රාජ්‍ය අය වැය මත බර පටවන පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන අප කොතෙකුත් කතා කර ඇත. ඒවායේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවාගෙන පාඩු අවම කර ගැනීමට සහ ලාභ ලබන තත්ත්වයට පත්කර ගැනීමට ක්‍රියා කිරීමේ අවශ්‍යතාවද අප දිගින් දිගටම අවධාරණය කර ඇත. එහෙත් රාජ්‍ය ආයතන බොහොමයක් තවමත් අති විශාල පාඩු ලබමින් රාජ්‍ය අයවැය මත යෑපෙමින් සිටී. අය වැය හරහා මේ පාඩු ලබන රාජ්‍ය ආයතනවල බර දරන්නේ අවසානයේ මේ රටේ බදු ගෙවන අතිමහත් බහුතර ජනතාවයි. ඒ නිසා ජනතාව මත පැටවී ඇති මේ බර අඩු කිරීමට මෙන්ම සමස්ත ආර්ථêක ස්ථායිතාව සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව වඩාත් ශක්තිමත්ව පවත්වා ගැනීමටද, පාඩු ලබන රාජ්‍ය ආයතනවල මූල්‍ය ශක්‍යතාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය මෙන්ම තීරණාත්මක කාරණයක්ද වනු ඇත. මේ පසුබිම තුළ මේ ලිපියෙන් අපගේ අවධානය යොමු කරන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳවයි.
පාඩු ලබන රාජ්‍ය ආයතන අතුරින් ද වඩාත් කතා බහට ලක්ව ඇති ආයතන දෙක වන්නේ ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. විදුලි ගාස්තු වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව නිසා විදුලිබල මණ්ඩලය ගැන මේ දිනවල වැඩි අවධානයක් ද යොමුව ඇත. ගිය වසරේ (2012) දීද විදුලිබල මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය තවදුරටත් දුර්වල වී තිබේ. 2011 වසරේදී මණ්ඩලය වාර්තා කළ රු. කෝටි 1930 ක අලාභයට සාපේක්ෂව ගිය වසරේ (2012) දී රු. කෝටි 6120 ක අලාභයක් (විගණනය නොකළ තාවකාලික මූල්‍ය දත්තවලට අනුව) වාර්තා කර ඇත. මේ අනුව විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් අලාභය 2012 වසරේදී රු. කෝටි 4190 ක් දක්වා සියයට 217 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එසේම මේ වසරේ (2013) දී රු. කෝටි 7800 ක් දක්වා මේ පාඩුව තවදුරටත් ඉහළ යනු ඇතැයිද විදුලිබල මණ්ඩලය විසින්ම ඇස්තමේන්තු කරනු ලැබ ඇත. ලංවිම මූල්‍ය අර්බුදය වසර ගණනාවක් තිස්සේ පවතින එකක් වන අතර එය මේ වන විට වඩා උග්‍ර තත්ත්වයට පත්ව ඇති බවද පැහැදිලිය.
ගිය වසරේ (2012) දී ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව විශාල වශයෙන් ඉහළ යැමට හේතු වූ කරුණු ගැන මීළඟට අපි අවධානය යොමු කරමු. තාප විදුලිබල උත්පාදනය ඉහළ යැම සහ තෙල් සංස්ථාව විසින් සපයන දැවි තෙල් මිල ඉහළ දැමීම නිසා විදුලිබල මණ්ඩලයේ 2012 වසරේ දැවි තෙල් වියදම රු. කෝටි 4250 ක් දක්වා සියයට 68.7 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. මේ අනුව මණ්ඩලයට 2012 වසරේදී විදුලි ඒකකයක් නිපදවීම සඳහා රු. 22.13 ක සාමාන්‍ය වියදමක් දරන්නට සිදු වුවද විදුලි ඒකකයක් සඳහා අය කළ සාමාන්‍ය ගාස්තුව රු. 15.65 ක් විය. ඒ අනුව ඒකකයක් සඳහා රු. 6.48 ක අලාභයක් දැරීමට මණ්ඩලයට සිදුව ඇත. පසුගියදා නිකුත් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ (2012) විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් මෙසේ සඳහන් වේ.

