හතරවෙනි තට්ටුවේදී – 4

‘‘කෝ තාමත් වාහනයක් නෑනෙ” උප පොලිස් පරීක්ෂක ‘කේ’ මැසිවිලි නගමින් දුරකථනය වෙත ගියේය.

ඒ වනවිටත් රාත‍්‍ර‍්‍රී 9 පසුවී තිබිණි. දුරකථනයෙන් ප‍්‍රවාහන අංශය අමතා අවශ්‍යතාවය පිළිබ`ද දැනුම්දීමක් කර තිබුණද තවමත් ගමනට වාහනයක් නොලැබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාහන විශාල ප‍්‍රමාණයක් තිබුණද ඒවා ලබාගැනීම කිසියම් ක‍්‍රමවේදයකට විය යුතු බව තේරුම් ගත හැකිය. පැයකට ආසන්න කාලයක් විවිධ හේතු මත වාහනයක් සපයා ගන්නට ඔවුන්ට නොහැකි විය. මා කැ`දවාගෙන එන්නට දෙල්ක`ද දක්වා පැමිණි ඩබල් කැබ් රථය ඔවුන්ගේ විමර්ශන කටයුතු ස`දහා යොදවා ගන්නා එකම වාහනය විය. දිගු කාලයක් පාවිච්චි කිරීමෙන් අබලන්වීමට ආසන්න වෙමින් පැවැති එම රථයේ විදුලි පරිපථ දෝෂයක් නිසා ඉදිරිපස ප‍්‍රධාන පහන් සහ සංඥා පහන් දැල්විය නොහැකි තත්වයක් පැවැතිණි. එම දෝෂය පරික්ෂාකරබලා අලූත්වැඩියා කරන්නට දැමුවහොත් ඔවුන්ට දිවා කාලයේත් රාජකාරි ගමන් යන්නට සිදුවන්නේ පොදු ප‍්‍රවාහන සේවයෙන් හෝ කුලී රථයකිනි. එය පොලිසියේ සම්ප‍්‍රදාය නොවනවා මෙන්ම එවැනි දේකට වියදම් ලබාගැනීමද දුෂ්කර බව ඔවුහු මා සමග පැවැසූහ.

