වදහින්සාවට පාත්‍ර වූ වින්දිතයා බල ගැන්වීම.















හර්ෂි සි. පෙරේරා


දිනපතා ජනසංසදයට විවිද අසාදාරනයන්ට ලක්වූ පුද්ගලයින් පැමිණේ. ඒ අතරින් බහුතරය වදහිංසා පැමිණවීම්, බොරු නඩු දැමීම, නීතිවිරෝදී අත්අඩංගුවට ගැනීම සහ නීතිවිරෝදී රදවා ගැනීම සම්බන්දයෙනි. ජනසංසදය ඔවුන්ට අදාල ආයතන වලට පැමිණිලි සකස් කර දීමට උදවු වේ. ඒ අතරින් බහුතරයක් පැමිණිලි යොමු වන්නේ පොලිස්පතිට සහ මානව හිමිකම් කොමිසමටයි. මේ ආකාරයට යුක්තිය ලබා ගැනීමට වින්දිතයා සම්බන්දයෙන් මැදිහත්වීම සහ බලගැන්වීම සිදුවේ. මෙම වින්දිතයින් අතරින් සමහරක් දෙනෙක් අප ප්‍රකාශන තෙරපිය සදහා තෝරා ගනිමු. 

මෙම වින්දිතයින් සිදුවූ අසාදාරනය නිසා පිඩාවට පත්ව සිටිති. අදයිරයට පත්ව සිටි. ඔවුන්ට එදිනෙදා වැඩ කටයුතු කර ගැනීම අපහසුය. සමාජ සබදතා පවත්වා ගෙන යාම දුෂ්කරය. නැවත නැවත පිඩාවට පත් සිදුවීම මතක් වීම, නින්ද නොයාම, දුක, විෂාදය, කම්පනය මෙම වින්දිතයින් තුලින් දැක ගත හැක. මෙම මානසික තත්වයෙන් ඔවුන්ව මුදවා ගැනීමට ප්‍රකාශන තෙරපිය සිදු කරනු ලැබේ.

ප්‍රකාශන තෙරපිය සිදු කිරීමට විශේෂ පුහුණුවක් ලැබූ මානව හිමිකම් ක්රියාදරයින් ජනසන්සදයේ සිටිති. ප්‍රකාශන තෙරපිය සැසිවාර සතරකින් පැවැත්වේ. පළමු සැසිවාරයේදී ප්‍රශ්නාවලියේ එක හා දෙක කොටස් සම්පුර්ණ කිරීම වින්දිතයාගෙන් කතාව අසා ලියා ගැනීම සිදු කෙරේ. දෙවන සැසිවාරයේදී එම ලියා ගත් කතාව වින්දිතයාට කියවා දි වැරදි හරිගස්විම සහ ප්‍රශ්නාවලියේ තුන්වන කොටස සම්පුර්ණ කිරීමද සිදු කරනු ලැබේ. තෙවන සැසිවාරය ප්‍රකාශන කියවීමේ උත්සවයයි. මෙය දෙවන සැසිවාරයෙන් සති දෙක තුනකට පසුව පැවැත්වේ. මෙයට මානව හිමිකම් ක්රියදරයින් විශේෂ ආරදිතයින් ඇතුළු වින්දිතයාගේ පවුලේ උදවිය සහබාගි වේ. මෙහිදී ලස්සන පොතකට සකස් කෙරුණු වින්දිතයාගේ කතවා කියවනු ලැබේ. ඉන් අනතුරුව පොත සහ සම්මාන වින්දිතයින්ට පිළිගැන්වීම සිදු කෙරේ. අවසාන සැසිවාරය තෙවන සැසිවාරයෙන් මසකට පසුව පවත්වන අතර එහිදී ප්‍රශ්නාවලියේ අවසාන කොටස සම්පුර්ණ කෙරේ. එයින් ප්‍රකාශන තෙරපි වැඩසටහන සම්පුර්ණ වේ. 

වින්දිතයින් ප්‍රකාශන තෙරපි වැඩසටහනේ එක් අංගයක් වූ ප්‍රසිද්ද උත්සවය ගැන බෙහෙවින් සතුටට පත් වෙති. අපි ඔවුන්ගේ අදහස් කවරේද යන්න සලකා බලමු.

20 හැවිරිදි රුමේෂ් පද්ම කුමාර පිළියන්දල පොලිසියේ අමානුෂික වදහින්සාවට පාත්‍ර විය. ඔහු කිවේ උත්සවය ගොඩක් හොදයි. කිසිදු අඩුපාඩුවක් නොමැති පොතද ගොඩක් හොද බවයි.

38 හැවිරිදි අතුලව මිල්ලනිය පොලිසිය විසින් අමානුෂික ලෙස වදහින්සාවට පාත්‍ර කරනු ලැබිය. ඔහු ලස්සනට සැදු පොත ගැන සතුටට පත්විය. ඔහු එය ප්‍රසිද්ද කිරීමටද කැමතිය. ඔහු කිවේ තමාගේ කතාව ඇතුලත් පොත කියවන විට ඔහුට දුකක් දැනුනු බවයි. ඔහු වැඩි දුරටත් කිවේ උත්සවය ගැන බෙහෙවින් සතුටු වූ බවයි. 

26 හැවිරිදි උපාලි අමරසෙනව සහ 30 හැවිරිදි සම්පත් සුරංගව මිගලෑව පොලිසිය විසින් වදහින්සාවට පාත්‍ර කරන ලදී. ඔවුන් කිවේ තමන් ජනසන්සදයේ වැඩපිළිවෙල ගැන සතුටට පත්වන බවකි. ඔවුන් පොත සැකසීමට සහ උත්සවය පැවැත්වීමට ජනසන්සදයේ දායකත්වය බෙහෙවින් අගය කරන ලදී. 

ප්‍රකාශන තෙරපි වැඩසටහනින් පසු වින්දිතයින් ශක්තිමත් වේ. බල ගැන්වේ. සතුටට පත්වේ.