''2012 වසර අවසානය වන විට ලංවිම බැංකු මගින් ලබාගත් කෙටිකාලීන ණය සහ ලං.ඛ.නී.සං. සහ ස්වාධීන විදුලි බල නිෂ්පාදකයන් සඳහා සිදු කිරීමට ඇති ගෙවීම්වල එකතුව රුපියල් බිලියන 137 ක් වූ අතර, 2012 වසර අවසානය වන විට පැවැති නොපියවූ දිගු කාලීන වගකීම්වල එකතුව රුපියල් බිලියන 296 ක් විය. ලං. වි. ම. මූල්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා, පෞද්ගලික අංශයෙන් විදුලිබලය මිලට ගැනීම සම්බන්ධ ගිවිසුම් කල්පිරෙන අවස්ථාවන්හිදී එම ගිවිසුම් නැවත සැකසීම, හදිසි ඇනහිටීම් සිදු නොවන පරිදි විදුලිබලාගාර ක්‍රියාත්මක කිරීමට හැකිවන ලෙස වැඩිදියුණු කළ තාක්ෂණය හා උපකරණ භාවිත කිරීම, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණෙන් නවීකරණය කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීමට අදාළ පියවර ගැනීම සහ ඛනිජ තෙල් ගබඩා කර ගැනීමේ වියදම් අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි ගබඩා පහසුකම් ඉදිකිරීම ආදී පියවර සක්‍රීය ලෙස ක්‍රියාත්මක කළ යුතුය.''
2012 වසරේදී ගුවන් සේවා අංශයේ මූල්‍ය ක්‍රියාකාරිත්වයද දුර්වල වූ බව මහ බැංකු වාර්තාව (2012) පෙන්වා දෙයි. ඒ අනුව 2012 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මුළු ආදායම රු. කෝටි 10740 ක් වූ අතර මෙහෙයුම් වියදම රු. කෝටි 12800 ක් විය. මේ අනුව එම ගුවන් සේවය 2012 වසරේදී රු. කෝටි 2050 ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර ඇත. අනෙකුත් ජාත්‍යන්තර ගුවන් සේවාවන්ගෙන් ඇති වන තරඟකාරිත්වය සහ ඉන්ධන මිලෙහි සිදුවූ වැඩිවීම් ගිය වසරේ (2012) ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වය කෙරෙහි අහිතකර ලෙස බලපා තිබේ. මේ අතරම මිහින් ලංකා ගුවන් සේවයේ මෙහෙයුම් අලාභය රු. කෝටි 100 ක් දක්වා සියයට 119.6 කින් පමණ සැලකිය යුතු ලෙස වර්ධනයවී තිබීමද විශේෂත්වයකි. 2011 වසරේදී මිහින් ලංකා ගුවන් සේවය වාර්තා කළ අලාභය රු. කෝටි 45.53 කි. මෙවැනි අලාභයන් වාර්තා කළද, පොදුවේ සිවිල් ගුවන් සේවා අංශයේ දත්ත අනුව ගිය වසරේ (2012) දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විසින් පහසුකම් සපයන ලද ගුවන් මගීන් සංඛ්‍යාවේ සියයට 15 ක වර්ධනයක් සිදුව ඇති අතර හසුරුවන ලද මගී ගුවන් යානා සංඛ්‍යාවද 48416 ක් දක්වා සියයට 11 කින් වර්ධනය වී තිබේ.