වරක් ඉහළ නිලධාරියකුගේ අවශ්‍යතාවයට ලබාගත් රාජකාරි රථය පිළිබ`ද විමසීමක් කරන ලද විට එම වාහනය නැවත පැමිණෙන විට ප‍්‍රමාදවන බවක් දැනගන්නට ලැබිණි. එක් අතකින් මෙසේ රාත‍්‍රියේ මා කැ`දවාගෙන යන්නේ ඇත්ත වශයෙන්ම කාර්යාලය පරික්ෂා කිරීමටද නැතිනම් වෙනයම් අරමුණකින්දැයි සැකයක් මගේ මනසේ හොල්මන් කරමින් තිබිණි.
‘‘දැන් මේ වෙලාවට ඔෆිස් එකක් සර්ච් කරන්න යන එක අවුලක්නෙ?’’ මම දිගින් දිගටම රාත‍්‍රියේ පිටත්ව යන ගමන පිළිබ`ද විරෝධය පළ කළෙමි.
‘‘කිසිම අවුලක් නෑ. අපට අපේ ඉන්වෙස්ටිගේෂන්
එක පුළුවන් තරම් ඉක්මනින් ඉවර කරන්න වෙනවා. ? දවල් කියලා බල බලා හිටියොත් කෝච්චිය ගියාට පස්සෙනෙ ගේට්ටුව වහන්න වෙන්නෙ’’ පොලිස් නිලධාරියකුගේ සැබෑ ස්වරූපය දක්වමින් විමර්ශන නිලධාරියකු මට පිළිතුරු දුන්නේ මා කටින් ගසා නිහ`ඩ කරන අදහසිනි.
‘‘මොකක්ද ඔය තරම් හදිසිය… මේක ටෙරරිස්ට් හයිඩවුට් (ත‍්‍රස්තවාදින්ගෙ රහසිගත ස්ථානයක්* එකක් නෙවෙයි. පත්තර කන්තෝරුවක්’’ මම කෝපයෙන් පැවැසීමි.
‘‘මිස්ටර් චන්දන, ඔයා දැන් ඉන්නෙ අපේ භාරයේ. අපි ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්නෙ. ඒකට උදව් කළොත් ඉක්මණට ගෙදර යන්න පුළුවන්. නැත්නම් ඔයාටමයි නිකරුණේ කූඩුවෙ ඉන්න වෙන්නෙ.’’ උප පොලිස් පරීක්ෂකවරයෙක් මා අමතමින් එසේ කියද්දී මගේ ඉවසීම සීමාව පැන්නේය.
‘‘ඔයාල භාරයේ හිටියට මම වැරදිකාරයෙක් නෙවෙයි. ඒත් ඔයාලට අවශ්‍ය නම් ඕනැ තැනක් සර්ච් කරන්න. ඒත් අපේ ජීඑම්ට කියලා හෙට උදේම වුණත් යන්න පුළුවන්. මහ ? ගියා කියලා අමුතු දෙයක් වෙන්නෙ නෑ. එතැන කවුරුවත් හිටියෙ නැත්නම් නිකං රස්තියාදුව විතරයි.’’
‘‘ඔයා මේක තේරුම් ගන්න චන්දන. අපිට ඉහළින් ඉන්න මිනිස්සු කියන්නෙ දැන් මේක කරන්න. අද අරක කරන්න. අදම ඇරෙස්ට් කරන්න. හෙට වෙනකොට මට රිපෝට් එකක් දෙන්න වගේ දේවල්. ඔයාව ඇරෙස්ට් කරලා තියෙන්නෙ හදිසි නීතිය යටතේ.’’ නිලධාරියෙක් මට කරුණු පැහැදිලි කරන්නට උත්සාහ කළේ වාහනයක් ගැන තවමත් නිශ්චිත නැතිව තිබියදීය.
‘‘ඒක තමයි මමත් කියන්නෙ. කවුරු වුණත් මාව ඇරෙස්ට් කරන්න කියපු මිනිහා හදන්නෙ තමන්ගෙ වැරදි පෙන්වන, වංචා ¥ෂණ හෙළිදරව් කරන පත්තරකාරයො ත‍්‍රස්තවාදී චෝදනාවලට යටකරන්න. ඒකයි මට ඞී ඕ එකක් ගහලා තියෙන්නෙ. පත්තරකාරයන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කරන්න නීති තියෙනවා. ත‍්‍රස්තවාදය මර්දනය කරන්න ගෙනා නීති යොදාගන්න
කියන එකයි වරද’’ මගේ කරුණු පැහැදිලි කිරීම ඔවුන් අසා සිටියේ නොඉවසිලිමත් අභිනයන් දක්වමිනි.
‘‘ඔයා ත‍්‍රස්තවාදියෙක් නෙවෙයි කියලා අපිට තේරෙනවා. ඒ වුණත් අපට තියෙන්නෙ හදිසි නීති රෙගුලාසි යටතෙ චෝදනා ලබපු කෙනෙක් හැටියට ඔයාට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරන්න අදාළ සාක්ෂි එකතු කරන්නයි. මේක ඒ මට්ටමෙන් කෙරෙන ඉන්වෙස්ටිගේෂන් එකක්’’
‘‘ඉතින් මේකනෙ වැඬේ. මම ත‍්‍රස්තවාදය අවසන් කළ යුතුයි කියන ස්ථාවරය ඇතිව ඒ බව අනෙක් අයට වටහලා දෙන්න යමක්කමක් තේරෙන කාලෙ ඉ`දලම වැඩකළා. 2002 අවුරුද්දෙ රනිල් වික‍්‍රමසිංහලා බොරු සාම ගිවිසුමක් ගැහුවට පස්සෙ අපේ පත්තරේ පටන් ගත්තෙම නෝර්වේ මැදිහත්වීමෙන් බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පෝෂණය කරන එකට විරෝධය පළකරන්නයි. ඒ වෙනුවට ජාතික සමගිය ඇතිකිරීම අරමුණු කරගෙන අපි ලිව්වෙ. අවුරුදු අටක් පත්තරේ වැඩ කරද්දි ඒ මතය වෙනුවෙන් අපි පෙනී හිටියෙ, දැන් ඔය ර`ගපාන දේශපේ‍්‍රමී කාඞ්බෝඞ් වීරයො වලිගෙ කකුල් දෙක අස්සෙ ගහගෙන ඉන්නකොට.’’ මගේ ප‍්‍රතිචාරය දේශනයක ස්වරූපයෙන් උස්හ`ඩින් යුතු වූ අතර ඒ බව වටහා ගන්නාවිට මා සියල්ල කියා අවසන්ය. ආවේගයෙන් පිටවූ ඒ වචනවල කෝපයකට වඩා තිබුණේ අවඥාවයි.
එහෙත් ඔවුහු මගේ කෝපය වටහා ගෙන නිහ`ඩ වූහ. වාදය අවසන් වුවත් ඔවුන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉදිරි කටයුතු කෙරෙමින් තිබිණි. වාහනය සූදානම් බව දැනුම්දෙන ලද බැවින් ඔවුහු මා කැ`දවාගෙන පිටත් වූහ.