දණ බිම ගසනු නෝනාවරුනි, මහත්වරුනි, දණ බිම ගසනු



බැසිල් ප‍්‍රනාන්දු  


ශ‍්‍රී ලංකාවේ යථාර්ථය කාටුන් ශිල්පියාගේ නිර්මාණශීලී චින්තනය සමග මුසුකොට ඬේලි මිරර් පුවත්පතේ කතුවැකිය සමග පසුගිය දිනෙක පළ වූ මේ කාටුනය, විමසුමට භාජනය විය යුත්තකි.

 
කාටුන් ශිල්පියා විසින් මෙම කාටූනය නිර්මාණය කිරීමට සම්බන්ධිත ඡුායරූපය ද ඬේලි මිරර් පුවත්පතේම පළවිය. එහි දැක්වුණේ මතභේදයට තුඩු දී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා හට පොලිස් නිලධාරියෙකු විසින් ආචාර කරන අන්දමයි. කාටුන් ශිල්පියා සිය චින්තනය විශේෂිත සිද්ධියක සිට සාමාන්‍යකරණට ලක්කරන අතර එමගින් සෑම ශ‍්‍රී ලාංකිකයෙකුම දන්නා ශ‍්‍රී ලංකා පොලිස් සේවය තුළ සිදුව තිබෙන පරිවර්තනය විස්තර කරයි. සෑම දේශපාලනඥයෙකු ඉදිරියේම දණ නැමීම ඕනෑම නිලයක සිටින සෑම පොලිස් නිලධාරියෙකුගේම බැඳීමයි. ඔවුන් ජාතික ධජයට පමණක් සැලියුට් ගැසූ දිනයන් අයිති අතීතයට ය.

විද්‍යුත් මාධ්‍ය මේ වන විට ශ‍්‍රී ලංකාවේ යථාර්ථය පිළිබඳ අවබෝධය ලබාගැනීම සහ එම සැබෑ යථාර්ථය පිළිබිඹු කිරීම දිරිගන්වනසුලූ ප‍්‍රවණතාවකි. ඇත්ත වශයෙන්ම මේ ආකාරයට ‘‘හතර ගාතෙන් දණින් වැටීම’’ අලූත් දෙයක් නොවේ. දැන් වසර ගණනක සිට මෙම පරිවර්තනය සිදුවෙමින් පවතින නමුත් දේශීය මාධ්‍ය මේ තත්වය මහජනයා ඉදිරියට ගෙනයාමට එක්කෝ අපොහොසත් විය. නැතිනම් අකමැති වූහ.

නේපාල රජ පවුල විසින් එරට පාලනය කරන සමයේ කාන්තාවන්ට රජු පය සේ¥ ජලය පානය කිරීමට සිදුවීමේ සම්ප‍්‍රදායක් විය. දෙවියන්ටත් වඩා වැදගත් ලෙස ඔවුන්ට පෙනී යන දේශපාලකයන් සඳහා ද වත්මන් ශ‍්‍රී ලංකා පොලීසිය නිසැක වශයෙන්ම එය පවා කරනු ඇත.

දැන්, සැබෑ තත්වය විචිත‍්‍ර ලෙස සහ සහතික වශයෙන්ම නිරූපණය කර තිබෙන අතර, පාලිත දේශපාලකයන් වෙත පළ කෙරෙන පොලීසියේ මේ අලූත් දාසකමේ සෑම අංගයක්ම හෙළිදරව් කිරීම නිසැක වශයෙන්ම මාධ්‍යයේ වගකීම වේ. මාධ්‍ය මෙසේ කරනු ඇත්ද යන්න බොහෝ වශයෙන්ම රඳාපවතින්නේ පොලිස් නිලධාරීන් මෙන් දණින් වැටීමට මාධ්‍ය ආයතන ප‍්‍රතික්ෂේප කරන්නේද යන්න මත ය.

නිර්මාණශීලී කාටුන් ශිල්පියෙකු විසින් සිදුකර තිබෙන්නේ ඕනෑම පොලිස් නිලධාරියෙකු තමන් දෙස කැඩපතින් බැලූ විට දිස්වන පෙනෙන පරිදි පොලීසියේ ප‍්‍රතිරූපය පෙන්වා දීමයි. ඉතා පහත් තත්වයකට වැටුණු පොලිස් සේවයක් කිසිදු පාඩමක් උගෙන ගන්නා බවක් නොපෙනෙන නිසා පොලීසිටය ප‍්‍රත්‍යක්ෂ නොවන පණිවුඩය, ඇත්ත වශයෙන්ම, මහජනතාව වෙත සහ විශේෂයෙන්ම තවමත් සිය විචාරශීලී මනස් අත්නෑර තබාගෙන සිටින්නන් සඳහා වේ. මෙවැනි පොලිස් නිලධාරීන්ගෙන් ජනතාවට අපේක්ෂා කළ හැක්කේ කුමන ආකාරයක ආරක්ෂාවක් ද? සැබවින්ම භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර සහ වෙනත් ප‍්‍රකට ඝාතනයන්ගේ වින්දිතයන් බවට පත්වූවන්ට මීට වඩා කිසිවක් බලාපොරොත්තු විය නොහැක.

වඩාත්ම ගැටලූ සහගත ප‍්‍රශ්නය වන්නේ, කාටූනයෙන් පළ කෙරෙන ඉරියව්ව මගින් පොලීසිය රෝල් මොඞ්ල් කෙනෙක් ලෙස දැක්වෙන්නේද යන්න සහ එය එසේ නම් සමාජයේ හැම කෙනෙක්ම එම උදාහරණය අනුගමනය කරමින් පාලක පක්ෂයේ දේශපාලනඥයෙක් යැයි කියා ගන්නා ඕනෑම අයෙකු ඉදිරියේ දණින් වැටේවිද යන්නයි. පොලීසියේ මෙම දාස භාවය, සමස්ත ජනතාවගේ දාස භාවය පිළිබඳ හුදු විදහාදැක්වීමක්ද?

මේ දිනවල හොඳින් ස්ථාවර වී සිටින මාධ්‍යයන්ට වඩා වැරෙන් හඬ නැගූ අවංක කාටුන් ශිල්පියෙකු හට අපි ආචාර කළ යුත්තෙමු. එවැනි කි‍්‍රයාවකට ගරුකිරීමක් වශයෙන් කළ හැකි එක් දෙයක් වන්නේ මේ කාටුනය සෑම මේසයක් ඉදිරියේම තබාගෙන ශ‍්‍රී ලංකාව අද කුමක් බවට පත්වී ඇත්දැයි අප විසින් අපටම සිහිකැඳවා ගැනීමයි.

(ඡුායාරූපය සහ කාටුනය ඬේලි මිරර් පුවත්පතේ අනුග‍්‍රහය මත පළ කරන ලදී)

 COLOMBO_TELEGRAPH