මහ බැංකුවේ මේ ප්‍රකාශය තුළ ලං. වි. ම මූල්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා, පෞද්ගලික අංශයෙන් විදුලිබලය මිලට ගැනීම සම්බන්ධ ගිවිසුම් නැවත සැකසීමක් කළ යුතු බව පවසන්නේ ඇයි? මේ අනුව පැහැදිලි වන්නේ විදුලි බල මණ්ඩලයේ මූල්‍ය තත්ත්වයට මේ ගිවිසුම් අහිතකර ලෙස බලපා ඇති බවයි. මේ ගිවිසුම් මණ්ඩලයට අවාසිදායක ලෙස අත්සන් කර ඇති බවත්, විදුලිබල මණ්ඩලයේ වියදම් ඉහළ යැමට, මේ තත්ත්වය හේතු වී ඇති බවත් ප්‍රකට කරුණකි. සැබෑ ලෙස විදුලි නිෂ්පාදන වියදම් වැඩිවීමට සාපේක්ෂව විදුලි ගාස්තු වැඩිවීමක් සිදු කළ යුතු වුවද, මහජනතාව වගකිව යුතු නැති ඉහත සඳහන් ගිවිසුම්වල වැරදි නිසා සිදුවන වියදම් ඉහළ යැමේ, බරත් දැරීමට සිදුව ඇත්තේ අසරණ විදුලි පාරිභෝගිකයන්ටම ය. ඒ නිසා විදුලි ගාස්තු වැඩි කිරීමේදී මේ ගැනද සැලකිය යුතු අතර, විදුලි පාරිභෝගිකයන් මත අසාධාරණ ලෙස බර පටවන ඉහත ගිවිසුම් ද ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙන් නිර්දේශ කර ඇති පරිදිම සංශෝධනය ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි.
ඛනිජ තෙල් සංස්ථාවේ ප්රශ්නය වූ කලී, විදුලිබල මණ්ඩලයේ ප්රශ්නය සමග ද එකිනෙකට ගැට ගැසී ඇති එකකි. එයට හේතුව විදුලිබල නිෂ්පාදනයට අවශ්‍ය දැවි තෙල් තෙල් සංස්ථාව විසින් සහන මිලට විදුලිබල මණ්ඩලයට සැපයීමයි. ලෝක තෙල් මිල ගණන් වැඩිවීමේදී විදුලිබල මණ්ඩලයට සපයන තෙල් මිල ගණන් වැඩි කිරීමටද තෙල් සංස්ථාවට සිදුවේ.
තෙල් සංස්ථාව මගින් ආනයනය කරන ලද බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල, 2011 වසරේදී පැවැති ඇමරිකානු ඩොලර් 109 සිට 2012 වසරේදී ඇමරිකානු ඩොලර් 114 ක් දක්වා සියයට 5 කින් ඉහළ ගොස් තිබේ. මේ නිසා තෙල් සංස්ථාවේ මුළු තෙල් ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 4.9 ක් දක්වා සියයට 4.9 කින් ඉහළ ගොස් ඇත. මහ බැංකු වාර්තාව පෙන්වා දෙන පරිදි රටේ මුළු ආනයන පිරිවැයෙන් සියයට 26 ක් තෙල් ආනයන වියදම් ය. 2012 වසරේදී තෙල් සංස්ථාව වාර්තා කර ඇති මෙහෙයුම් අලාභය රු. කෝටි 8970 කි. විදුලි බල මණ්ඩලයට හා පෞද්ගලික විදුලිබල නිෂ්පාදකයන්ට ඉහළ සහනාධාර මිලක් යටතේ දැවිතෙල් සැපයීම, රුපියල අවප්‍රමාණය වීම සහ බොරතෙල් ගෙන්වන රට වෙනස් කිරීමට සිදුවීම යනාදී කරුණු තෙල් සංස්ථාවේ පාඩුවට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබේ. තෙල් සංස්ථාවේ අහිතකර මූල්‍ය තත්ත්වය නිසා සංස්ථාව විසින් 2012 වසරේදී ලබාගත් ශුද්ධ ණය ප්‍රමාණය ද රු. කොටි 5370 කින් ඉහළ ගොස් ඇත.
තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලය යන මේ ආයතන දෙකේ අහිතකර මූල්‍ය තත්ත්වය රටේ බැංකු ක්ෂේත්රයටද අහිතකර ලෙස බලපා තිබේ. ඒ අනුව රටේ බැංකු ක්ෂේත්රය මත විශාල අහිතකර බලපෑමක් ඇති කරමින් තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලය විසින් රාජ්‍ය බැංකු ඇතුළු බැංකු ක්ෂේත්රයෙන් ලබා ගන්නා ලද ණය ප්‍රමාණය, 2011 වසරේÊඅගදී පැවැති රු. කෝටි 16060 සිට 2012 වසරේ අගදී රු. කෝටි 24,500 ක් දක්වා සියයට 52.6 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. දැනට පවතින බලශක්ති ප්රශ්නය හමුවේ, බලශක්ති සංරක්ෂණය වෙනුවෙන් රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබුණත් කෙටිකාලීනව ශ්‍රී ලංකාව ඛනිජ තෙල් මිලෙහි ඇතිවන කම්පන තුළින් අවධානමකට ලක්වීමේ හැකියාව තවදුරටත් පවතින බව මහ බැංකුව ප්‍රකාශ කරයි.
තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලයට අමතරව තැපැල් දෙපාර්තමේන්තුව රු. කෝටි 500 ක් ද, ශ්‍රී ලංගමය රු. කෝටි 380 ක් ද ශ්‍රී ලංකා දුම්රිය සේවය රු. කෝටි 379 ක් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය රු. කෝටි 2050 ක් ද වශයෙන් 2012 වසරේදී මෙහෙයුම් අලාභ වාර්තා කර ඇතිs බව මහ බැංකු වාර්තාවේ (2012) සඳහන්ය. මිහින් ලංකා ගුවන් සේවය වාර්තා කළ අලාභය 2011 වසරේ පැවැති රු. කෝටි 45.53 සිට 2012 වසරේදී රු. කෝටි 100 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. මෙවැනි රාජ්‍ය ආයතන පාඩු ලබන විට ඒවායේ බර දරන්නේ කවුද? එම පාඩුq පියවීම සඳහා මහ භාණ්ඩාගාරයේ (අයවැයේ) සහාය ලබා දෙන විට සිදු වන්නේ රටේ අතිමහත් බහුතර බදු ගෙවන ජනතාව මත ඒ බර පැටවීමයි. මේ ආයතන පාඩු ලබන්නේ ජනතාවට අත්‍යවශ්‍ය සේවා සහන මිලට සැපයීම නිසා පමණක් ම නොවේ. වංචා, දූෂණ හා අක්‍රමිකතා සහ වැරැදි තීරණ ද එම තත්ත්වයන්ට අඩුවැඩි වශයෙන් හේතු වී ඇති බව පැහැදිලි කරුණකි. ඒ නිසා ගාස්තු වැඩි කිරීම් හරහා මේ සියලු බර ජනතාව මත පැටවීම ඉතා අසාධාරණ තත්ත්වයකි.
මහ බැංකු වාර්තා මෙන්ම කෝප් වාර්තා නිකුත් වන හැමවිටම පාහේ, රාජ්‍ය ආයතනයන් පාඩු ලැබීම පිළිබඳව මෙන්ම ඒවායේ වංචා හා දූෂණ පිළිබඳව අප ඕනෑ තරම් සාකච්ඡා කර ඇත. එහෙත් ඒ තත්ත්වයන් නිවැරැදි කිරීම සඳහා ඵලදායී යමක් සිදුව තිබේද යන ප්රශ්නය අපට දිගින් දිගටම මතු වන්නේ, එකී ආයතන දිගින් දිගටම පාඩු ලබමින් තිබෙන නිසාය. එසේම රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ පිළිබඳව ද නිරන්තරයෙන්ම අපට අසන්නට ද ලැබෙන නිසාය. ඒ නිසා මෙම පාඩු ලබන ආයතනවල මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වන අතර, රටට ආර්ථික හා සමාජ ප්රතිලාභ උපරිම ලෙස අත්කර ගැනීම සඳහා යටිතල පහසුකම්වල වර්ධනයට අතිරේකව ඵලදායී ආයතන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ද අවශ්‍ය බවට මහ බැංකුව නිර්දේශ කරයි. මේ ආයතනවල මුල්‍යමය ශක්‍යතාව සඳහා ආයතනික වැඩිදියුණු කිරීම් නොමැතිවීම සමස්ත ආර්ථිකයේ තිරසාරභාවයට තර්ජනයක් එල්ල කරනු ඇති බවටද පසුගියදා නිකුත් වු 2012 මහ බැංකු වාර්තාවෙන් තවදුරටත් අනතුරු අඟවා තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
උපුටාගැනීම දිවයින