලික රියදුරු බලපත‍්‍රය ලබා ගැනීමට පියවර ගනු ලැබුවා.

09. එයින් අනතුරුව මා, නීතිඥ හිරලයින් මහතාව ඉදිරපත් කළද, ඔහු පුන පුනා කියා සිටියේ, පොලීසිය කිකයන පරිදි මට වරදකරු බව පිළිගන්නා ලෙසටය. මා එය ප‍්‍රතික්ෂේප කළා.

10. ඊට පසු, මා නීතිඥ රමණී සේනාරත්න මිය මමා වෙනුවෙන් ඉදිරිපත් කළා. මා ඇයට ඉතා පැහැදිලිව උපදෙස් දුන්නා මා නිවැරදිකරු බව ප‍්‍රකාශ කර, නඩුව විභාගයට ගන්නා ලෙසට. ඇය එයට එකඟ වී, මාගෙන් රු: 10 0000 රැුු ක ගාස්තුව ලබා ගත්තා.

11. නඩු දිනය වූ 2013.01.29 දින, ඇය මා වෙනුවෙන් ඉදිරිපත් වී, අධිකරණයට ඉංග‍්‍රීසියෙන් කරුණු දැකවූවා. මා වැරදිකරකැ කළ මහේස්ත‍්‍රාත්වරයා මට,
(1* චෝදනාවට රු: 1500රැුු ක දඩයක් හා වසර 1 ක බර වැඩ සහිත සිර දඬුවමක් නියම කර, එය වසර 20 කට අත්හිටවනු ලැබුවා.
(2* චෝදනාවට රු: 7000රැුු ක් ද
(3* චෝදනාවට රු: 2000රැුු ක් ද නියම කළා.

12. නඩු වාර්තාව ගබා ගැනීමේදී මා දැන ගත්තා, මාගේ උපදෙස් වලට මුලූමණින්ම පටහැනිව, අධිකරණයට මා වැරදිකරු බව පිළිගන්නා බව ප‍්‍රකාශ කර ඇති බව. මා දඩ මුදල ගෙවීම ප‍්‍රතික්ෂේප කළා.

13. මෙම තීන්දුවට විරුද්ධව, මා නීතඥ ජී.අයි. හර්ෂිකා ගොඩමුල්ල මිය මගින්, අභියාචනයක් මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ ගොනු කරනු ලැබුවා. 
මහාධිකරණ අභියාචනා අංකය: 82020/12 වේ.

14. මෙම නඩුවේ ජේ්‍යෂ්ඨ නීතිඥ වශයෙන් ඉදිරිපත් වන්නේ නීතිඥ ධම්මික බස්නායක මහතාය.

මී ළඟ නඩු දිනය : 2013.11.07 වේ. එදින විභාගයට නියමිතය.

15. නීතිඥ ධම්මික බස්නායක මහතා 2013.10.12 හෝ ආසන්න දිනයක එ් මහතාගේ කැඳවීමට අනුව මා ඔහු මුණ ගැසුනා.

එවිට ඔහු මට කියා සිටින්නේ දඬුවම අඩු කර ගන්න කතා කරන්නම්, නැවත නඩු විභාගයක් ඉල්ලීමට හැකි බවයි. 
16. මෙහි පෙන්වා දිය යුතු විශේෂ කරුණු කිහිපයක් තිබේ. එනම්, මට විරුද්ධව පැවති වත්තල මහේස්ත‍්‍රාත් උසාවියේ නඩු අංක: 82020/12 නඩුවේ තීන්දුව අනුව, 1 වන චෝදනාවට මට රු:1500රැුු ක දඩයක් හා වසර 1 ක බර වැඩ සහිත සිර දඬුවමක් නියම කර ඇති බවයි. වසර එකක බරපතල වැඩ සහිත සිර දඬුවම වසර 20 කට අත්හිටවනු ලැබූ බව සඳහන්ය.

නමුත්, වත්තල මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අභියාචනය සඳහා මීගමුව මහාධිකරණයට ඉදිරිපත් කරන ලද ගොනුවේ සිර දඬුවම වසර 20 කට අත්හිටවීම වසර 02 ක බවට පත්ව තිබේ. මෙය යතුරුලියන ප‍්‍රශ්නයක්ද? යයි මා නොදනිමි.

මා ප‍්‍රකාශ කර සිටින්නේ, අනතුරින් පසුව, වත්තල පොලීසියේ ඉල්ලීම අනුව රුපියල් ලක්ෂ එක හමාරක අල්ලෂ ලබානොදුන්න නිසා, මට විරුද්ධව සම්පූර්ණයෙන් කරුණු විකෘති කොට, බොරු චෝදනා නගා ඉදිරිපත් කළ 82020/12 නඩුවට, මාගේ නිර්දෝශීභාවය කකියා සිටීමට අවස්ථාව නැති කළේ, වත්තල පොලීසිය හා එක්ව නීතිය විකෘති කරමින්, අයථා ගණුදෙනු වල නිරත වන ඉහත සඳහන් නීතිඥ වරුන්ගේ කූඨ ක‍්‍රියා පිළිගත් නිසා බවයි.

එපමණක් නොව, එම තීන්දුවට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥ ධම්මික බස්නායක මහතා මාගෙන් රු: 33 500/ු ක් ගෙන, නැවත කූඨ ලෙසට පොලීසිසයේ වංචනික ¥ෂිත ක‍්‍රියාවට එරෙහිව ක‍්‍රියා නොකරන, යුක්තිය ඉටු කිරීම මගහරිනු ලබයි.

මෙම ඉතා කණගාටුදායක තත්ත්වය තුළ මා ඉල්ලා සිටින්නේ,

සිද්ධිය හා මැදිහත්ව යුක්තිය ඉටු කර ලීමට පියවවර ගන්නා ලෙසටයි.

චමින්ද ප‍්‍රසාද් කරුණාරත්න